****Read it or delete it******

djiresh

Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    අනන්තය ලඟ ….****Read it or delete it******

    අනන්තය ලඟ ….
    වෙනදා වගේම අද දවසත් ගෙවිලා ගියේ කියාගන්න බැරි තරම් දුක් කන්දරාවක් හිත ඇතුලෙ ඇවිලෙද්දි. ඒ ඇයි කියලා කාටවත් කියන්න තරම් උවමනාවක් හිතේ කොනකවත් නැති එක ගැන මටම පුදුමයි. ඒත් මම මේ කතාකරන්නෙ මටමයි උනාට මම හරියට මගේම හොඳම යලුවා වගේ.
    "උඹට නම් හොඳටම පිස්සු"
    මම මටම කියාගත්තේ ඒ හින්දා වෙන්න ඇති.
    "මොකද උඹ හිනාවෙන්නේ"
    ඇත්තටම මම හිනා උනේ ඇයි කියන්න මම දන්නේ නෑ. ඒත් ඒ ගැන හිතන්නත් කලින් ඒ හිනාව මගෙන් ගව් ගනනක් ඈතට ගිහින්...
    "හිනා වෙන්න කලින් අඬන්න ඉගෙන ගනින්"
    ගොඩක් ඉස්සර මගේ යාලුවෙක් කියපු කතාවක ඇත්ත තේරුම් ගන්න අවුරුදු දහයක් ගියේ මම මෝඩයෙක් හින්දද පිස්සෙක් හින්දද කියලා මට තාමත් තෙරුමක් නෑ.
    "හිනා වෙන්න කලින් අඬන්න ඉගෙන ගනින්"
    ආයෙත් පාරක් ඌ කියපු කතාව මට යන්තමට ඇහිලා නැතිවෙලා ගියා.
    සිනහව..... කල්පයකට විතර කලින් මගෙ පපුවට තුරුල් කරගත් ඇගේ සොඳුරු සිනහව...
    මගෙ ආත්මයම වෙලාගෙන තිබුනු කලුවර මොහොතකට පලවාහරින්න ඒ සිනහවෙ සොඳුරු මතක පොද සමත් වෙලා...එත් කොච්චර වෙලාවකටද ? කමක් නැහැ..එක තත්පරකය් වුනත් මම ඒ මොහොතට අසීමිතව ආදරය කරන්නම්...
    කොහෙදෝ ඉඳන් වැටෙන්න පටන් ගත්ත පොද වැස්ස ඒ තත්පරේට තිත තිබ්බෙ පුදුම අකාරුණික කමකින්. මහා මූසල හැඟීමක් ආයෙත් මාව ගිලගන්න අර අඳිනව වගේ. එත් ඒ හැඟීමට වහල් වෙනවා හැරෙන්න කරන්න කිසිම දෙයක් නෑ කියල දන්නෙ මමයි ඒ මූසල තනිකමයි විතරයි....
    නළල දිගේ රූරා වැටුනු වැහි බින්දුවක් මූන තෙමාගෙන පහළට එනකොට පරන යලුවෙකුත් එකතු කරගෙනම ඇවිදින්...
    "ජීවිතේ සුන්දරද මෙතරම්"
    කොහෙන්දෝ ඇහුනු සින්දුවක පදයක් ආයෙත් සිනාවක් මට ළං කරලා...ඒත් ඒ හිනාවේ සැඟවුන සරදම් මගෙ හිතේ පැසවනකොට "සිනහව" වචනයට මම තවත් වෛර කලා.
    ගත පුරාම පිරිල ඉතිරිලා ගියපු වේදනාව ඉවසගන්න බැරි තරමට ඉතිරිලා යනකොට කාලයක් භක්තියෙන් රැකපු සිල්පදයක් මගෙන් දුරස් වෙලා...
    "නුඹ හිටියානම් අද මා ළඟ, පිස්සෙක් වගේ දුවගෙන ඇවිත් හිතේ පොදි බැඳන් ඉන්න දේවල් සේරම කියලා...."
    "ඒත් අයේ කවදාවත් ඒ රුව දකින්නට මගේ ඇස් පින් කරලා නෑ...ඉතුරු වෙලා තියෙන්නේ හදේ ගැඹුරුම තැනක ඉඳන් මේ සීතල රාත්රිටය උනුහුම් කරන සොඳුරු මතකයක් විතරයි"
    යටිහිත මට නීරස සත්යේ මතක් කරල දුන්නා...
    "මට සමාවෙන්න..." හද පතුලෙන් නැඟුනු කෙඳිරිය ලෝකෙටම ඇහෙන්න කෑ ගහල කියන්න මට ඕනෙ උනත් අනිත් හැමදේම වගේ ඒකත් මගෙ හිතේම වළලලා ඉවසිල්ලක් නැතුව කෑ ගහන දුරකතනයට පිලිතුරු දුන්නා...
    "මම හොඳින්...මම ඔයාට ආදරෙයි"


    *****---IsH---*****
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    අනෙ මට නම් ඔය වැල්වටාරන් තේරෙන්නෑ බන්. තේරෙන එකෙක්ට බලන්න ඔන්න උස්සලා ගැහුව සයිට් එකේ මුදුනටම :p