risk free පොඩි බිස්නස් ටිකක්

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,170
    1,981
    113
    Bevery Hills-90210
    risk free පොඩි බිස්නස් ටිකක්

    [FONT=&quot]අඩු ගාණකින් යොදවා වැඩි ලාබ ලපන බිස්නස්.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] සල්ලි කියන දෙය සේරටම අවශ්‍ය දෙයක්. අපි කොච්චර ඉඟන ගත්තත් සල්ලි කාරයෙක් වෙන්න බැහැ. කොහො හරි ලොකු නමක් තියෙන කම්පැණියක ඉහල තනතුරක් විතරයි කරන්න වෙන්නේ. මාසේ අන්තිමට පඩියක් එනවා. සල්ලි වෙනුවෙන් වැඩ කරන්න ඔනේ. නමුත් මොලය තියෙන එකා සල්ලි ඔහු වෙනුවෙන් වැඩ කරන්න විදිහට හදාගන්නවා. ඒකට ඉගන ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ.[/FONT]
    [FONT=&quot] මම කලින් කියපු ගොඩක් දුරට ඉගන ගත්ත පිරිසෙන් බහුතරයක් වැඩ කරන ආයතනය ගත්තොත් ඒකේ අයිතිකාරයාට අකුරක්වත් ලියන්න හැකියාවක් නැති වෙන්න පුළුවන්. නමුත් සල්ලි වැඩ කරන්නේ ඔහු වෙනුවෙන්.[/FONT][FONT=&quot]මම දැන් කියන්න හඳන්නේ නිකන් ගෙදර ඉන්න උන්ට අඩු වියදමින් කීයක් හරි හොයාගන්න පුළුවන් රැකියාවල් ටිකක්. ලක්ෂගණන් හොයන්න පුළුවන් ටිකක් දැගලුවොත්. [/FONT]
    [FONT=&quot] පළවැනි එක තමයි. රැ 3000 විතර වියඳම් කරලා කටවුට් ටිකක් හදාගන්න [/FONT][FONT=&quot]“නිවසට පැමිණ පරිගණක අලුත්වැඩියා කරනු ලැබේ” යනුවෙන්. එක කරන්නේ A4 කොළයක එකක් නොර්මල් විදිහට print කරලා. කැලි 1000 විතර ඩුප්ලෝ කරපල්ලා. පස්සේ ස්කෝලේ පොත්වලට ඉස්සර දාපු පොලිතින් කවර ඇතුලට දාලා දෙපැත්ත සීල් කරන්න. මතක් කරලා පොලිතින් එකේ ඇතුල් පැත්තේ සබන් කැල්ලක් අරගෙන ඉරි ටිකක් අදින්න ලෝබ නැතුව. තොතමනය ඇතුලට එන්නේ නැහැ. Air moisture එක නැති කරන්න ඒක කරන්නේ වැස්ස වෙලාවකදී. අනික තමයි උබේ නොම්බර් එකත් දාපන් මතක් කරලා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]



    [FONT=&quot][FONT=&quot] ඇටවුම හරියට හදලා ටිකක් සල්ලි කාරයෝ ඉන්න පැත්තක ගිහිල්ලා මිනිස්සුන්ට පේන තැනක අලවපන්. ඉන්ට නැෂනල් ස්කෝල වල අම්මලාට පේන්න අලවපන් ඒකත් හොඳයි. මුල් මාස කිහිපය උබට කිසිම වැඩක් එන්නේ නැහැ. හැම වෙලාවේම බලපන් කටවුට් ටික තියෙද කියලා. පයින්හරි බඩගාලා මාසයක් කටවුට් ටික පරිස්සන් කරපන්. [/FONT]
    [FONT=&quot] දෙවැනි මාසයේ වැඩ එනවා. ගොඩක් වෙලාවට වින්ඩෝස් දාන්න තමයි එන්නේ. 1500 [/FONT][FONT=&quot]SLR 2000SLR කපාගන්න පුළුවන් අවුලක් නැතුව. පොඩි පොඩි වැඩ තමයි එන්නේ. Pen drive 2ක් තිබුනොත් ඇති. සමහර වොලාවට මොනවාහරි කැල්ලක් පිච්චිලා තිබුනොත් එතනත් උබට ගාණක් කපාගන්න පුළුවන්. උබේ සර්විස් චාර්ජ් 1000/= වැඩි වෙන දේවල් වලට ඇඩ් කරලා බිලක් දියන්. සාධාරණව කරපන්. මම ලංකාවේ ඉන්න කොට ඔක කරලා තියෙනවා. මට electronic පුළුවන් නිසා සේරම දේවල් හැඳුවා. කම්පියුටර් විතරක් නෙවෙයි. Fridge ඇරෙන්න සියළුම දේවල් හැඳුවා. තමන්ගේ ගමේ කරන්න ලැජ්ජයිනම් වෙනත් පැත්තක කරපන්. මාසෙකට 25000/= විතර හොයන්න පුළුවන්. Most important thing is to make sure your cutouts are alive.[/FONT]

