මචන් නම නිසා කඩේ ප්‍රසිද්ද වෙයි, නම වෙනස් නිසා කට්ටිය කන්න එයි, නමේ ආකර්ෂණයට business වැඩි වෙයි, වගේ බොළඳ අදහස් විදයට හිතන්න එපා.
අද කාලේ හැමෝටම ලෙඩ නිසා ගොඩක් අය ගමේ කෑම ටිකක් කන්න අසයි.
ඕක නිසා දැන් හැම එකාම "ගමේ කඩේ, අබුල, ගමේ රහට" වගේ නම් දාගෙන මුළු කඩේම පොල් අතු ගහගෙන
ගමේ වෙන්න හදනවා,
එත් පොඩ්ඩක් හිතපන් "ජිනදාසගේ තලගුලි" කියන නමින් ප්‍රසිද්ද කඩයක් තිනවා නුවර යද්දී, ඔය කඩේ නොදන්නා මිනිහෙක් නැති තරම්.
එත් ඒ නමේ කිසි ලස්සනක් නැ. එත් ප්‍රසිද්දියේ අඩුවකුත් නැ.
මිනිස්සුන්ට නම මතකේ හිටින්න, එක පාරක් අපු කෙනෙක්, තව පාරක් ගෙන්න ගන්න, තව කෙනෙක්ට අර කඩේ හොඳයි කියල කියන තත්වෙට,
කඩේ පත් කරගනින්,
මිනිස්සු කඩේට එන්නේ යමක් බලාපොරොත්තු වෙනද ඊට වැඩ යමක් දෙන්න,
මම කිව්වේ වැඩිය දෙන්න ගිහින් පාඩු සිද්ද කරගන්න නෙමේ,
හොඳ හිනාව, උණුසුම් පිළිගැනීමක්, අපහසු තත්වයන්ට පත් වන අවස්ථා අඩු කරන්න සහ එහෙම උනොත් නොපැකිලිව සමාව ඉල්ලන්න, වගේ දේවල් වලින් වෙනස්ම තැනකට උඹේ කඩේ ගෙනියන්න පුළුවන්,
බල ඉද්දි දියුණු වෙයි.
වැදගත්ම දෙ, ලැබේ වැඩි කරගන්න කියල පරණ කෑම අයි රත් කරලා, කොටුවෙන් අඩුවට ලබා/බාල එළවලු ගෙනත්දල වගේ දේවල් කරන්න එපා.
කවදාවත් කඩේ උයපු කෑම, කඩේ මිනිස්සු කන්නේ නැත්නම් ඒවා එන මිනිස්සුන්ට දෙන්නත් එපා.
හොඳ වෙලාවක් බලලා පටන් ගනින්. හොර බොරු නැතුව කලොත් අනිවා දියුණු වෙනවා.
Good Luck මචන්,