load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    12076_10201363969875425_1764809726_n.jpg



    කලක් බෙහෙවින් ආදරය කළ ජනතා විමුක්ති පෙරමුණ නම් පක්ෂය ඉතිහාසයේ දරුණුම පරාජයට ලක්විය !! 88-89 තරුණ සංහාරයෙන් යලි අළු ගසා නැගී සිටි ජනතා විමුක්ති පෙරමුණ පළමුව තම දේශපාලන ගමන ආරම්භ කරන්නේ යටිබිම්ගතවයි.පසුව කෙමෙන් සමාජයට ජ.වී.පෙ ඔසවා තැබුවේ කොලබින් කොලබ හතේ නෝනා මහත්වරු නොව ගමේ අහිංසක පංච මහා බලවේගයයි...ඒ පංච මහා බලවේගයටම මෙලෙස ජ.වී.පෙ ප්‍රතික්ෂේප කරන්න සිදු වුයේ ජ.වී.පෙ නම් මහා දේශපාලන පවුල ප්‍රතිපත්තිමය රාමුවෙන් පිට ගොස් දේශපාලන ගණිකා වෘර්තියේ යෙදෙන පක්ෂයක් වීමයි...

    මෙවර ආසන කිහිපකදී ඇරෙන්න ජවිපෙට රටේ තුන් වන බලයවත් වීමට සුදුසුකමක් නැති බව ජනතාව තීරණය කර හමාරය...ජවිපෙට ආසන කිහිපයක ඇරෙන්නේ අඩුම තරමේ මාස ගණනක දේශපාලන ඉතිහාසයක් ඇති ප්‍රජාතන්ත්‍ර වාදී පක්ෂයවත් වඩා ඉහලට ඒමට නොහැකි විය...
    ඉතිහාසයේ දරුණු පරාජයන් රැසකට මුහුණදී නැවත නැගී සිටි ජවිපෙ මෙවර තම දේශපාලන ඉතිහාසයේ කුණු බක්කිය තුලට වැටීමේ අවසාන පඩියේ සිටීම පක්ෂයට ආදරය කළ පාක්ෂිකයෙක් වශයෙන් දැඩි වේදනාවක් ගෙන දෙන්නකි....නමුත් නැවත නැගිටීමක් නැත... 88-89 කාලයේ නැවත ජවිපෙ නගා සිටවුයේ ප්‍රතිපත්තිමය නායකයන් සහ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ යි. එයින් පසු වර්ෂ 2001 වෙන තෙක් තම පක්ෂය නගා සිටවූ ජවිපෙ එතැන් පටන් ජයග්‍රහණය භුක්ති විදිමින් රටට සහ පාක්ෂිකයන්ට තම ජයග්‍රහණය උරුම කර දෙනවා වෙනුවට,දේශපාලනමය වශයෙන් අනාත ස්වාභාවයෙන් හැසිරීම මේ විනාශයට මුලයි...

    දැඩි ප්‍රතිපත්ති සහ සෘජු තීන්දු තීරණ සහිත සදාදරණිය පක්ෂය මෙවන් ව්‍යසනකට මුහුණ දුන්නේ වසර විස්සක් පමණ කාලයක් රැකගෙන පැමිණි තම ප්‍රතිපත්ති බිද හෙලමින් අනුවණ ලෙස ක්‍රියා කිරීමයි....එමෙන්ම කට මැද පමණක් දොඩවන වැඩක් කරගත නොහැකි අනුවණ දේශපාලන නායකයින් සදාදරණිය පක්ෂය විනාශ කර දැමුවේය...නැවත නැගී සිටීමක් නැත..... ජවිපෙ නම් සදාදරණිය පක්ෂය ඉතිහාසයේ කුණුබක්කියට වැටි අවසන්ය...දැන් ජවිපෙ යනු එජාප ය වගේම ජෝක් කරුවන්ගෙන් පිරි පක්ෂයක් වී හමාරය !!

    ඉතිහාසය සියල්ල වෙනස් කර ඇත... ඉතිහාසය විසින් ඔසවා තැබූ සදාදරණිය පක්ෂය අද වෙනවිට පත්ව ඇති තවත්වය ගැන හදවතින්ම කණගාටු වන අතර මේ ව්‍යසනයේ ප්‍රතිපල කලින් මා දුටුවා නිසාම ජවිපෙ දේශපාලනය අහවර කරන්නට සිදුවීම නිවැරදි තීරණයක් බව වර්ථමානය පසක් කර දේයි.... අනාගතය ද දෑස මානයේ විද්‍යාමාන වෙයි.... අනාගතයේ කිසිදු නැවතුම් පොලක නැවත ජයග්‍රහණය පෙනෙන්නටවත් නැත..... අවසානයි ජවිපෙ........

