Re Tharuwak Wee Mage Loke

praveenKF

Well-known member
  • Jul 4, 2007
    3,145
    682
    113
    Moratuwa
    adooo mama hithuwa kathawa dn iwaravela ati kiyala...
    masa 3,4rakata passe mama awe.. baladdi thama iwaravela naha ne....
    ela ela machan... dn iwara wenna lagaida???
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    දැන් මාසයක් තිස්සේ මේ doubla නුවර එළියේද ???? හොදට හිටි :angry::angry::angry:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අපි කොහෙටද බබා යන්නේ දැන්?
    මටත් හිතාගන්න බෑ දිල් අපිට වැඩි වෙලාවකුත් නෑනේ, අපි මිල්කෝ එකත් බලාගෙන වල්ඩ්ස් එන්ඩ් පැත්තට ගිහින් එමු, හැබැයි ඉතින් හෝර්ටන් ප්ලේස් වල ඇවිදින්න යන්න වෙලාව ඇතිවෙයිද මන්ද.

    කමක් නෑ සමී අපි බලමුකෝ, රෑ උන කියල මමනම් බය නෑ ඔයා මගේ ළඟ ඉන්නවනේ,

    අනේ ඔව් ඉතින් මට තියන බයත් එකම තමයි, මොකද කළුවර වෙද්දී මොකෙන් මොකක් වෙයිද කියල දන්නේ නෑනේ, මොකද මන් ළඟ ඉන්න කෙල්ල එච්චර හැදියාවක් තියන එකියක් නෙවේනේ,

    අනේ ඔව් මම කියන්නේ නෑ ඉතින් අනිත් එක්කෙනාගේ හැටි, උපරිම සුදුසුකම නාඩි වැටීම පමනයිනේ.

    චිකේ චිකේ මේ මොන නව නින්ගිරාවක්ද මේ? යකෝ මූණ බලාගෙන ඔහොම කතා කියනවද මම අහනේ? ඊට හපන් හැදිච්ච ගෑනු ළමයෙක් කතා කරන විදියද මේ ආ?

    නෑ අද මම ඔයත් එක්ක ආව ලැජ්ජාවයි බයයි දෙකම ගෙදර තියල. අද මම ඕන දෙකට එවරෙඩි.

    මේකිට මේ මොන මදන විසයක් ගහලද? අයි යකෝ මෙච්චර වෙලා හොඳට හිටිය නේද?

    ඔයත් එක්ක ඉඳලම මම වල වෙලා බබා,

    අනේ ඔව් මම වල කොල්ලෙක් කියලද හිතන් ඉන්නේ?
    මේ පැටියෝ අපි කොහෙන්ද ලන්ච් එක කන්නේ?

    ලන්ච් එකට මොනවද දැන් ඔයා කන්න හිතන් ඉන්නේ?

    ලන්ච් එකට අපි ඩිනර් එක කමු නේද? එහෙම හොඳයිනේ?

    අනේ මේ පිස්සෝ පිස්සු කියවන්නේ නැතුව ඉන්නවද? ඔඅත් එක්ක ඉඳල මගෙත් දැන් මොලේ කුරුවල් වෙලා තියෙන්නේ,

    අනේ යන්න බබා යන්න, කුරුවල් වෙනද ඔයාට මන්චාදියක තරම්වත් මොලයක් තිබ්බද?

    ඔව් එකනම් ඇත්ත තමයි මොලයක් තිබ්බනම් ඔයා වගේ පිස්සු කේස් එකක් එක්ක යාලුවෙයිද?

    හරි හරි මම පිස්සනේ ඉතින්,
    ඇත්තටම බබා අපි දෙන්න මරාගන්නේ නැතිවෙලාවක් නෑනේ නේද? මොනවා උනත් එකෙත් පොඩි ගතියක් තියනවා නේද?

    හික් එකනේ බබා හැමවෙලේම ප්‍රේමයෙන් වේලිලා ඇලිල ඉන්නත් හොඳ නෑනේ,
    අනේ පැටියෝ අන්න අතනින් අපි කමුකෝ, ලස්සන තැනක් අනේ, පොඩි දිය ඇල්ලක් වගේ එකකුත් තියනවා,

    මෙතන හොඳයිද බබා, අර උදේ කෑවා වගේ තැනක්, හබි කොහොමද දන්නේ නෑ කෑම, පිරිසිදුනම් හොඳයි.

    අනේ පැටියෝ ඔය ලොකුවට තියන තැන්වලට වඩා මේ වගේ මිනිස්සුන්ගේ කෑමත් රසයි පිරිසිදුකමත් තියනවා. අපි පොඩ්ඩක් බැහැල බලමුකෝ.

    හරි එහෙනම් ඔයා ඔහොම ඉන්නකෝ මම බැහැල බලල එන්නම් මොනවද කන්න තියෙන්නේ කියල.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කැකුළු බත් එක්ක තෝර මාළු මිරිසට උයල පොල් එක්ක, අල කිරට උයල ජපන් බටු කොළ මැල්ලුම් හදල තියනවා, ඔය කන්න කැමතිද බබා?

