real sinhala kari kapati mole

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,808
    35,680
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සිය බිරිදට හිමි රක්ෂණ වන්දි ලබා ගැනීමේ අරමුණින් මිතුරෙකු ලවා රිය අනතුරක් සිදු කොට බිරිද ඝාතනය කළේ යැයි සැක පිට පිටිගල පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර මැයි මස 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
    පිටිගල - මාපලගම මාර්ගයේ මානම්පිට ප්‍රදේශයේදී පාළු පාරක් ආසන්නයේදී මෙම ම්ලේච්ඡ අනතුර සිදු කර තිබුණි.

    රිය අනතුර සිදුව ඇත්තේ අප්‍රේල් මස 30 වන දින ප.ව 4.30 ට පමණය.රිය අනතුරකින් තුවාල ලද කාන්තාව මහමග අසල වැටී සිටින බවට පිටිගල පොලීසියට ලැබුණු නිර්නාමික දුරකතන ඇමතුමකට අනුව පොලීසිය ඇයව ග්‍රාමීය රෝහලට ඇතුලත් කර තිබේ. එම ස්ථානයට යතුරුපැදියකින් පැමිණි අනතුරට පත් කාන්තාවගේ ස්වාමිපුරුෂයා යැයි ප්‍රකාශ කල අය මෙකී කාන්තාව රෝහලට ඇතුලත් කිරීමට පොලීසියට සහය දක්වා තිබෙන අතර රෝහලට ඇතුලත් කරන විටත් මෙම කාන්තාව මිය ගොස් සිට ඇත.



    අනතුර සිදු වූ ස්ථානයට පැමිණි විගස මෙම කාන්තාවගේ ස්වාමිපුරුෂයා පළමුවෙන්ම සොයා ඇත්තේ ඇගේ මුදල් පසුම්බිය බවත් එය පොලීසියේ බලවත් සැකයට හේතු වූ බවත් පොලීසියේ නිලධාරීන් පවසා තිබේ.
    පසුව රෝහලේදී මියගිය තරුණියගේ ඥාතීන් සහ මෙම සැකකරු අතර ඇති වූ බහින්බස් වීම ගැටුමක් දක්වා දුරදිග ගිය බවත් පළමු සැකය හා සැකකරුගේ ආරක්ෂාව සදහා සැකකරු රෝහලේදී පොලීසියේ භාරයට ගත් බවත් පිටිගල පොලීසිය කියයි. එයින් පසුව දිගින් දිගටම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනයේ තොරතුරු අනාවරණය වී තිබේ.

    මෙම කාන්තාව කොළඔ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටි බවත් සිද්ධිය වූ දිනයේ කරන්දෙණිය, කුරුදුගහහැතැප්ම අධිවේගී පිවිසුම් මාර්ගය අසට ගොස් ඇය කැදවාගෙන පැමිණ ඇත්තේද සැකකරු විසින්ම බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. ඇය කැදවාගෙන එද්දී රිය අනතුර සිදු කරන ඉදිරි සැලසුම් ඔහුගේ මිතුරන් දෙදෙනකුට දුරකතනයෙන් දැනුම් දී තිබෙන බව ඔහු පාපොච්චාරණයේදී පවසා තිබේ.

    සිද්ධ වන දේ සම්බන්ධයෙන් බිරියට නිසි වැටහීමක් නොවූ බවද අනතුර සිදු කිරීමට සැලසුම් කරන ලද ස්ථානයේ ඇය බස්සවා ඉල්ලා ගත් හෙල්මටයක් ආපසු ලබා දීමට යැයි පවසමින් සැමියා පිටත්ව ගොස් ඇති අතර එම අවස්ථාවේදී පෙර සැලසුමට අනුව මාර්ගය අසල සිටි බිරිය කැබ් රථයක් පැමිණ හප්පා පලාගොස් තිබේ.



    ‘සුරනිමල’ ඇතුමලේ, ගාල්ල ලිපිනයේ පදිංචි දිනිත් සදීර පණ්ඩිත නැමැති 25 හැවිරිදි සැමියා ඝාතනය මෙහෙයවා ඇති අතර මියගියේ දියකිතුල්කන්ද, වත්තහේන, පිටිගල ලිපිනයේ පදිංචි 40 හැවිරිදි වන්නිආරච්චිගේ නිරෝෂා උදයංගනී නමැති බිරියයි. මොවුන් විවාහ ලියාපදිංචි කර තිබුණත් එකට වාසය කරන්නට තවම පිලිවෙලක් සකසාගෙන තිබී නැති අයයි. ඇය කාලයක් විදෙස් ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණි තැනැත්තියක වන අතර මුදල් යහමින් තිබී ඇත.


