rmv help, ownership request

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    umbata gannama ona nam dan aiti karayage nam gam dala double transfer ekak daganin.

    ehema nattana wahane engine nmb, chassi nmb, registration nmb aragena kelinma RMV palayan narahenpita. gihin ahala balapan. un check karala evelema kiyai umbata.
     

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    ලියාපදිංචි හිමිකම් පැවරීමේදීඅනුගමනය කලයුතු ක්‍රියා පටිපාටිය

    • මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හෝ සියළුම දිස්ත්‍රික් ලේකම්/දිසාපති කාර්යාල වලින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් නොමිලයේ ලබාදෙන ආකෘති පත්‍ර කට්ටලය ලබාගන්න.
    • ආකෘති පත්‍ර කට්ටලය එම්.ටී.ඒ. 6 සහ එම්.ටී.ඒ. 8 ආකෘති වලින් සමන්විතය.
    • එම්.ටී.ඒ 6 අකෘති පිටපත් 6කි. එම පිටපත් ඒ, ඒ1, බී, බී1 යනුවෙන් සලකුණු කර ඇත.
    • එම්.ටී.ඒ 8 පිටපත් දෙකකින් යුක්තය. ඒවා සී සහ සී1 යනුවෙන් සලකුණු කර ඇත.
    • වාහනයේ වර්තමාන ලියාපදිංචි අයිතිකරු එම්.ටී.ඒ 6 ආකෘති පත්‍රයේ සියළුම පිටපත් සම්පූර්ණ කරන්න.
    • වර්තමාන අයිතකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද එම්.ටී.ඒ. 6 හි ඒ සහ ඒ1 පිටපත් තමා ලඟ තබා ගෙන එම්.ටී.ඒ. 6 හි බී, බී1 සහ එම්.ටී.ඒ. 8 සී, සී1 පිටපත් නව අයිතිකරු වෙත බාරදෙන්න.
    • වර්තමාන ලියාපදිංචි අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද එම්.ටී.ඒ. 6 ඒ පිටපත ‍මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වෙත ලේඛනගත තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් බාරදී ඊට අදාල සී.එම්.ටී 52 දරන කුවිතාන්සියක් ලබා ගන්න. එම්.ටී.ඒ. 6 ඒ1 පිටපත තමා ළඟ තබාගන්න.
    • නව අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරනලද එම්.ටී.ඒ. 6 හි බී පිටපත, එම්.ටී.ඒ. 8 හි සී පිටපත සහ මෙහි පහත සඳහන් වන අනෙකුත් අදාල ලියකියවිලි සමඟ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන පන්තියට අදාල ලියාපදිංචි හිමිකම් පැවරුම් අංශය වෙත බාරදී සී.එම්.ටී 52 දරන කුවිතාන්සියක් ලබාගන්න.
    • නව අයිතිකරු එම්.ටී.ඒ 6 හි බී1 පිටපත හා එම්.ටී.ඒ 6 හි සී පිටපත තමා ලඟ තබා ගත යුතුය.
    • සාමාන්‍ය සේවා යටතේ මෝටර් වාහනයක ලියාපදිංචි හිමිකම් පැවරීම සඳහා ඉදිරිපත් කලයුතු ලියවිලි කොළඹ 05, නාරාහේන්පිට පිහිටි මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඇති වාහන පන්තියට අදාල ලියාපදිංචි හිමිකම් පැවරුම් (සාමාන්‍ය සේවා) අංශයට හෝ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයට හෝ අදාල ප්‍රදේශිය ලේකම් කාර්යාලයට, රජයේ කාර්යාල විවෘත දින වල පෙ.ව 9.00 සිට 3.00 දක්වා බාරදිය හැකිය.

    ලියාපදිංචි හිමිකම් පැවරීමේ එක් දින සේවාව

    • වාහන ලියාපදිංචි හිමිකම් පැවරීමේදී පහත සඳහන් අවශ්‍යතා සම්පූර්ණ කරන්නේ නම් පමණක් නව අයිතිකරුගේ අවශ්‍යතාවය මත එක් දින සේවාව ලබා ගත හැක.
    • එක් දින සේවාව ලබා ගත හැක්කේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයේදී පමණකි.
    එක් දින සේවාව ලබාගැනීමේදී;

