රනිල් පුරුදු ජොබ් එක යළි පටන් ගනී කේලම් කියන්න පිල්ලේ ළඟට ජයලත් ජයවර්ධන යවයි
ශ්‍රී ලංකාවට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස විපක්‍ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් නවනේතන් පිල්ලේගෙන් ඉල්ලීමක් කරයි.
මේ ගැන සඳහන් කොට වික්‍රමසිංහ මහතා පිල්ලේ මහත්මියට ලිපියක් යවා ඇත.
ශ්‍රී ලංකාව ගැන ජාත්‍යන්තරයට ගතු කීම සඳහා අවස්ථාවක් ලබාගැනීම සඳහා මෙම ලිපිය ලියා ඇත.
මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා ජිනීවා වෙත යවන බවත්, ඒ සඳහා ජයවර්ධන මහතාට අවස්ථාවක් ලබා දෙන ලෙසත් වික්‍රමසිංහ මහතා පිල්ලේ මහත්මියගෙන් ඉල්ලා සිටී.
සහන ගම්මානවල සිටින පිරිස ඛේදජනක තත්ත්වයකට මුහුණදී ඇති බව වික්‍රමසිංහ සිය නියෝජිතයා හරහා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බව සිය ලිපියෙන් දන්වා තිබේ.
එමෙන්ම වර්තමානයේ මාධ්‍ය මර්දනයක් හා බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීමක් සිදුවන බවටත්, නීති විරෝධී ඝාතන සිදුවන බවටත්, ඔහු මානව හිමිකම් කොමිසමට ඔහු කරුණු දැක්වීමට යයි.
එම කරුණු පැහැදිලි කිරීම සඳහා ජයලත් ජයවර්ධන මහතාට අවස්ථාවක් ලබා දෙන ලෙස විපක්‍ෂනායකවරයා පිල්ලේ මහත්මියගෙන් ඉල්ලීමක් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ප්‍රධානී නවනේතන් පිල්ලේ මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක වන අවස්ථාවේදී ශශ්‍රී ලංකාවට පැමිණ අප මව්බිම පිළිබඳ වැරදි මත ජාත්‍යන්තරයට ගෙන ගිය එක් පුද්ගලයෙකි.