Rep_35++වෙලා

Status
Not open for further replies.

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,944
    10,491
    113
    මගේ රේප් පවර් එක 35++ වෙලා , අද ඉඳන් කට්ටියටම සලකන්නේ 35+ ගානේ.​

    giphy.gif


    මට රේප් දුන්න , සහයෝගය දුන්න හැමෝටම ස්තුතියි .








    වඩාත්ම ගැළපෙන්නේ එක වගේ අයයි!



    Jt7RKfk.png


    රන් රස සේ පෑහෙන යුවළ පිළීබඳ සිද්ධාන්තය නූතන පර්යේෂණ මගින් නැවත වරක් සනාථ වේ.


    කොණ්ඩ ගිරවුන්ගේ පටන් සිච්ලිඩ් මත්ස්‍යයන් දක්වා යුගළ බන්ධනය ගැන අධ්‍යයනය කරන පර්යේෂකයන් කියන විදිහට ‘එක වගේ අය අඹු සැමියන් ලෙස ජීවත් වීම‘ හොඳ දෙයක්. එක වගේ අය, හැසිරෙන්නේත් සමාන විදිහට නිසා, ඔවුන්ගේ ප්‍රජනන/ ජීවන සාර්ථකත්වය ඉහළ යනවා.

    නමුත් මිනිස් ලෝකය තුළ මේක මෙහෙමමද…? සරල අර්ථයෙන් ගත්විට ඔබ සහ ඔබේ සහකරු/සහකාරිය සමාන විදිහට හැසිරීම පහසුවක් විදිහට පෙනෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ මනෝ විද්‍යාඥයන් පවා, සමාන අයගේ අඹු සැමි සබඳතා එහෙමත් නැතිනම් සමාන චර්යාවන්, ජීවිතය ගෙන යාමේදී වාසිදායක බව කියමින් හිටියා. එකම දේවල් අගය කරන, එකම විදිහට හිතන, ජීවිතය ගැන එකම විදිහට දකින අය එකට ජීවත් වන විට ජීවිතය පහසු වන බවට පොදු හැඟීමක් සමාජය තුළ තිබෙනවා. ඒ නිසාම ‘ගැළපෙන කෙනා‘ සොයාගැනීම ගැන කතා කරන විට බොහෝ දෙනෙක් කතාකරන්නේ ‘මම වගේ කෙනෙක්‘ හොයාගැනීම ගැනයි.

    p06nkq5d.jpg


    මේ අතරේ, ඇම්ස්ටර්ඩෑම් සරසවියේ මනෝ විද්‍යාඥයන් කණ්ඩායමක් මේ ගැටළුව ගැන වඩාත් තාර්කික සහ සංකීර්ණ අන්දමින් විමසා බැලුවා. මීට පෙර මේ සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණවලට වඩා ඔවුන්ගේ පර්යේෂණයට මේ වන විටත් ඉහළ පිළිගැනීමක් ලැබී තිබෙනවා. ඒ පර්යේෂණයේ සොයාගැනීම්වලින් යෝජනා කරන දේ හරියටම, මෙතෙක් කල් ඔබ අප සිතාගෙන සිටි ආකාරය සනාථ කරනවා.

    ඒ තමයි, සහකරු/සහකාරිය තමන් වැනිම වීම ජීවිතය ගෙන යාමට පහසු කරවන බව…

    මත ගැටුම් නැති – එකඟතාවයන් පිරුණු ජීවිතයක්

    දෙදෙනෙක් එක්ව ජීවත් වන විට ඇතිවන ලොකුම අභියෝගය වන්නේ නොගැළපීම් ඇතිවීම. නමුත් ඒ දෙදෙනා එකම ආකාරයට සිතනවා නම් පතනවා නම්, ‘agreeableness’එහෙමත් නැතිනම්, ‘එකඟතාවය‘ ඇති කර ගැනීමේ ගති ලක්ෂණය නිසා ඔවුන්ට දිගු ගමනක් යන්නට පුළුවන්.

    p06nkpxg.jpg

    The most important factor may be how much you have a sense of shared identity (Credit: BBC/Getty)

    දෙදෙනෙක් එක්ව ජීවත් වන විට ඔවුන් දෙදෙනාගේ එකට ජීවත් වීම සාර්ථක වන්නේ ‘shared identity‘ එහෙමත් නැතිනම් ‘පොදු අනන්‍යතාවයක්‘ ඇති කර ගැනීම මතයි. ඔබ සමාජයේ කුමන අනන්‍යතාවයෙන් හැසිරුණත් සහකාරිය/සහකරු හමුවේ පවත්වාගෙන යන අනන්‍යතාවය දෙදෙනාටම ගැළපෙන එකක් වීම මේ සිද්ධාන්තයෙන් අදහස් කරනවා.

