එහෙම පරණ වාහන ඉවත් කරන්නේ නැහැ. භාවිතයට නුසුදුසු තත්වේ තියෙන වාහන විතරයි ඉවත් කරන්නේ.වෙන රටවල උනත් පරණ වාහන එහෙම අයින් කරන්නේ නැහැ. අයින් කරන්නේ භාවිතයට නුසුදුසු වාහන විතරයි. ලෝකේ ගැන දන්නේ නැති ගොබ්බයො තමයි කියන්නේ වෙන රට වල පරණ වාහන ඔක්කොම අයින් කරනවා කියල. තමන්ගේ වාහනේ හරියට නඩත්තු කරනවානම් අවරුදු 50ක් පරණ උනත් පාරේ දිව්වහැකි.
මේක සුපිරිම මොළ ටිකකින් පාලනය වන රටකි. නීති ගේන්නේ රටේ සංවර්ධනය, හොඳ ගැන හිතලාමය. එහෙම නැත්නම් තමන්ගේ සාක්කු තර කරගැනීමට නොවේ. මේ නීති ගේන්න යන අය හිතන හැටියට, ගොඩක් දෙනා අවුරුදු 15 කට වඩා පරණ වාහන පාවිච්චි කරති. ඒ කට්ටිය පව්ය. ඒ අයත් තමාගේ අතේ තියන ලක්ෂ 10 - 15 වියදම් කර අලුතෙන් ඇල්ටොවක් නොගෙන 110 ක් ඩොක්ටර් සනියක් ගන්නේ මෝඩකමටය. ඒ මෝඩකමට පිළියම් ලෙස අපි නීති ගෙනආ යුතුය. රට ලස්සන වන්නේ එවිටය. එහෙම නැතුව ප්‍රමිතියෙන් අඩු වාහන ලංකාවට ගෙන්වීම නවත්වා උසස් ප්‍රමිතියෙන් යුත් වාහන ගෙන්වීම දිරිමත් කිරීමට බදු අඩුකර, මිනිස්සුන්ටත්, පරිසරයටත් හිතකර වාහන භාවිතය වැඩි කිරීමෙන් නොවේ. එසේ කලොත් ඉන්දියාවේත්, චීනයේත් මිනිස්සු කන්න බොන්න නැතුව බලන් හිඳිනු ඇත. ඒ රටවල්ද පව්ය. මෙහෙව් නීති හදන්නන්ට අදාල වෙන්නේ වාහන වල ආරක්ෂාව, පරිසරයට හිතකර බව, කල්පැවැත්ම වැනි දේවල් නොවේ. වාහනය අලුත්නම් ඕනි එකක්ය. අපිත් ලක්ෂ 10 න් 20 න් පරණ නමුත් හොඳ වාහන ගන්නවා වෙනුවට බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගෙන උඩ බලාගෙන අත්පුඩි ගසන්නෝ විය යුතුය. එවිට ෆුල් මාවලර්ස්ය.
මොන කැබිනට් පේපර් දැම්මත් ඕක ක්‍රියාත්මක කරන්න වෙන්නේ නැහැ. පාරේ දුවන AC බස් වලින් 75% ක් පරණ එව්වා. එව්වා යකඩ වලට වික්කාම මිනිස්සු අලුතෙන් බස් දාන්නේ හඳෙන් සල්ලි ගෙනල්ලද? සාමාන්‍ය මද්යම පාන්තික මිනිස්සු බහුතරයක් පාවිච්චි කරන්නේ පරණ වාහන. ඒ මිනිස්සුන්ගේ වාහන වටිනාකමක් නැති කරලා ආණ්ඩුව ඒ මිනිස්සුන්ට නැවත වාහනයක් ගන්න ඉතුරු මුදල ආණ්ඩුව ගානේ දෙනවනම් ඕක ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි. වාහනේ වටිනාකමෙන් දෙතුන් ගුණයක් ටැක්ස් ගහන ලංකාව වගේ රටක ඔය කරන්න යන බ්‍රෑන්ඩ් නිව් සිහිනය කවදාවත් සැබෑ නොවෙන හීනයක්. බ්‍රෑන්ඩ් නිව් වාහන බදු රහිතව ගෙන්නන්න දුන්නනම් නිකම්ම පරණ වාහන ටික පාරෙන් ඉවත් වෙයි.
පරණ වාහන අයින් කරන ඒක නෙවි කරන්න ඕනා අලුත් ඒවගේ ටැක්ස් අඩු කරන එක
එතකොට පරණ වාහන ප්ලැටිනම් බරට මාර්කට් වෙන්නේ නෑ ඒවා බින්දුවට බැහැල ඉබේම අයින් වෙනව
අනිත් ඒක තමයි ත්‍රිවිල් - අනතුරු වලට ප්‍රධානම හේතුව