    [FONT=&quot] අනික තමයි රු 10000/- විතර වියඳම් කරන්න පුළුවන් නම් උබලට පුළුවන් තම්බපු කඩල හඳන්න. 1[/FONT][FONT=&quot]kg වලින් හොයන්න පුළුවන් බරගාණක් මම හිතන්නේ 500% විතර ලාභයක් තියෙනවා. පොඩි කඩල ගොට්ටක් 30-50 SLR අතර ගාණක් වෙන්නේ. උබලට වාහනයක් නැති නම් කම්මලකින් හඳාගන්න පුළුවන් තහඩු පෙට්ටිටක් ඒක අවශ්‍ය වෙලාවට ගලවන්න පුළුවන්. මම දැක්කා යුටියුබ් එකේ තියෙනවා. කැනඩාවේ එකෙක් හඳන හැටි දාලා තිබුනා. එච්චර ඇඩ්වාන්ස් ඔනේ වෙන්නේ නැහැ. නොර්මල් එකක් උනහම ඇති.
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]


    [/FONT]

    [FONT=&quot][FONT=&quot]උබ ලස්සනට ඇඳලා ඉන්න ඔනේ තොප්පියක් දාලා [/FONT][FONT=&quot]Chef කෙනෙක් වගේ. සුදුපාට ගාලා තියෙන්න ඔනේ ඉන්න පෙට්ටියේ. මගෙ ගණන් කිරීම අනුව 5000/= යන්නේ බට වලින් එක හදන්න. තව භූමි තෙල් ලිපක් ඔනේ වෙනවා. ඒකත් 2000 වෙනකොට ගන්න පුළුවන්. Recipe එක Unique වෙන්න ඔනේ. නිකම්ම තම්බපු කඩල මිරිස් එක්ක දෙන්න එපා. ඒකට මොනවා හරි මස් රසැති සෝයා මීට් සමඟ. බිත්තර මිශ්‍රකර. මලවපු කංකුං සමඟ එක එක විදිහට දෙන්න. කවුරුත් නොකරන විදිහකට දෙන්න. හවසට මිනිස්සු පොරකනවා. අතිශයෙන් ලාභ ලබන්න පුළුවන් . සැඟවුන බිස්නස් එකක් පොඩ් ගාණක් යොදවලා වැඩි ආදායමක් ලබාගන්න පුළුවන්. එකපාර 50kg උරයක් ගෙනාවොත් මම හිතන්නේ උබට ඒ කෙන් සේරම වියඳම් ඇරලා 50000/= හොයන්න පුළුවන්. අද කාලේ සල්ලි වටින්නේ. උබට දවසේ පොඩි වෙලාවයි බිස්නස් එක කරන්න තියෙන්නේ. වෙන මිනිහෙක් ඔපිස් ගිහිල්ලා, බස්එකට දියවෙලා නොකා නොබී හොයන සල්ලි එක පාර හොයාගන්න පුළුවන්. හවස 5ට ඇරලා රෑ 11 වෙනකොට කැලි ටික ගැලෙව්වා වැහුවා. තන්හාව වැඩි නම් උදේ වරුවෙත් කුබුරක් හරි කොටපන්. එතනත් බත් ටික හරි නිකන් ලැබේනවා.[/FONT]
    [/FONT]
    [FONT=&quot]
    [FONT=&quot]බිස්නස් නම්බර් 03 තමයි කොන්තරාත්‍ කරුවා. [/FONT][FONT=&quot]Contractor මේකට මුලික වියඳම මෙච්චරයි කියලා කියන්න අමාරුයි. සමහරවිට මුලික වියඳමක් අවශ්‍ය වන්නෙත් නැහැ. උබට තියෙන්නේ ගෙවල් හඳන්න contract බාරගන්න එක. එහෙම බාර ගන්න කලින් උබට බාසුන්නැහැලෑ ටිකක් එකට එකතු කරගන්න වෙනවා. එක තමයි අමාරුම දෙය. උබ තමයි ඩීල් කථාකරන කෙනා. ඒකත් නිකන් ඉදලා සල්ලි හොයන විදිහක් තමයි. උබට තට්ටු 6 යේ 4 ලොකු දේවල් කරන්න නම් ලියපදිංචි වෙන්න වෙනවා. ඒක ලෝකු සීන් එකක්.(මට මතකයි එළකිරි එකේ කවුද දාලා තිබුණා මහා පරිමාණයෙන් කරනවා නම් කරන විදිහ.)[/FONT]
    [FONT=&quot]ගංවල චාටර් වෙලා ඉන්න අහිංසක බාස්ලා ටිකක් හොයාගනින්. ගොඩක් වෙලාවට උන්ට වැඩ අඩුයි. හැබැයි සුපිරියට වැඩ දැන්න උන් වෙන්න ඔනේ. නැති නම් උබ පාස්පොට් එකක් හදාගෙන රට පලයන් ලංකාවේ ඉන්න එපා.[/FONT]
    [FONT=&quot] උබට ගෙවල්වල පොඩි පොඩි වැඩ භාරගන්න පුළුවන්. බාස් ලා එක්ක කථාවෙලා උන්ට සාධාරණව ගෙවපන් සාමාන්‍යයෙන් [/FONT][FONT=&quot]washroom එකක් හඳන්න 100000/= විතර යනවා. උබට තියෙන්නේ වැඩේ මැනේජ්කරන එක. ඉතින් බඩු ගන්නකොට එක එක දේවල් ගේනකොට කොමිස් එකකුත් උබට සෙට් වෙනවා. උපරිම දවස් 5ක් යාවි. බාස් කෙනෙකු සහ ගෝලයා ඇති වැඩේට. බාස්ට 2000 ගෝලයාට 1400 ඒ වගේ ගණන් තමයි යන්නේ. උබට සාර්ථිකව හැඩල් කරන්න පුළුවන් නම් බාස්ලට යුන්ෆෝම් එකක් මහලා දීලා එකම විදිහට ලෝගෝ එකක් තියෙන. TV එකේ ඇඩ් එකක් දාලා ලොකු ගේමක් දෙන්න පුළුවන්. උත්සහකරලා බලපන් නැති වෙන්න කිසිම දෙයක් නැහැ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]



