උඩ කූල් වැඩියි තමයි.
මම නැහැ කිව්වේ නැහැ.
මම අදහස් කරේ කූල් කරන්න යන වේගය සාපේක්ෂව සමානයි කියල දෙකේම.
ඒ කියන්නේ ස්කෑටර් ප්ලොට් එකකට කූල් කරන ස්පීඩ් එක ගත්තොත්
Deep Freezer එකෙයි normal එකෙයි දෙකටම වේගය එකයි. උදාහරණයක් විදිහට (මම ස්පීඩ් එක ඔරලෝසුවක් අරන් බලල මැල නැති නිසා දල වශයෙන් දැම්මේ නමුත් අදහස හරි)
උබ ෆ්‍රිජ් එක ඔෆ් කරලා දොරවල් ඇරලා කාමර උෂ්ණත්වයේ තියෙද්දී,
එක පාර දොරවල් වහල, ප්ලග් එක ගහල් ස්විට්ච් එක ඕන කලොත්,
උෂ්ණත්වය 4 දක්වා පහල බසින්න මිනිත්තු 40ක් යනවනං ඩීප් ෆ්රිසර් එකේ,
නෝමල් එකේ දැම්මත් මිනිත්තු 40ක් යනවා කියන එකයි මම අදහස් කලේ.
නැතුව ඉක්මනට ඩීප් ෆ්රිසර් එකේ දැම්ම පලියට ඉක්මනට කූල් වෙන්නේ නෑ
දෙකේ වෙනස තියෙන්නේ, නෝමල් එකේ විනාඩි 40ක් ගියායින් පස්සේ උෂ්ණත්වය පහල බැසීම නවතිනවා කුලින් සිස්ටම් එක ඒ කොටසේ විතරක්.
ආයේ ටිකක් වෙලා ඉඳල උෂ්ණත්වය ඒ අගයට වඩා ඉහල යන්න ගත්තහම ආපහු ඒ කොටස කූල් ඩවුන් කරන්න ආයේ කුලින් සිස්ටම් එක ඕන වෙනවා. (ඒ කියන්නේ උෂ්ණත්වය ඒ කොටසේ විතරක් පහල බසිල්ලට ලිමිට් එකක් දාල තියෙනවා විතරයි)
වෙනස තියෙන්නේ නවතින්නේ කොතනින්ද (ලිමිට් එක වැටෙන්නේ කී වෙනි උෂ්නත්වයේදීද) කියන එක මිසක් ස්පීඩ් එකෙන් උඩ එක කූල් වෙනවා කියන එක නෙමෙයි.
නෝමල් එකේ උෂ්ණත්වය - අගයක් දක්වා පහල බසින්න කන් කුලින් සිස්ටම් එක නවතින්නේ නැහැ. එකයි මම අදහස් කලේ.
තවත් විදිහකින් කිව්වොත් උබ විනාඩි 40කින් (ඔය චාට් එකට අනුව)
ඩීප් ෆ්රිසර් එකේ උෂ්ණත්වය බැලුවොත් ඒත් 4 මයි.
නමුත් විනාඩි 80කින් බැලුවොත් ඩිප ෆ්රිසර් එකේ කුල එක විතරක් - ගානකට බැහැල තියෙයි. නමුත් ඒ විනාඩි 80 කිනුයි එහෙම වෙන්නේ. නැතුව 40කින් හෝ ඊට කිට්ටු ගානකින් නෝමල් එකට සාපේක්ෂව ඉක්මනින් නොවෙයි.
ඒ කිව්වේ ඩිප ෆ්රිසර් එකේ දැම්මා කියල විනාඩි 40න් ඉක්මනට - ගානකට බස්සන්න බෑ එකට කාලය යනවා කියන එක.
හේතුව දෙකම එකම කම්ප්රෙෂර් එකෙන් එක ගානට වැඩ කරන්නේ. උඩ එකේ කූල් වෙන එකේ ලිමිට් එකට වඩා පහල එකේ ලිමිට් එක වැඩියි.