    බිරිය ඝාතනය කිරීමට වසර 02 ක පමණ කාලයක සිට ඇයගේ ස්වාමිපුරුෂයා යැයි කියන පුද්ගලයා සැලසුම් කර තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. රිය අනතුරක් සිදු කිරීමට අමතරව දියේ ගිල්වා ඝාතනය කිරීමට මෙන්ම ගෙලබැදි රන්මාලය කඩාගැනීමට උත්සාහ කරන අවස්ථාවේ තියුණු ආයුධයකින් ගෙලකපා ඝාතනය කිරීමටද සැකකරු සැලසුම් කර තිබූ බවද පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි පිටිගල පොලීසිය කියයි.

    මෙම බිරිය රක්ෂණාවරණ 04 ක් ලබාගෙන තිබෙන බවත් ඇය මියගිය පසු රුපියල් කෝටි 02 කට අධික මෙම රක්ෂණාවරණ ප්‍රතිලාභ ඇගේ ස්වාමිපුරුෂයාට හිමිවන බැවින් එය ලබා ගැනීමේ අරමුණින් සිය බිරිද ඝාතනය කළ බවද සැකකරු පොලීසියට ප්‍රකාශ කර තිබේ.

    මෙම ඝාතනයට අදාලව රිය අනතුර සිදු කිරීම සදහා රිය පැදවූ සැකකරු හා ඊට අනුබල දුන් තවත් සැකකරුවෙකු අත් අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වන බව පිටිගල පොලීසිය කියයි. මොවුන් දෙදෙනා හදුනාගෙන තිබෙන බවත් මේ වන විට ඔවුන් දෙදෙනා ප්‍රදේශයෙන් පලාගොස් තිබෙන බවත් පිටිගල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.



    අනතුර සිදුකරන ලද CP DAD 7270, බොල්රූ වර්ගයේ කැබ් රථය, තරුණියගේ ස්වාමිපුරුෂයා යැයි කියන ලද පුද්ගලයා පැමිණි යතුරු පැදිය හා හිස් වැසුම් නඩු භාණ්ඩ ලෙස පොලීසියේ භාරයට ගෙන තිබේ. මෙම කැබ් රථය කුලී පදනම මත ලබාගත් එකක් බවද පිටිගල පොලීසිය විසින් කරන ලද පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

    පිටිගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීම යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පිටිගල, රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ, පොලිස් සැරයන් අබේරත්න (30964) යන නිලධාරීන් ඇතුළු පිරිසක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    ජයකාන්ත ලියනගේ - බළපිටිය
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    ‘සුරනිමල’ ඇතුමලේ, ගාල්ල ලිපිනයේ පදිංචි දිනිත් සදීර පණ්ඩිත නැමැති 25 හැවිරිදි සැමියා ඝාතනය මෙහෙයවා ඇති අතර මියගියේ දියකිතුල්කන්ද, වත්තහේන, පිටිගල ලිපිනයේ පදිංචි 40 හැවිරිදි වන්නිආරච්චිගේ නිරෝෂා උදයංගනී නමැති බිරියයි.
    That age gap :baffled:
     
    • Like
    Reactions: Yakka putha

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,938
    113
    samitha mudunkotuwa ge wage seen ekak
    1683541678604.png
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඕවා නම් ගෑණුත් කරනව..මතකද පිළියන්දල මිනිහව මැරුවේ ගෑණියෙක් හොර මිනිහ ලවා..උෟට රෑට අැතුලට ඵන්න දොරත් ඒකිම අැරල තියල තමා මිනිහ ඵක්ක රෑ ඵකට කාලා බුදියගන්න ගිහින් තිබ්බේ..😅😅
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    වැරැද්ද ඉතිං මැරිච්ච ගෑණිගෙම තමයි අවුරුදු හතළිහක් වෙච්ච තමන්ව විසිපහේ කොල්ලෙක් කසාද බදින්නේ ආදරේට කියලා හිතන්න තරම් මන්ද මෝල්ද?? තමන්ගේ සල්ලි දෙපළ පෙන්නලා කසාද කරගන්න හැමෝටම හොද පාඩම්. කසාදෙකට ගැණියෙක් මිනිහෙක් තෝරගනිද්දී තමන්ට තියෙන හැමදේම කියන්න යන්න එපා තිබුනත් නැති විදිහට හිටපන්ලා එතකොට තමයි බලාගන්න පුළුවන් මේකි ආදරේ මටද මගේ දේපළ වලටද කියලා.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඉතින් වයස බලපන් අවුරුදු 25 නෙ
    අවුරුදු විසිපහක පෙනුමක් නෑනේ බං.දාහතක දහඅටක පෙනුමක් තියෙන්නේ.

    ගෑණිගේ ෆොටෝ එක නම් දාලා තිබුණා හැබැයි කොල්ලගේ ෆොටෝ තිබුනේ නෑ https://www.gossiplankanews.com/2023/05/pitigala-wife-kill-incident.html?m=1
     
    • Like
    Reactions: kasun_kbp