    [/FONT]
    [FONT=&quot]
    [FONT=&quot]බිස්නස් නම්බර් 04 තමයි 50 000/= විතර වියඳම් කරන්න පුළුවන් නම් [/FONT][FONT=&quot] Rottweiler [/FONT][FONT=&quot]හරි [/FONT][FONT=&quot] Siberian Husky (මු නම් ෆට්ට ගණකට දෙන්න පුළුවන්. ලංකාවේ ටික දෙනයි ඉන්නේ.) බැල්ලියෝ කිහිප දෙනෙක් ගණින්. කුඩු හඳලා බලු පැටව් බිස්නස් එක කරන්න පුළුවන්. Rottweiler එකෙක් හරියට නිරෝගීව හැඳුනොත් අවුරුද්දකට පැටවු 03 පාරක් දානවා. වරකට පැටව් 6 ක් විතර දානවා. එක පැටියෙක් 40000/= විතර වෙනවා. Siberian Husky නම් කරන්න අමාරුයි. ලංකාවේ ඉන්න කිහිප දෙනත් පිටරටින් ගෙන්වපු උන් ටිකක්. ඉන්දියාවෙන් ගන්න පුළුවන්. පැටවු දාන්නේ අවුරුද්දකට එක පාරයි කියලා තමයි කියන්නේ. පැටවෙකු 100000/= විතර වෙනවා.[/FONT]
    [/FONT]
    [FONT=&quot] [FONT=&quot] ඔය බල්ලන්ට මුල් කාලයේ විටමින් ටික දෙන්න ඔනේ. කෑම ගැන බය වෙන්න දෙයක් නැහැ. අඩුම ගාණට තියෙන හාල් එක ගෙනත් පොඩි රයිස් කුකර් එකක් ගත්තානම් හොඳටම ඇති. බත් හඳන්නේ හාල් වලට ලුණු, කහ බෝංචි කරල් දෙකක් තුනක්, අලකැල්ලක් මස් හරි කරවල හාල් මැස්සෝ මාළු කැල්ලක් එකටම දාලා තම්බලා හොදට අනලා දෙන්න එච්චරයි. රෑට දෙන්න එපා. උදේ සහ දවල් දෙන්නේ. කිරි එකකුත් දියන් පුළුවන් නම්. උබට නැතත් ලක්ෂගාණක් හොයලා දෙන සතාට කිරි එකක් අරන් සීනි නැතුව හදලා දියන් පවු නැහැ.[/FONT]
    [FONT=&quot] ඩිස්ටි ඩිඩින් පාර දාන්න ඔනේ නම් වෙට් කෙනෙක් ගෙන් අහලා බලපන් උන් ගාවා නම්බර් තියෙනවා. සමහර උන් සල්ලි ගන්නවා. බල්ලගෙ අයිතිකාරයා. බල්ලට ඉතින් ආතල් එක විතරයි තියෙන්නේ. සමහර උන් පැටව් 02 ගණ්නවා. මම ලංකාවට ආපුවහම මේක කරන්න කියලා හිතාගෙන ඉන්නවා. නවුන්-බුවා අයියා තමයි [/FONT][FONT=&quot]cross කරන්න දාන්නේ. Out come එක මොනවා වෙයිද දන්නේ නැහැ. මොනවා උනත් මිටි breed එකක් වෙයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]