    වාව් මරුනේ බබා ෂෝක් කියද්දීත් කටට කෙල ඉනුවා, යන යන ඉක්මනට ඇතුලට යමු.

    හෙමින් හෙමින් බබා ඔයාගේ හදිස්සිය දැක්කම ඒ මිනිස්සු වැරදියට හිතයි,

    වැරදියට හිතයි? ඒ මොකද්ද වරද?

    වරදද?.....ම්ම්ම්....වරද තමයි ඔයා ප්‍රෙග්නන්ට් කියල හිතයි කෙල පෙරාගෙන දුවන්න ගියොත්.

    අනේ කීවොත් කියන්න ඔහොම කතාවක් තමයි ඉතින්,
    එත් බබා අද සමහරවිට ඔයාගේ පැටියෙක් මේ බඩට එයි, එකට දෙවියෝ මට උදව් කලොත්, දිලිනි එහෙම හිතුවට වචන වලින් කීවේ නෑ.
    ෂෝක් තැන නේද බබා, කඩේ ඉන්න අක්කත් හරි අහිංසක පාටයි, එයත් එක්ක ඉන්නේ එයාගේ දුව වෙන්න ඇති නේද බබා? එයාල හැබැයි මේ පැත්තේ නෙවේ වගේ,

    අයියෝ කෙල්ලේ ඔයාටත් ඕනේ නැති දෙයක් නෑනේ, බලමු කෑම අරන් ආවම අපි අහල බලමුකෝ එයාලගෙන්.

    අන්න හොඳයි ඔන්න එනවා අහල බලන්නකෝ බබා, මට ඒ පොඩි කෙල්ල දැක්කම දුක හිතුන.

    කෑම ටිකනම් කන්න කලින් රසයි කියන්න පුළුවන් ආන්ට් රසයි කියල සුවඳින්ම, ගොඩක් කලද ආන්ටි මේ කඩේ දාල?

    අනේ නෑ මහත්තයෝ දැන් මාස තුන හතරක් වගේ වෙනවා, අපේ ගම මේ පළාතේ නෙවේ මහත්තය අපි හම්බන්තොට පැත්තේ,

    එක තමයි මෙය දැක්ක ගමන් කීව ආන්ටිලා මේ පළාතේ නෙවේ වෙන්න ඕනේ කියල,

    අනේ ඔව් මහත්තයෝ, අපි මෙහෙට එන්න කලින් තිස්සමහාරාමේ බත් කඩයක් කරගෙන හිට්යේ, එත් මේ මගේ දුවට පොඩි පොඩි කරදර වගයක් උනා මහත්තයෝ, ඉතින් අපි ඒ ගම ඇත ඇරලා මේ කඩේ වැඩට හිටිය දෙමල කොල්ලත් එක්කන් මෙහෙට ආව, ඒ ළමයාගේ ගම මේක, එක නිසා අපිට ලේසි උන මහත්තයෝ.

    ඔය වගේම කතාවක් මන් අහල තියනවා ආන්ටි හරියටම මතක් වෙන්නේ නෑනේ,
    ආ... හරි හරි ඔය වගේම කතාවක් තිබ්බ සුජීව ප්‍රසන්නආරච්චිගේ මල් පත්තරේක, ;)

    මොනවද අනේ ඔයා කියන්නේ, පව් හලෝ ඔයාටනම් කවුරු හරි කමක් නෑ විහිලු කරන්ඩ තියනවනම්, අනේ ඕව ගණන් ගන්න එපා ආන්ට් මේ මෙආට පිස්සු ඔහොම තමි හැමවෙලේම,

    අනේ කමක් නෑ බේබි මහත්තය අහිතකින් කීවේ නෑ කියල මට තේරුණා, ඔයාල දෙන්නට රත්නත්තරේ පිහිටයි හැමදාම මෙහෙම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ,
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    නියම කෑම ටික නේද දිල්? මමනම් කෑවා බඩේ හතර කොන දිග ඇරෙන්න.

    අපෝ පෙරේතය මටයි කීවේ මහා ලොකුවට, ඇත්තටම රසයි තම බබා,

    හරි එහෙනම් අපි යමු නේද බබා? ඉක්මනට ගියොත් අපිට වල්ඩ්ස් එන්ඩ් එකට යන්න පුළුවන්, නැත්නම් පරක්කු උනොත් වෙලාව මදි වෙයි.

