ලෝකයා අතර සැලකිලිමත් වන පමණටම පළමුවෙන්ම සොයා ගැනීම පිළිබඳව ද නොයෙකුත් මතභේද වලින් ගහන ව පවතන ඖෂධයකි අබින්.
ක්‍රිස්තු පූර්ව තුන්වැනි සතවර්ෂයේ විසූ ග්රීක්වරුත් ක්‍රිස්තු වර්ෂ 9 වැනි ශතවර්ෂයට පෙර විසූ චීන්නුත් අබින් ගැන දැන සිටි බැව් වාර්තා ගත වී තිබෙන නිසා, මේ වර්ගය පළමුවෙන් සොයා ගත්තේ පෙරදිග ද අපරදිග දැයි නිශ්චය කිරීම දුෂ්කරය.
අභිඵෙන යනු මීට ව්‍යවහාර වන සංස්කෘතික නාමයකි.මේ ද්‍රව්‍යයේ ක්‍රියාකාරී බලය පරීක්ෂාකර බැලූ පෙරදිග වෛද්‍යවරයෝ නාග විශ මෙන්ම අබින් ද වැරදි ලෙස පාවිච්චි කිරීම මනුෂ්‍ය ශරීරයට අන්තරාදායක කර නිසා අභිඵෙන යන නම මේ ශ්‍රව්‍ය ට තැබුවාට කිසිම සැකයක් නැත.
අබිං ගැන දැනගැනීම කොතෙක් පැරණි දැයි හරිහැටි නිගමනය කළ හැකි වූවත් ඉන්දියාවත් ලංකාවත් එය ඖෂධයක් වශයෙන් පිළිගෙන අවුරුදු අට සියයකට වඩා පැරණි නැති බැව් ලියා තිබෙන පොත පත අනුව නිගමනය කළ හැකිය.
වෛද්‍ය යෝගයන්හි ලා අබිං ඇතුළත් කර තිබෙන පැරණිතම ලාංකික වෛද්‍ය පොත යෝගරත්නාකරය නම් කෘතියයි.
අබින් ස්නායු දුර්වල කරන, ධාතු ස්ථම්භනය හෙවත් වියළීම කරන , කාමාසාව වර්ධනය කරන, නිද්‍රා ජනක ද්‍රව්‍යයකි. තියුණු මධ්‍යසාර වර්ගයක් පාවිච්චි කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල මේ වර්ගයෙන් ස්වල්පයක් අනුභව කිරීමෙන් ම ලැබෙයි. එම නිසා මත්පැන් පානය තහනම් කර ඇති ආගම් දෙකක් අදහන බොහෝ ඉස්ලාම් හා හින්දු ලබ්ධික යෝ ඔවුන්ගේ ආගමික ප්රතිපත්තියත් රකිමින් කාර්යයක් කරගැනීම උදෙසා මෙය භාවිතයට ගනියි..
උප්පත්ති ස්ථාන වශයෙන් අබිං වර්ග තුනකට බෙදිය හැක. තුර්කි අබින්,මිසර අබිංන් හා ඊජිප්තු අබින් ඒවා නම් වේ. මේවායින් තුර්කි අබින් ශ්‍රේෂ්ඨ වේ. මන්ද ඒවාට අනෙක් දෙවර්ගයට වඩා අධික වීර්යයක් ඇති හෙයිනි.ඉන්දියාව,චීනය, මිසරය, තුර්කිය යන රටවල සහ ඇතැම් යුරෝපීය රටවලත් අබිං වැවීම කරයි. ඒ හැම රටකම අබිං නිෂ්පාදනය හා වෙළඳාම ආණ්ඩුව සතු වේ.
ඉන්දියාව හා ලංකාවේ ඇතැම් කොටස් ආක්‍රමණය කළ යුරෝපීය ජාතියක් නිසා තදින් පැතිර ගිය පරංගි වැනි රාත්‍රී කාලයෙහි අතපය රුදාවෙන් නින්ද නොයන සමහර පාප රෝගවලින් පෙළෙන අයට ස්නායු අප්ප්රානික වීමෙන් වේදනා සහනයත්, වහා නිදි ගැන්වීමටත් සඳහා අබින් පාවිච්චි කිරීමෙන් ක්ෂණිකව ලැබෙන සුවය හෙයින් අබින් කෑම වඩාත් පැතිර ගියේය.(චීන්නු අබින් දුම් බීම සඳහා පාවිච්චි කරති.එය අබින් කෑමටත් වඩා අන්තරාදායක වේ)
කෙසේ නමුත් අබිං වලින් ගුල්ම රෝග හෙවත් පණුගාය, අතීසාර, ලේ වමනය, ජල සන්නිය, කොලරාව , බඩවැලේ ආබාධ,විෂම ජ්වරය හා මුත්‍ර දෝෂ ආදී රෝග නිරාවරණයට ලැබිය හැකි ක්ෂණික ගුණ පරීක්ෂාකර දැනගත් පෙරදිග වෛද්‍යවරයෝ අබිං ඇතුළත් බෙහෙත් වට්ටෝරු සකස් කර භාවිතා කිරීමට පෙළඹුණි.
ඒවායේ විස මරා ඖෂධ වලට සුදුසු ලෙස පිලියෙල කිරීමෙන් මෙය සිදු කරනු ලබයි.
ඕනෑම දේක ඇති හොද නරක විනිවිද දැක භාවිතයට ගන්නේ නම් මිනිසුන්ට මේ තරම් ගැටලු මතු නොවන බවට හොද උදාහරණයකි අබින්..........
(from FB)