    [/FONT]

    [FONT=&quot] [FONT=&quot]ලක්ෂ 2 විතර වියඳම් කරන්න පුළුවන් නම් කුඩා ප්‍රමාණයේ ඇබරුම් හලක් දාන්න පුළුවන්. මෝටර් එකට වෙන්නේ 45000/= පාවිච්චි කරපු මෝලක් ගන්න පුළුවන් 100000/= වෙනකොට. ස්ථානයක් ඉතින් තමන් හොයාගන්න ඔනේ. ඒකට තමයි මොලයක් කියලා දෙයක් තියෙන්නේ. කුලි පදනමට කඩ කැල්ලක් ටවුන් එකකින් ගත්තත් පාඩු නැහැ. ප්‍රධානම දෙය තමයි කරට් එක ඉතුරු කරගන්න අවශ්‍යතාවය. එකට ක්ෂණික කෙටලි වලට (කිලෝ 5- 10) ලොකු [/FONT][FONT=&quot] Grinder එකක් ගන්න. 7500/= විතර වෙයි. Philips හොඳයි. 8kg මිරිස් කොටන්න පුළුවන් දෙපාරකට. ලොකු මෝලෙන් පොඩි පොඩි දේවල් කොටන්න යන්න එපා. ඒක එච්චර හොඳ මදි. ප්‍රශ්න එන්න පුළුවන්. කරට් එක ගැන මම කිව්වේ. බිස්නස් ලයින් නිසා ගණන් වැඩී.[/FONT]
    [FONT=&quot] මේක කරන ගමන් තමන්ගේ නමින් කහකුඩු, මිරිස්කුඩු තුනපහ ජාති පැකට් කරලා විකුණන්න පුළුවන්. අපිට කහ හොය හොයා කොටන්න ඔනේ නැහැ. කුඩු කරපු කහ තොග පිටකොටුවෙන් ගන්න පුළුවන් තොග පිටින්. ඒක කරන්නේ මාර්කටින් එකක් විදිහට. එච්චර ලාබයක් එන්නේ නැහැ. නම [/FONT][FONT=&quot]publish කරගන්න. “ඔබේ කෝපි එවලේම ඔබ වෙත” කියලා කවුරුත් නොකරපු දෙයක් දාපන්. කෑමජාති නිසා අනිවාර්යයෙන්ම ලියාපදිංචි වෙන්න වෙනවා. ලංකාවේ නිසා පරීක්ෂණ කරන උනොත් කීයක් හරි අතට යටින් ගනී. පුද්ගලික සමාගමක් නැතුව තනි පුද්ගල වියාපාරයක් හැටියට ලියාපදිංචි කරන්න.[/FONT]
    [FONT=&quot] Use කැපු mill එකක් ගන්න කිව්වට ඒක අරගෙන ඇතුලේ තියෙන දැති සෙට් එක නැවත ලියවන්න ඔනේ. ඒ කියන්නේ මුවහත් කරන්න ඔනේ. පීරක් අරගෙන උබටම කරන්න පුළුවන්. දැති කැඩිලා නම් ඒ කැල්ල විතරක් අරන් පලයන් කම්මලකට.හොඳට කෙටෙන්නේ නැහැ නැති නම්. මිරිස් කෙටුවට පස්සේ මෝල හොඳට හෝදන්න වෙනවා. නැති නම් වෙන වෙන ජාති කොටන්න බැහැ. සමහර අය කරන්නේ රිජිෆෝම් එකක් තෙමලා මෝලට දාලා කරකවා. එතකොට සැර ඒකට උරාගන්නවා. A to Z සේරම කියදෙන්න අවස්ථාව නෙවෙයි මේක. යුස් කරපුවා කුරුනෑගල තියෙනවා අඩුවට.[/FONT]
    [FONT=&quot] මේක දිගුකාලීන ආයෝජනයක් උබට වියඳම් කරපු ගාන හොයන්න මගෙ ගණන් බැලීම් වලට මාස 6කට වඩා යනවා. නමුත් අවුරුද්දකින් පස්සේ උබට හොඳ ආදායමක් හොයන්න පුළුවන් විදිහක් තමයි මේක. [/FONT][FONT=&quot]Business එක ඩිවෙලොප් කරන එක තමන්ට බාරයි. කරගෙන යනකොට එක එක දේවල් ඇඩ් කරන්න උබටම හිතෙයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]



