හමුදාවෙන් හැම තැනම දාලා හිටියත් කිසි අවුලක් තිබ්බේ නැහැ ඒ පැත්තේ. අපි රිටිගල විතරක් නෙමෙයි තව පන්සල් කිපයකම ඇවිද්දා. මම ජීවිතේට ආපහු නොයන කදු මුදුන්වල නැග්ගා. දැන් නම් හිතෙනවා ඒ තැන්වල කොහොම නැගලා බැස්සද කියලා. ඒ පන්සල්වල නම් නම් දැන් මතක නැහැ. හබරණ අවට තමයි තියෙන්නේ. අපි රිටිගල යන්න හිතාගෙන ගිය ගමනක් නෙමෙයි. අපේ කෙනෙක්ව ට්‍රේනිං එකකට ඇරලවන්න ගිය ගමනක්. අපේ අතේ වැඩිය සල්ලි තිබුණෙත් නැහැ. රු. 3000-4000 ක් විතරයි තිබුණේ. හබරණ ටවුමේ පොඩි පොට් එකක නැවතුණේ. දවස් දෙකක් හිටියා. මම ඒ ගැන දිනමිණට ආටිකල් එකකුත් ලිව්වා.