    (ජවිපෙ හොදයි කියාගන්න,නමුත් යටිහිතින් සත්‍ය දන්නා ෆේස්බුක් විරයන් මට දෙහි කපනු ඇත...
    පරාජයක් නොව මේවා වංචා කියනු ඇත....කිසිවෙකු කෙසේ පැවසුවද ජනතාවගෙන් ජවිපෙ ප්‍රතිෂේප වී හමාරය )


    ''ජාතික පරිමාණයෙන් කෙරෙන දික්ගැස්සුණු සහ නොපසුබට සංවිධාන කටයුතු වලදී දක්වන වීරත්වය නැගිටිමදී වීරත්වය දකිවිමට වඩා දුෂ්කරය එබැවින් ඊට වඩා බෙහෙවින් උසස්ය...එමෙන්ම වීරත්වයෙන් ලබා ගත ජයග්‍රහණය විරත්වයෙන්ම පවත්වාගත නොහැකිනම් ජාතික මට්ටමෙන් යලි පරිහානියට ලක්වීමද කිසිවකුට නැවැත්විය නොහැකි සත්‍යක් වන්නේය''
    -වී.අයි ලෙනින්-


    උපුටා ගැනීම
    සියලු අයිතීන් මුල් කතෘ සතුය
     
    Last edited:

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    අපෙ උනුත් මලා ඒ කාලෙ. අහිංසක උන්. මුන්ට ඉතින් යන්න අපායවල් නැහැ. මොක කොහොම උනත් විප්ලවේ දින්නා නම් අද විජේවීර වීරයෙක්.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    අපෙ උනුත් මලා ඒ කාලෙ. අහිංසක උන්. මුන්ට ඉතින් යන්න අපායවල් නැහැ. මොක කොහොම උනත් විප්ලවේ දින්නා නම් අද විජේවීර වීරයෙක්.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,432
    697
    113
    Sri Lanka
    අපෙ උනුත් මලා ඒ කාලෙ. අහිංසක උන්. මුන්ට ඉතින් යන්න අපායවල් නැහැ. මොක කොහොම උනත් විප්ලවේ දින්නා නම් අද විජේවීර වීරයෙක්.

    මිනිස්සු මරලා ලංකාවේ අපායක් වගේ කරපු එකා වීරයෙක් වෙන්නේ කොහොමද බන් ප්‍රභාකරනුයි විජේවිරයි අතර වෙනස මොකක්ද
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ජේවීපීය අදවෙනකන් ආන්ඩුව එක්ක ඉඳලා හෙට අයින්වුනානම් යූඇන්පී එක කැලේ :nerd::dull:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මිනිස්සු මරලා ලංකාවේ අපායක් වගේ කරපු එකා වීරයෙක් වෙන්නේ කොහොමද බන් ප්‍රභාකරනුයි විජේවිරයි අතර වෙනස මොකක්ද

    මම කියන්නෙ නැහැ විජේවීර උත්තමයෙක් කියලා. මිනිහා ආවා නම් ප්‍රභාකරන්ට ස්වයං පාලනේ බන්දේසියක තියලා දෙනවා. විජේවීර ප්‍රභාකරන් එක්ක සාකච්චා පවා කළා ඒකාලෙ. ආරම්භයේදී. යූඇන්පී එක මිනී මැරුවෙ නැද්ද.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,641
    2,726
    113
    ජ.වි.පෙ. දැක්ම ලංකාවටයි ලංකාවේ ජිවත් වෙන "වෙනස්" මිනිස්සුන්ටයි (අපේ රටේ මිනිස්සු වෙනස්ලුනේ. අපි ඒ වෙනසට ගරු කරන්න ඕනලුනේ.:D) ගැලපෙන්නේ නෑ වගේම ප්‍රායෝගික නෑ. මම ජ.වි.පෙ. 71 කරපු කැරැල්ලටයි 87-89 කරපු දේටයි ඒවා කරපු විදිහට කැමති නෑ.

    ජ.වි.පෙ. පක්ෂයක් විදිහට කරපු දේ කරන්න වීරවංශට බැහැ. කොහොමත් පෙරටුගාමිනුත් දැන් ආගිය අතක් නැති උනාට උන්ගේ අභිප්‍රාය උනෙත් 71, 87-89 වගේ දෙයක්. ලංකාවට ඒ වගේ දෙයක් ප්‍රයෝගිකව ගැලපෙන්නේ නෑ.

    එත් පැහැදිලිවම ලංකාවට වෙනසක් උවමනායි ඒ වගේම ජවිපෙ වගේ දේශපාලන පක්ෂයකුත් උවමනායි. ජ.වි.පෙ. කියන්නේ මේ වගේ නාය යන්න ඕන පක්ෂයක් නෙමෙයි.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,432
    697
    113
    Sri Lanka
    මම කියන්නෙ නැහැ විජේවීර උත්තමයෙක් කියලා. මිනිහා ආවා නම් ප්‍රභාකරන්ට ස්වයං පාලනේ බන්දේසියක තියලා දෙනවා. විජේවීර ප්‍රභාකරන් එක්ක සාකච්චා පවා කළා ඒකාලෙ. ආරම්භයේදී. යූඇන්පී එක මිනී මැරුවෙ නැද්ද.

    මම ඒ කාලේ ගැන 100% ම දන්නේ නැහැ මම ඉපදුනෙත් 89 එත් උඹ හිතපන් රටක කැරැල්ලක් ඇති කරන්න හදනකොට රටේ පාලකයෝ ගන්න පියවර මොකක්ද ? මිනි මරණ එක අනුමැත කරන්නේ නැහැ එත් රජය ප්‍රජාතන්ත්‍රවාදී නොවන විදිහට පෙරලන්න ගියොත් රටේ කවදාවත් ස්ථිර රජයක් පවතීද