    නවතම පර්යේෂණයේ ප්‍රධාන පර්යේෂිකාව වන මැනොන් වැන් ෂිපෙනින්ගන් (Manon van Scheppingen) සහ ඇගේ පර්යේෂණ කණ්ඩායම සිය මතය සනාථ කරන්නට ශක්තිමත් ලෙස ඉදිරියට එනවා.

    මේ සඳහා ඔවුන් වසර ගණනාවක් තිස්සේ පුද්ගල පෞරුෂයන්, යහපැවැත්ම සහ සබඳතාවල තෘප්තිමත් භාවය පිළිබඳ දත්ත දහස් ගණනක් වූ විවාහක යුවළවලින් ලබාගත්තා. ඉන්පසු ඒ යුවළවල සහකරු/සහකාරියන් සමග වෙන වෙනම කතා බස් කළා. සාධක පහක් යටතේ ඔවුන් ලකුණු ලබාදීම සිදු කළා. ඒ අනුව ඔවුන් නිගමනය කරන්නේ එකඟතාවයන්ට එළඹීම, හෘද සාක්ෂියට අනුව කටයුතු කළ හැකි වීමෙන් දැනෙන පහසුව, නියුරෝසීය හෝ ස්නායු ව්‍යාධිමය තත්වයන්ගෙන් වැළකීමට ඇති ඉඩකඩ යනාදී සතුට සමග එක එල්ලේ බලපෑම් ඇති කරවන තත්වයන්ට සමාන සහකරුවන් සමග ජීවත් වීම විශාල වශයෙන් බලපාන බවයි.

    ‘සමාන සහකරුවෝ‘

    සමාන සහකරු සබඳතාවයේදී ඔවුන් සිය සම්බන්ධය තුළ කරන කියන බොහෝ දේවල්වලට අනෙකාගෙන් විරුද්ධත්වයක් නැහැ. ඒ විතරක් නෙවෙයි, එය විරුද්ධත්වය සඟවාගෙන ‘ඔයාගෙ කැමැත්තක්‘ කියා හිස බිමට නැඹුරු කර ගැනීමට වඩා වැඩි දෙයක්. මේ තත්වයේදී දෙදෙනාම කොන්දේසි විරහිතව අනෙකාට හදවතින්ම එකඟ වෙනවා. අතිශය පුද්ගලිකරණය වූ මට්ටමේදී ඔවුන් දෙදෙනා නිසගයෙන්ම ලිංගික ක්‍රියාකාරකම් සඳහා තෝරාගන්නේත් සමාන අවස්ථාවන්.

    අනෙකාගේ පෞරුෂය නසන්න එපා!

    එහිදී ඔවුන් සනාථ කර ගත්තේ, යුවළකගේ සමස්ත යහපැවැත්ම සඳහා වන වඩාත්ම වැදගත් දෙය වන්නේ අනෙකාගේ පෞරුෂය වෙත සෘජුව එල්ල වන බලපෑම බවයි.

    කොහොම වුණත්, හැම අතින්ම සමාන වීම හෝ අතිශයින්ම එකිනකොට සමාන වීම, හැම විටම හොඳ ප්‍රතිඵල ලබාදෙන්නේ නැහැ. perfect match එහෙමත් නැතිනම්, සර්ව සමාන ලෙස ගැළපීම සබඳතාවයක් පවත්වාගෙන යාමට අවාසිදායක විය හැකියි.

    විවෘතභාවය දිගු සබඳතාවයේ රහසයි.

