richard branson ලංකාවේ ආයෝජනයට

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    richard branson ලංකාවේ ආයෝජනයට

    Richard-Branson-boss-of-V-010.jpg

    ලොව ප‍්‍රකට ව්‍යාපාරිකයෙක් සහ virgin සමාගම් ජාලයේ නිර්මාතෘ රිචඞ් බ‍්‍රැන්සන් මහතා ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා තීරණය කර තිබෙනවා.

    ලංකාවේ පවතින යහපත් තත්ත්වය තුළ මෙරට ආයෝජනය සදහා එක්වීමට තමන් කැමැත්තෙන් පසුවන බවයි රිචඞ් බ‍්‍රැන්සන් මහතා මෙහිදී සදහන් කර ඇත්තේ.

    ඉදිරියේදී මෙරට සංචාරයක නිරත වන බවත් සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජනය කරන බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇති බවද අග‍්‍රාමාත්‍ය කාර්යාලය පෙන්වා දෙනවා.

    අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීම සඳහා දූත පිරිසක් සමග ඉකුත් 19 වැනිදා ස්විට්සර්ලන්තයේ දාවෝස් නුවර බලා පිටත්ව ගිය අතර එහිදී වර්ජන් සමාගම් ජාලයේ නිර්මාත රිචඞ් බ‍්‍රැන්සන් මහතා සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අතර මේ පිළිබඳව අදහස් හුවමාරු වී තිබෙනවා.

    124731_9.jpg

    nethfm

    richard branson   Google Search.jpg
     
    Last edited:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    වර්ජින් එයාවෙස් එක පහුගිය ආණ්ඩුව කාලේ ලංකාවට එන්න සැලැස්මක් තිබුන. ලංකාවේ GSA එක තියෙන්නේ Mackinons Travels එකට. මෙ සම්බන්දව පැවැත්වුණු සාකච්චාව තිබුනේ කන්දලම හෝටලේ. මෙඅ සාකච්චාවට එවකට තිබුණු රජයෙන් සහබාගි වුන කට්ටිය අතර එක්තරා ප්‍රබු පුතෙකුත් සහබාගි උනා. සාකච්චාවේදී ලංකාවට Virgin Airways එනවනම් එකේ GSA එක ඒ ප්‍රබු පුත්‍රයට අවශ්‍ය බව දැන්වුවා. නමුත් Virgin Airways එකේ කට්ටිය එකට කැමති උනේ නැහැ. එතැනින්ම කතන්දරේ ලොප් උනා.

    මෙ ගැන වැඩිය කරුණු පත්තර වල ගියේ නැහැ. නමුත් Financial Times, Daily Mirror වගේ පත්තර වල තිබුන
     
    :oo: