Ranmihitenna | රන්මිණිතැන්න
මහින්ද රාජපක්ෂ ජනදිපතිතුමා විසින් සිය දෑතින් විවෘත කරන ලද මහින්ද රාජපක්ෂ සිනමා උද්‍යානය හෙවත් රන්මිනිතැන්න සිනමා ගම්මානයට පොඩි රවුමක් දාලා බලන්න හිතුනා ඉතින් කලින් ගියපු අය එහෙම ඇති මෙතනට.ගිය නොගිය හැමෝගෙම දැනගැනීම පිණිසයි ඉතින් දාන්නෙ මේක
මොකද්ද ඇත්තට මේ රන්මිනිතැන්න කියන්නෙ
රන්මිනිතැන්න සිනමා ගම්මනය යනු අපේ චිත්‍රපට,ටෙලි නාට්‍ය,වෙළද දැන්වීම් සහ වර්තමානයේ සංගීත රූප රචනා ආදියට යොදාගත හැකි කෘතිමව සැකසු ලොකේශන් හෙවත් පසුබිමකි.මෙමගින් අපේ කලා නිර්මාණවලට නව අගයක් සහ නිර්මාණ බිහිකිරීමේදී වඩාත් පහසුවක් වෙනදාට වඩා හිමිවේ.එමෙන්ම මෙහි නිර්මාණයක් රූපගත කිරීමේදි බොහෝ පහසුකම් මෙන්ම අඩු පිරිවැයක් පමණක් දැරීමට සිදුවේ.එම නිසා මෙවැනි දෙයක් කලා ක්ෂේක්ත්‍රයේ පැවැත්මට ඉවහල් වෙයි.
ලංකාව පුරා ඇති විශේෂයෙන් කොළඹ නගරාශ්‍රිතව දක්නට ඇති පැරණි ගෘහනිර්මාණ ආදිය මෙහි එලෙසම නිවැරදි කලාත්මක නිමාවෙන් බිහිකර ඇත.ඉන්දියාවේ විශාල හා ශක්තිමත් සිනමා කලාවක් තිබුනද මෙවැනි දෙයක් ඔවුන්ගේ රටේ පවා දක්නට නොමැත
එමෙන්ම මෙහි අතිනවීණ චිත්‍රපට නිෂ්පාදනය සදහා අවශ්‍ය තාක්ෂණික සේවාද අඩු පිරිවැයකට ලබා ගත හැක.සංස්කරණ මැදිරි ප්‍රයෝගික සංයෝග යෙදවීමේ මැදිරි,සහ අති නවීණ විදුලි අලෝක කරණ පද්දති වලින් සමන්විතය.
රන්මිනිතැන්න සිනමා ගම්මනයේ තවත් සේයාරු ටිකක්
ගම්බද දර්ශන නිර්මාණය කර ඇති විදිය මෙන්න
තවද දර්ශනතල නිර්මාපකයාට අවශ්‍යලෙස නිර්මාණය කරගැනීමටද හැකි පරිදි විශාල චිත්රාගාරවලින් සපිරි සුපිරි පහසුකම් වලින්ද සම්පූර්ණ වූ සිනමා ගම්මානයක් ලෙස කිව හැකිය.
මේ වන විට බොහෝ චිත්‍රපට මෙන්ම වෙළද දැන්වීම් නිර්මාණයට පවා රන්මිනිතැන්න සිනමා ගම්මානය යොදා ගනී.එමෙන්ම මෙය නැරඹීමට පාසල් දරු දැරියන් මෙන්ම සංචාරකයින්ද බොහෝ ලෙස පැමිනේ.
මෙය අපේ රටට ලද සම්පතකි මෙවන් දේවල් මෙන්ම ප්‍රතිපත්තිමය යම් පිලිවෙලක් සැකසුනහොත් අපේ සිනාමා නිෂ්පාදන ජාත්‍යන්තරයට පවා අභියෝගකර හැකි නිර්මාණ බිහිකරගත හැක
මෙවන් දේ රැකගැනීමේ එය නරඹන්නට යන හෝ එය නිෂ්පාදන කටයුතු වලට යොදා ගන්න ඔබට බාරය
____________________________________

පින්තූර උපුටා ගැන්ම