හලෝ මස්සින කොහොමද ඉතින්? උඹව දැක්කෙත් සැහෙන කාලෙකින් මචන්,
මමනම් ඉතින් පෙරසේම ඉන්නවා, උම්බලනම් ඉතින් අපිටත් හොරෙන් කසාද එහෙම බැඳලා, මොකෝ අපිට නොකීවේ ප්ලේට් එකක ගැන ඉතුරු කරගන්නද? මොනවා උනත් වැඩේ කැතයි මචන්, මම අහිතන් හිඉටියේ අද උඹට බෙස්ට්ම ප්‍රයිස් දාල මල් ටික දෙන්නම් කියල, අඩෝ උඹ මේ කරපු නස්කූනි වැඩේට උඹට රීටෙල් වලටත් වැඩිය ගානට දෙන්නේ හිටපන්කෝ.
අනේ...අනේ... නෑ බන් මේ දිලිනිට පිස්සුනේ, අපි තවම මැරී කලේ නෑ,
අනේ එකෙන් මේකෙන් අඳුන්නල දෙන්නත් බැරි උන මචන්, මේ තමයි දිලිනි,
දිලිනි මේ නුවන්.
හෙලෝ කොහොමද නංගි?
ගොඩක් හොඳින් අයියේ, ඔයාට කොහොමද? මන් පොඩි විහිළුවක් කලේ තරහ වෙන්න එපා හොඳේ....
අයියෝඕ එකට කමක් නෑ නැඟී...
ඉතින් මචන් කියපන්කො මොනවද උඹලට මගෙන් වෙන්න ඕනේ? අක්කගේ වේඩින් එකේ මොකද මචන් තියන තීම් එක? මොන වගේ කලර්ස්ද ඕනේ?
මචන් ගොඩක්ම තියෙන්නේ දම් පාට සහ කහ පාට බ්ලෙන්ඩ් වෙලා, උඹ ඉතින් අපිට වඩා හොඳට සිද්දිය දනන්වනේ උඹ බලල කියපන් අවුලක් නෑ ...
එල මචන් පට්ට කලර්ස් දෙකක්, නියමෙටම දෙන්නම් මල් ටික, ගොඩක් මචන් ඔර්කිඩ් තමයි ඔය කලර්ස් වලින් ගන්න පුළුවන්. උඹට දෙකරේෂන් එක කරගන්න කට්ටිය ඉනන්වද? නැත්නම් මම අපෙන් එකෙක් දෙන්නද?
අනේ එහෙමනම් ලොකු දෙයක් මචන්, මන් හිතන් හිටියේ මම වැඩේට බහින්නම් කියල, එහෙම කෙනෙක් ලැබෙනවානම් මාරම දෙයක් බන් මොකද ඔක්කොම වැඩ කරන්නේ මමයි දිලිනියි.
අයියෝඕ පිස්සුද බන් එකේ දෙයක් නෑ, උඹ ඉතින් කොහොමත් මල් වැඩ වලට දසයනේ,
වැරදුන මන් කීවේ දස්සයනේ,
මම කොල්ලෝ දෙන්නෙක් දෙන්නම් මචන් උන් ගානට වැඩේ බලල කරයි, උඹ පොඩ්ඩක් බලපන්, මොකද උඹට හොඳ චොයිස් එකක් තියනවනේ ඉතින්.
අඩෝ...අඩෝ... උඹ මොකද නිකන් එහෙම කියල කෙල්ල දිහා බලන්නේ? මගේ කොඉ චොයිස් එක අවුල් උනත් මේ චොයිස් එක ගින්දර වගේ හරිද,
එක නෙවේ බන් කොහොමද ආර්ට් වර්ක් එක කරන උන් දෙන්නගේ චාර්ජස් එහෙම?
පිස්සුද බන්, උඹ නිකන් මේ ප්‍රොෆෙෂනල් ටෝක් නොදී හිටපන්, උඹෙන් සල්ලි ගන්න පුලුවන්ද බන් මට ඔය වගේ වැඩ වලට?
එහෙම හරි නෑනේ බන් ඉතින්, මොකද උබත් මේවා කෑම දිරවන්ද කරන දේවල් නෙවේනේ,
හරි හරි උඹ ඒවා ගැන හිතන්න එපා. ... ඉතින් මචන් කාලෙකින්නේ ආවේ ලන්ච් එකත් අරගෙනම යමු නේද? මම අපේ ගෙදර රෙඩි කරන්නම්. උඹල පොඩ්ඩක් වටේ ඇවිදලා වරෙන්.