    අනේ එහෙනම් යමු ඉක්මනට, ඔආට දොයි මතද බබා බඩත් හොඳට පිරිලා නිසා,

    එහෙමත් නෑ පටියො සීතල නිසා තමයි පොඩ්ඩක්,

    කමක් නෑ ඔයාගේ සෙට් එක තියෙන්නේ කන පැලෙන්න, එක දාගෙන යමු එතකොට හරි යයි,

    අපොයි ඔව් ඔව්, ඒ ගැන මොකට කියනවද ඉතින් පොඩ්ඩක් වැඩි කරද්දීම අනේ බබා අඩු කරන්නකෝ කියනවා, ඉතින් කොහෙද සින්දු අහන්නේ,

    හරි හරි අද එහෙම නෑ, දාන්දකෝ සින්දුවක්, හැබැයි සිංහල සින්දුවක් අහමු හරිද,

    ඕකේ මහා රැජින ඔන්න දැන්ම එහෙනම් වෙනස් වයි,

    ඔබ නිදන සොහොන ළඟ මගේ සොහොන ඉදි වේවා..
    ඒ අමරණීය සුවඳින් මල් පිබිදේව.....
    මේ වගේ දුකක් කිසි කලකදී කාටත් නොම වේවා.....
    මතු ජාති පවා ඔබ මගේ පෙම්වතියම වේවා.....

    අපෝ පැටියෝ මේ සින්දුව හරි යන්නේ නෑ, වෙන එකක් දාන්ඩ අනේ, නාහෙන් අඬනවා,

    හරි හරි ඕක ඉතින් ඉවර වෙනවනේ බබා, අයි ඔය එකට ඔච්චර අකමැති? ලස්සන සින්දුවක්නේ,

    එක අහද්දී දුක හිතෙනවා බබා, මට කියන්න මම මැරුනොත් ඔයා මොකද කරන්නේ?

    මොන විකාරද බබා කියවන්නේ? මාව පිස්සෙක් නොකර ඉනවද? ඔයාට එහෙම දෙයක් වෙන්නේ නෑ, ඔයාට එහෙම දෙයක් උනොත් මම එක මොහොතක් ජීවත් වෙන්නේ නෑ,

    අනේ පිස්සු කියවන්න එපා බබා, එහෙම කරන්න එපා, මට ඕනේ ඔයා ලස්සනට ජීවත් වෙනවා බලන්න, මම නැති උනත් ඔයා ලස්සන ගැනු ළමයෙක් මැරී කරලා සතුටින් ඉන්න ඕනේ තේරුනාද?

    හරි හරි දැන් ඔය හෙට අනිත්ද මැරෙන්ඩ නෙවේනේ ඉන්නේ, පිස්සු කියවන්නේ නැතුව බහින්න,ඉක්මනට යමු,

    හාකෝ එහෙනම්, බබා මේ හරියේ හෝටල් නැත්ද නවතින්න?

    ඒ මොකටද ඒ? හස්බන්ඩ් එක්ක හනි මූන් එන්නද?

    අනේ ඔව් ඇවිත් උට කියල මට ....

    ඇයි ඇයි නැවැත්තුවේ කියනවා ඉතුරු ටිකත්...

    නෑ ඕනේ නෑ මට ඔයාට වගේ කුණුහරුප කියල පුරුද්දක් නෑ.
    අනේ කියන්නකෝ බබා නැත්ද මේ හරියේ?

    ඔය හරියේ මන්ද යට හරියෙනම් මගේ තියනවා,

    අනේ මෝඩය, මම කීවේ එහෙම කෙහෙල් මලක් නෙවේ, නවතින්න තැනක්,

    හරි හරි, මේ හරියෙමනම් නෑ බබා පල්ලෙහා තියනවා සනස එකේ එකක්, අර නුවර එළියේ තියෙන්නේ ලොජ් අන්න ඒ වගේ එකක්.

    ශා එහෙනම් මාරු, පරක්කු උනොත් අපි එතන නැවතිලා යමු බබා, මට අසයි මෙහෙ ඉන්න ඔයත් එක්ක තනියම.

    හොඳට හිටි මේ මගේ හිරි ඔතප් බිඳින්නේ නැතුව ඉන්නවද,

    අපෝ ඔව් ඔව් කොහෙද දන්නේ නෑ තවත් ඔය කියන ඔතප් ඉතුරු වෙලා තියෙන්නේ මෝඩයාගේ.
     
    • Like
    Reactions: sanath ekanayake

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    දැන් මාසයක් තිස්සේ මේ doubla නුවර එළියේද ???? හොදට හිටි :angry::angry::angry:

    මන් හිතන්නේ දැන් දිලිනිට බබෙකුත් හම්බෙන්නද කොහෙද :P:P:P
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මන් හිතන්නේ දැන් දිලිනිට බබෙකුත් හම්බෙන්නද කොහෙද :P:P:P
    කවත්ද එහෙම සන්තාසියක් වුණේ ???? අපිට කිව්වේ වත් නෑ නේ :D:D:D
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එල එල දිගටම ලියමු:yes: ඇත්තම කිව්වොත් මචන් උබෙ වැඩ නිසා මට දැන් මේකෙ ගොඩක් තැන් අමතකයි:frown::dull:
    ජයවේවා
    11.gif
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    ela elaaa dan nam nikan ++ wageee hikz.. ohoma yan .. ikmanata anith tikath onee ... thanks 4 pm bro... ;) ;)