    [/FONT]
    [FONT=&quot] [FONT=&quot]ලක්ෂ 3 විතර වියඳම් කරන්න පුළුවන් නම් තවත් බිස්නස් එකක් තියෙනවා සවුන්ඩ්ස් සිස්ටම් [/FONT][FONT=&quot]rent කරන්න පුළුවන්. මේක සේරටම හරියන දෙයක් නෙවෙයි ඒ සම්බන්ධ දැනුම අවශ්‍ය වෙනවා. අපි සාමාන්‍ය DJ කරන කෙනෙක් නම් පොඩි audio mixer එකක් තියාගෙන වැඩේ කරන්න පුළුවන්. සංගීත කණ්ඩායම් කරනවා නම් වැඩේ ටිකක් දරුණුයි. අඩුම ගාණට තියෙන්නේ soundscraft mixer එක 85 විතර වෙනවා චැනල් 24.[/FONT]
    [FONT=&quot] සාමාන්‍ය සවුනඩ්ස් සෙට් එකක් ගණ්න පුළුවන් පොඩි චැනල් 8 [/FONT][FONT=&quot]yamaha mixer එක්ක 50000 විතර. 150000/= විතර වෙනවා sounds monitor වලට. BINs අපිට ස්පීකර් ඇරගෙන හදාගන්න පුළුවන් නම් තව කීයක් හරි අතට ඉතිරි වෙනවා. යුටියුබ් එක බලාගෙන සවුන්ඩ්ස් මොනිටර් හදාගන්න පුළුවන් නම් හොඳ ස්පීකර් කඩවලින් ගන්න පුළුවන්. ඒකට එකක් වාසියි.[/FONT]
    [FONT=&quot] උදාහරණයක් හරටියට 1000[/FONT][FONT=&quot]W Behinger Amplifier එකක් 10000/= විතර දීලා ගන්න පුළුවන් නම් අපිට පොඩි වැඩක් කවර් කරගන්න පුළුවන්. ඩිජිටල් අවුට් තියෙන නිසා ලැප් එකෙන් mixing කරගන්න පුළුවන්. මම කියන දෙය තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකයි මම කිව්වේ මේක ගැන පොඩි අවබෝධයක් තියෙන කෙනෙකුට විතරයි බිස්නස් එක සෙට් වෙන්නේ.
    [/FONT]
    [FONT=&quot] තමන්ට පොඩි හැකියාවක් තියෙනවා නම් DJ වැඩෙත් කරගන්න පුළුවන්. එකට ලොකු console (අර තැටි දෙකක් කරකවන්නේ) අව්‍යශ වෙන්නේ නැහැ. වැඩ දන්න එකාට VCD player එකත් ඇති. හොඳ සිංදු කලෙක්ෂන් එකක් ඔනේ. අවස්ථාව අනුව වෙනස්වෙන. MIDI ටිකකුත් එකතුකරගන්න නිතරම මිනිස්සු කියන සිංදු. වැදගත් වැඩේ තමයි අවශ්‍ය වෙලාවට සිංදුව කොහෙන හරි දාලා දෙන එක. ඔය මොකවත් තේරුනේ නැති නම් ලැප් එකට ඩොන්ගල් එකක් ගහලා youtube එකෙන් දාපල්ලා. අහන මිනිස්සු දන්නේ නැහැ මොනවද වෙන්නේ කියන එක.[/FONT]
    [FONT=&quot] එහෙම අටවාගත්ත සෙට් එකකින් හොල් එකක වෙඩින් එකක්. පොඩි පොඩි දේවල් වලට 20000/= විතර [/FONT][FONT=&quot]rent කරන්න පුළුවන්. අවුලක් වෙන්නේ නැහැ.[/FONT]