    • වාහනයක අයිතිය එක් දිනකින් පවරා ගැනීම සඳහා පැවරුම්ලාභියා පැමිණ තම අනන්‍යතාවය සනාථ කර අදාල ලියවිලි පෙ.ව 9.00 ත් මධ්‍යහ්න 12 ත් අතර කාලයේදී එක් දින පැවරුම් කවුළුවට භාර දිය යුතුය. නමුත් ඉදිරිපත් කරනු ලබන් ලේඛන හා කරුණු පිළිබඳව ශාඛාව භාර සහකාර කොමසාරිස්වරයා සෑහීමකට පත්වන්නේ නම් පැවරුම්ලාභියාගේ නියෝජිතයෙකු වෙනුවෙන් වුවද එම සේවාව ලබා දිය හැක.
    • එක් දින සේවාව මඟින් පැවරුමක් කර ඇති විට මාස 06 ක් යනතෙක් එම වාහනය සඳහා නැවත පැවරුමක් එක් දින සේවාව මඟින් සිදු කල නොහැක. නමුත් ශාඛාව භාර සහකාර කොමසාරිස්වරයාගේ තීරණය පරිදි පෙර අයිතිකරුවන් ගෙන්වා හෝ වෙනත් පිලිගත හැකි ලියකියවිලි මඟින් හෝ පැවරුමට විරෝධතා නොමැති බවට තහවුරුවක් ලබාගෙන එක් දින පැවරුමක් කර මාස 06ක් ඇතුළත නැවත එක් දින පැවරුමක් කළ හැක.
    • ලියාපදිංචි සහතිකයේ තත්වය මුල් පිටපත (Original CR) විය යුතුය. නමුත් පැවරුමක් ලියාපදිංචි කිරීමට ඉදිරිපත් කරනු ලබන ලියකියවිලි හා අනෙකුත් කරුණු අනුව ශාඛාව භාර සහකාර කොමසාරිස්වරයා සෑහීමකට පත්වන්නේ නම් අනුපිටපතක් මත වුවද එක් දින සේවා පහසුකම් මඟින් පැවරීම සිදු කළ හැක.
    • ලේ ඥාතීන්ගේ සහ එකම ලිපිනයක් සහිත වාහන පැවරීමේදී අදාල පාර්ශවයන්ගේ ප්‍රකාශ සටහන් කරගෙන ශාඛාව භාර සහකාර කොමසාරිස්වරයාගේ තීරණය මත එක් දින පැවරුම් සේවාව ලබා දිය හැක.
    • විහාර දේවාල සතු දේපලක් නම් පැවරිමේ විරෝධයක් නොමැති බව සඳහන් බෞද්ධ කටයුතු කොමසාරිස් නිකුත් කල ලිපිය ඉදිරිපත් කරන්න.
    • රාජ්‍ය හෝ රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩල සතු වාහන එක්දින සේවා පහසුකම් යටතේ තනි පුද්ගලයන්ට හිමිකම් මාරු කරනු නොලැබේ.
    • නැසීගිය අයිතිකරුවකුගෙන් වාහනයක් පැවරීම, ලියාපදිංචි සහතිකයේ තොරතුරු සංශෝධනය, ලියාපදිංචි සහතිකයේ හෝ අංක තහඩුවල අනු පිටපතක් ලබා ගැනීම යන අවස්ථාවන් නොවිය යුතුය.
    • එක්දින පැවරුම් සේවා යටතේ පුද්ගල පැවරුම් එකකට පමණක් අදාලව සිදුකල හැකි අතර මූල්‍ය පහසුකම් ලබාගැනීම වෙනුවෙන් ඉදිරිපත් කරන පැවරුම් උපරිම වශයෙන් 03 කට සීමා විය යුතුය.
    • අයිතිකරුම තමාගේ වාහනයේ ලියාපදිංචි සහතිකය නැතිවීම සම්බන්ධයෙන් අනුපිටපතක් ඉල්ලා ඇති විට ඉදිරිපත් කරන තොරතුරු පිළිබඳව අදාල ශාඛාව භාර සහකාර කොමසාරිස්වරයා සෑහීමකට පත්වන්නේ නම් එක් දින සේවා පහසුකම් මඟින් අනුපිටපතක් නිකුත් කළ හැක.
    • එක් දින පැවරුමක් සිදු කල පසු ඒ බව පැවරුම්කරු වෙත එදිනම ලියාපදිංචි තැපෑලෙන් දැනුම් දෙනු ලැබේ.
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    owner gen letter ekak oone needa??


    naha ban. ehema ona unat ona wenne antima registered ownergen umbata haravanava nam. hondama de dan wahane tiyana porage namata harawala umbe namata harawa ganna eka. ekata double transfer ekak kara ganna.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Normal Transfer daana...Etakota MTA 6 and MTA 8 wala forms 2i oni...Wena kisima deyak oni na...Leasing ekak tibila eka absolute owner delete karanawa nam deletion letter ekak.oni..

    new owner ge NIC copy ekak and color photo 2k (cerified by Gramasewaka) oni...
    Adayam balapathraya,CR eka oni...

    RMV gihilla transfer karala dena aya innawa..Oneday nam ba...Normal 21days walin karanawa..21days kiwwa 1month walin wage gedaratama CR eka enawa...Ape car eka transfer karanna heta yanawa kenek..Rs 3500i yanne...yana ekata Rs 500 dunna...documents tika deela receipts okkoma hetama genath dennam kiwwa....

    Open papers tibba kiyala baya wenna epa..Normal transfer daala karaganna puluwan...But 1-2 months yanawa....Open papers tiyena eva dema register kaloth hodai..idiriyata tawa tikak rules wedi karai...
     

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    naha ban. ehema ona unat ona wenne antima registered ownergen umbata haravanava nam. hondama de dan wahane tiyana porage namata harawala umbe namata harawa ganna eka. ekata double transfer ekak kara ganna.

    Normal Transfer daana...Etakota MTA 6 and MTA 8 wala forms 2i oni...Wena kisima deyak oni na...Leasing ekak tibila eka absolute owner delete karanawa nam deletion letter ekak.oni..

    new owner ge NIC copy ekak and color photo 2k (cerified by Gramasewaka) oni...
    Adayam balapathraya,CR eka oni...

    RMV gihilla transfer karala dena aya innawa..Oneday nam ba...Normal 21days walin karanawa..21days kiwwa 1month walin wage gedaratama CR eka enawa...Ape car eka transfer karanna heta yanawa kenek..Rs 3500i yanne...yana ekata Rs 500 dunna...documents tika deela receipts okkoma hetama genath dennam kiwwa....

    Open papers tibba kiyala baya wenna epa..Normal transfer daala karaganna puluwan...But 1-2 months yanawa....Open papers tiyena eva dema register kaloth hodai..idiriyata tawa tikak rules wedi karai...


    okkoma thiyanawa,last registered owner gen letter ekak na transfer ekata kamaththa pala karala :no::no::no: