Robin of Sherwood

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    කට්ටියට මතකද අපි පුංචි කාලේ ආසාවෙන් බලපු රොබින් හුඩ්… හුඟක් චැනල් වල එක එක රොබින් හුඩ් ලා පස්සෙ පස්සේ පෙන්නුවාට පොඩි කාලේ බලපු රොබින් හුඩ් තරම් කිසිම රොබින් හුඩ් කතා මාලාවක් අපේ හිත් වලට ඇල්ලුවේ නැහැ. එකේ හිටිය රොබින්ලා දෙන්නට, නසියර්, ජෝන්, මච්, විල් වගේම ටක් සහ මැරියන්ටත් අපි එකසේ ආසා කලා. අනෙක් අතට ඒ කාලේ අපිට හිටිය ලොකුම තරහා කාරයා තමා “ගයි ද ගිස්බන්…”

    robin-z-sherwood.jpg


    ඒත් අද මම කතා කරන්න යන්නේ ඒ කතා මාලාව ගැන නෙවෙයි. අද මම කතා කරන්නේ ඒකේදී යොදා ගෙන තිබුනු සංගීත කණ්ඩ ගැනයි. කථා මාලා තුනකින් සමන්විත වෙලා තිබුනු “ෂර්වුඩයේ රොබින්” නැත්නම් “Robin od Sherwood” සංගීතවත් කරලා තිබුනේ අයර්ලන්ත ජන ගී කණ්ඩායමක් වුණු ක්ලැනඩ් (Clannad) කියන සංගීත කණ්ඩායමයි.

    රොබින් හුඩ් කතා මාලාව එංගලනතයේ ITV නාලිකාවේ විකශය වෙන්න ගත්තේ 1984 වසරේ. එම වසරෙදිම Clanad සංගීත කණ්ඩායම “ෂර්වුඩයේ රොබින්” වෙනුවෙන් තමන් කරපු සංගීත නිර්මාණ එකතු කරලා තමන්ගේ හත්වෙනි ඇල්බමය විදිහට Legend කියන සංගීත ඇල්බමය නිකුත් කලා. මෙම සංගීත ඇල්බමය එංගලන්තය වගේම නවසීලන්තය වගේ රටවලත් සංගීත ලෝලීන්ගේ සිත් දිනාගෙන සංගීත දර්ශක වලටත් ඇතුල් වුණා. ඒ වගේම මෙම ඇල්බමය 1985 වසරේ BAFTA එහෙමත් නැත්නම් Brithish Acadamy of Film and Television Arts ආයතනය පවත්වන වාර්ෂික සම්මාන උළලේ හොඳම රූපවාහිනි වැඩසටහන් සංගීතය සඳහා වන සම්මානය දිනා ගත්තා.

    CLANNAD | LEGEND
    Robin Of Sherwood Soundtrack

    Clannad-Legend-245017.jpg


    මේ ඇල්බමයේ තියෙන ගීත බොහෝමයක් සංගීතමය වශයෙන් ඉතාමත් පෝසත්. ඒ හින්දා ඒ ගීත කීපයක් ඔයාලත් එක්ක බෙදා හදා ගන්න ඕනේ කියලා හිතුනා. අහලා බලන්නකෝ. ලස්සන සංගීතය රස විඳින ගමන් පුංචි කාලේ මතකයන් අතර සැරිසරන්නත් ඔයාලට පුලුවන් වේවී… ( අර රොබින් හුඩ් බලන්න ඕනේ හින්දා ක්ලාස් කට් කරන්න අම්මලට කියපු බොරු වගේ දේවල්…)
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    Clannad | Legend | Lady Marion

    Legend සංගීත ඇල්බමයේ ළයාන්විතම සංගීත කණ්ඩයේ නම "Lady Marion". කතා මාලාවෙම හිටිය එකම ප්‍රධාන කාන්තා චරිතය ඇය හින්දා ඇය වෙනුවෙන් නිර්මාණය කරපු සංගීත කණ්ඩයට හැඟුම්බර බවක් එකතු කරලා සෑහෙන්න...

     

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    Nce..
    අනිත් ටිකත් දාපන් මචන්..
    Thanks for sharing
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    Clannad - Legend (1984) [BMG 82876 545022]

    clannad3785505.jpg


    Tracklist:

    1 - Robin (The Hooded Man)
    2 - Now Is Here
    3 - Herne
    4 - Together We
    5 - Darkmere
    6 - Strange Land
    7 - Scarlet Inside
    8 - Lady Marian
    9 - Battles
    10 - Ancient Fores

    MP3
    Code:
    http://www.fileserve.com/file/ZHdGVk7

    Thanks Macho,...
    I Love This Music Album