    [/FONT]

    [FONT=&quot]තව ලක්ෂ 05ක් විතර තියෙනවා නම් කරන්න පුළුවන් [/FONT][FONT=&quot]photography ඒක ටිකක් ඉගන ගන්න ඔනේ. හොඳ කැමරාවක් ගන්න වෙනවා. තව ලයිට් එහෙම ගොඩක් ජාති තියෙනවා. කැමති අය ඉගෙන ගෙන කරන්න. සමහර වෙලාවට කැමරා කුලියට ඇරගෙන කරන්න පුළුවන්. ඒ වැඩේ ටිකක් risky මොකද කැමරාව කොයිවෙලේ කැඩේවිද දන්නේ නැහැ. කලර් එහෙම හරියට තිබුනේ නැති නම් රටෙන් පිටවෙන්න වෙනවා. දෙපාරක් වෙඩින් ගන්නේ නැහැ.[/FONT]
    [FONT=&quot] ලාංකාවේ [/FONT][FONT=&quot]photography කෙනෙක් එක වෙඩින් එකක් කවර් කරන්න අඩුම 80000/= විතර ගන්නවා. ඊට අමතරව එක එක දේවලට අඩ් වෙනවා. Welcome, thanks cards හදන්න එහෙම තව ගාණක් කපාගන්න පුළුවන්. හරියට කලාව ඉගන ගන්න ඔනේ. හෙට කැමරාවක් ඇරන් ගිහිල්ලා කරන්න අමාරුයි. [/FONT]

    [FONT=&quot] අවසානයට කියපු දේ ඇරුණකොට අනික් සේරම දේවල් සල්ලි තියෙනවා නම් හෙට උනත් පටන් ගන්න පුළුවන් ලොස් වෙන්නේ නැහැ. බය වෙන්න දෙයකුත් නැහැ. ගොඩක් වෙලාවට [/FONT][FONT=&quot]computer parts, programing, Graphic Design හැම දෙනාම දැන් කරනවා. 6 වසරේ පොඩි කොල්ලෝ දැන් web design කරන්නේ. ඉතින් පැවැත්මක් නැහැ. අනික තමයි ලැජ්ජාවෙලා තමන් ගැන ලොකුවට හිතලා මේවගේ දේවල් කරන්න බැහැ. සල්ලි හොයන්න කට්ටක් කන්න අවශ්‍ය වෙනවා. නිකන් ඉදලා සල්ලි තමන් වෙනුවෙන් වැඩ කරන අවස්ථා ටිකක් තමයි මම කිව්වේ.[/FONT]



    p.s:-
    (කොපි කරන සේරම ෆෙස්බුක් ඇඩ්ම්න්ලා කුණුවේවා.)
    (copyright)

     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,451
    14,367
    113
    7
    කටුකරෝලගම
    "නවුන්-බුවා අයියා තමයි cross කරන්න දාන්නේ. Out come එක මොනවා වෙයිද දන්නේ නැහැ. මොනවා උනත් මිටි breed එකක් වෙයි."

    :rofl: මේ මොකද්ද බන් මේ කතාව :D
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,170
    1,981
    113
    Bevery Hills-90210
    "නවුන්-බුවා අයියා තමයි cross කරන්න දාන්නේ. Out come එක මොනවා වෙයිද දන්නේ නැහැ. මොනවා උනත් මිටි breed එකක් වෙයි."

