- ෆොන්සේකා අණින් අර්ජුන ගුවන් යානයෙන් බස්සවයි.
ජනාධිපති ධූර අපෙක්ෂක සරත් ෆොන්සේකාගේ අවසන් ප්රචාරක රැළියක් අද ගාල්ල ප්රදේශයේ පැවැත්වීමට නියමිතව ඇත. කොළඹ සිට මෙම රැළියට පිත්වීම සඳහා ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 වර්ගයේ ගුවන් යානයක් රජය මඟින් ලබා දී තිබුණු අතර අද පෙරවරුවේ එහි ඉඩකඩ ප්රශ්ණයක් මත පාර්ලිමේන්තු මන්ත්රී අර්ජුන රණතුංග රත්මලාන ගුවන් හමුදා කඳවුරු පරිශ්රයේ බස්සවා ගොස් ඇතැයි වාර්තා වේ.
සිද්ධිය අප වෙත වාර්තා වන්නේ මෙසේය.
ගාල්ල රැළියට සහභාගී වීමට රනිල් වික්රමසිංහ, මංගල සමරවීර, තිස්ස අත්තනායක, මංගල සමරවීර, අර්ජුන රණතුංග ඇතුළු විපක්ෂයේ නියෝජිතයන් වේලාසනම යානයට ඇතුළු වී ආසන වෙන් කරගෙන ඇත. රනිල් වික්රමසිංහ තම ආසනය ලඟ හිස්ව තබාගෙන ඇත්තේ ගමනේ තම පහසුව සලකාය. අවසානයේ ෆොන්සේකාද පැමිණ රනිල්ගේ හිස්ව තබාගෙන යන ආසනය දැක තමන් අසල ආසනයද හිස්ව තබා ගෙන යන්නට කල්පනා කර ඇත.
අනතුරුව තම ප්රධාන ආරක්ෂක නිළධාරියාගෙන් යානයේ හිස්ව ඇති ආසන ප්රමාණය ගැන විමසා ඇත. නිළධාරියා එහිදී කිසිදු ආසනයක් හිස්ව නොමැති බව දන්වා ඇත.
කෝපයට පත්ව ඇති ෆොන්සේකා ගුවන් යානයේ අසුන්ගෙන සිටින අයෙකු හෝ බස්සවා තමන් අසල ආසනය හිස්ව තබන ලෙස ආරක්ෂක නිළධාරියාට දැනුම් දී ඇත. ගුවන් යානයෙන් බස්සවන්නට වෙනත් කිසිවෙකු නොවූ බැවින් ෆොන්සේකාගේ ආරක්ෂක නිළධාරියෙකු ඉවත් කරන්නදැයි ඔහු විමසා ඇත.
තමන්ගේ කිසිදු ආරක්ෂකයෙකු ඉවත් නොකරන්නැයි ෆොන්සේකා එහිදී දැඩි ලෙස පවසා ගුවන් යානයේ සිටින අයගේ නම් ලයිස්තුව ගෙන පරීක්ෂා කර ඇත. මෙහිදී අර්ජුණගේ නම පෙන්වා ‘‘මූ මොකටද මෙකේ ගෙනියන්නෙ. ගියත් කතා කරන්නෙ විනාඩි තුනයි. මූ මෙතිතන් බස්සන්න’’ යනුවෙන් පවසා ඇත.
ෆොන්සේකාගේ අණ පිරිදි අර්ජුනව ගුවන් යානයෙන් බස්සවා ඇති අතර මේ වන විට සිද්ධියෙන් කළකිරීමට පත් අර්ජුන ගාලූ යන ගමන නවතා දමා