    නමුත් පොදු කාරණයක් වශයෙන්, දෙදෙනා අතර ‘විවෘතභාවය‘ පවත්වාගෙන යාමට හැකි වීම, සතුටෙන් සිටීමේ ප්‍රධාන රහසක් වශයෙන් මේ පර්යේෂණයෙන් හඳුනා ගන්නවා. එයින් අලුත් අත්දැකීම්වලදී වඩාත් පහසුවෙන් තෘප්තිමත් වීමට සහ සතුටට පත්වීමට දෙදෙනාටම ඉඩ සැලසෙනවා. කාන්තාවන් සම්බන්ධයෙන් මෙය විශාල කාර්යභාරයක් ඉටු කරන්නේ, ඔවුන් පහසුවෙන් සහකම්පනයට/සහානුභූතියට ලක්වන පිරිසක් වන නිසයි. විවෘත ලෙස ඕනෑම දෙයක් අනෙකා සමග කතා කිරීමට හැකියාවක් තිබෙන විට ‘සහකරුවන් අතර ගැටුම් ඇති වීම‘ අවම බව මෙම පර්යේෂණය විසින් සනාථ කරනවා.

    p06nkqbm.jpg

    Having similar levels of openness to new experiences was usually helpful (Credit: BBC/Getty)

    වඩා විවෘත භාවයෙන් ජීවත් වන යුවළ, වඩාත් දීර්ඝ කාලයක් එකට ජීවත් වීමේ සතුට භුක්ති විඳිනවා. මේ බව ජර්මනියේ යුවළ 5000 ක් ඇසුරෙන් සිදුකළ පර්යේෂණයක් මගින්ද සනාථකර තිබෙනවා.

    ඒ වගේම, අනෙකා තුළ කාංසාව වැනි ගති ලක්ෂණ ඇති වීම අවම වීමටත් මෙම සමාන සහකරු සබඳතාවය ඉවහල් වන බව සොයාගෙන තිබෙනවා. තමන් තනි වී නැති බවට ඇති ආරක්ෂිතභාවය ගැන හැඟීම මේ සඳහා බලපානවා.

    අලුත විවාපත් වූ යුවළ සම්බන්ධයෙනුත් මේ තත්වය එසේමයි. සමාන සහකරු සම්බන්ධයකදී කිසිවෙකුට තමන්ගේ අනන්‍යතාවය ඒ සම්බන්ධතාවය තුළ අහිමි වී යන බවට හැඟීමක් ඇති වන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් වඩාත් නිදහස් මනසකින් යුක්තව ස්වාධීන පුද්ගලයන් බවට පත් වෙනවා. වෛවාහක ආරවුල්වලදී වුණත් වඩාත් සංස්ලේෂණාත්මක, වඩාත් ප්‍රයෝජනවත් තීරණ කරා යාමට එමගින් ඔවුන්ට හැකියාව ලැබෙනවා.

    සරලව කිව්වොත්, මෙවැනි සාර්ථක සමාන සහකරු සබඳතාවයකදී රජයන්නේ ‘සුහදබව‘ යි. දෙදෙනාම එක් අයෙක් බවට හැඟීමක් අතිශය සමීප අවස්ථාවලදී ඔවුන්ට ඇති වෙනවා.

    කෙටියෙන් කිව්වොත්, සමාන සහකරුවෙකු/සහකාරියක සොයාගැනීම, සබඳතාවයක් ශක්තිමත් වීමට ඉතාම වැදගත් දෙයක්. ඇතැම් පර්යේෂණ යෝජනා කරන ආකාරයට, දේශපාලනික වශයෙන් සමාන මත දැරීමත් දෙදෙනාගේ පෑහීමට ඉතාම වැදගත්.

    p06nkqf8.jpg


    මේ පර්යේෂණය සඳහා යොදාගෙන තිබෙන්නේ ස්ත්‍රී-පුරුෂ එහෙමත් නැතිනම් විෂම ලිංගික යුවළ වුණත්, එයට පරිබාහිර සමරිසි යුවළ සම්බන්ධයෙන් පවා මේ කියන සිද්ධාන්තවල වැඩි වෙනසක් සිදුවීමට ඉඩක් නැහැ.

    කෙටියෙන් කිව්වොත්, ‘රන් රස‘ සේ ගැළපෙන අයට සබඳතාවලදී දිගු ගමනක් යා හැකි බවත්, ‘යා දෙක නොරත රත‘ යුවළවලට විවිධ ගැටුම් මධ්‍යෙය් සබඳතාවයේ සාමය හා සැනසීම අහිමි වන බවටත්, නවීන පර්යේෂණවලින් නැවත නැවතත් දැන් සනාථ වී තිබෙනවා.







    සලකන අයට සහ Bump , Comment කරන අයට 35++ ගානේ දෙනවා....
     
    Status
    Not open for further replies.