    :rofl: මේ මොකද්ද බන් මේ කතාව :D
    මේචචර වැදගත් සීන් එකක් දාලා උබට ඔතන විතරද touch une..
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,682
    527
    113
    කුළුබඩු වැඩේ නම් දැනට කරගෙන යනව.. හැබැයි එලියෙන් කුලියට කොටාගෙන එන්නෙ.. එකපාර මෝල් අරන් අත ගහන්න බයයි... මාකට් කරගන්න එකනෙ බැරි... බඩු සුපිරි කොලිටි දෙනව එක්ක
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,170
    1,981
    113
    Bevery Hills-90210
    කුළුබඩු වැඩේ නම් දැනට කරගෙන යනව.. හැබැයි එලියෙන් කුලියට කොටාගෙන එන්නෙ.. එකපාර මෝල් අරන් අත ගහන්න බයයි... මාකට් කරගන්න එකනෙ බැරි... බඩු සුපිරි කොලිටි දෙනව එක්ක
    niyamai machan'
     
    • Like
    Reactions: King_cobra

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    9,381
    11,879
    113
    පට්ට පට්ට බන්..අර කඩල් බිස්නක් එකට පුලුවන් ඉතින් ඕනිනම් පොඩි සාලයෝ ටිකක් එහෙම කර වෙන්ඩ බැදලා දෙන්ඩ..කූරියෙක් 40 ගානේ දුන්නත් ලාභයි මන් හිතන්නේ.සුවඳට මිනිස්සු බලනවා...බොන උන් එහෙම පෝලිමේ එයි :yes::yes:
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    51,654
    16,702
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    ElaZ!
    REP+++++
     

    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,206
    162
    63
    මමත් Rottweiler ගෑනු සතෙක් ගත්ත 35000ක් දීල හොද නම ගිය තැනකින් ගත්තේ බිග්හෙඩ් , බිග්බොන් කියල දුන්නේ ඇත එකාගේ බිග්හෙඩ් නැ..මට මාරම අවුල් සල්ලිත් දීල අරගෙන...ඇගනම් තියෙනවා ඖලක් නැ හෙඩ්එක තමයි අවුල..ජාඒල පැත්තේ හොද බල්ලෝම කරන තැනකින් ගත්තේ....දැන් මස 8යි ඇත මට හරි නැ අප්පා සල්ලිත් දීල අරගෙන කියපු විදිහට නැති වෙද්දී...බල්ලට දැනටම 80000ක් විටර වියදම් කර හොදට හදා ගන්න..ඇත එකාගේ හෙඩ් එක අන්නෙම නැ..... :(:(:(:( මොන කරන්නද කියල හිටගන්න බැ මමත් බිස්නස් එකට තමයි ගත්තේ ඒත් මට බයයි වගේ හරියට එන්නේ නැති වෙයිද කියල...
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,170
    1,981
    113
    Bevery Hills-90210
    මමත් Rottweiler ගෑනු සතෙක් ගත්ත 35000ක් දීල හොද නම ගිය තැනකින් ගත්තේ බිග්හෙඩ් , බිග්බොන් කියල දුන්නේ ඇත එකාගේ බිග්හෙඩ් නැ..මට මාරම අවුල් සල්ලිත් දීල අරගෙන...ඇගනම් තියෙනවා ඖලක් නැ හෙඩ්එක තමයි අවුල..ජාඒල පැත්තේ හොද බල්ලෝම කරන තැනකින් ගත්තේ....දැන් මස 8යි ඇත මට හරි නැ අප්පා සල්ලිත් දීල අරගෙන කියපු විදිහට නැති වෙද්දී...බල්ලට දැනටම 80000ක් විටර වියදම් කර හොදට හදා ගන්න..ඇත එකාගේ හෙඩ් එක අන්නෙම නැ..... :(:(:(:( මොන කරන්නද කියල හිටගන්න බැ මමත් බිස්නස් එකට තමයි ගත්තේ ඒත් මට බයයි වගේ හරියට එන්නේ නැති වෙයිද කියල...
    මට බිස්නස් එක කරන ඩයල් එකක් කිව්වා. පෙට් ශෙෘප් වල ඉන්න උන් පැටවු ගහන්නේ නැහැ කියන එකඋන්ට ඉන්ජක්ෂන් එකක් ගහලාලු තියෙන්නේ. මම හරියමට දන්නේ නැහැ.