Rs 2/- Tax for IDD Calls from Jan 01st

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ශ්‍රී ලංකාවේ ජංගම සහ ස්ථාවර සියලු දුරකථන ග්‍රාහකයින් ලබාගන්නා සියලුම ජාත්‍යන්තර ඇමතුම් (IDD) සඳහා 2011 ජනවාරි 01වන දින සිට ක්‍රියාත්මකවන පරිදි විනාඩියකට රුපියල් 2.00ක බදු මුදලක් අය කිරීමට රජය සැරසේ.

    මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය විසින් නොවැම්බර් 19වන දින ප්‍රකාශයට පත්කරන ලද අංක 1680/29 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව 2004 අංක 11දරණ මුදල් පනතෙහි 26 සහ 22වන වගන්තිවලට යටත්ව අදාළ ජාත්‍යන්තර ඇමතුම් සඳහා එම බදු මුදල නියම කෙරේ.

    ජංගම සහ ස්ථාවර සියලු දුරකථන ග්‍රාහකයින් ජාත්‍යන්තර ඇමතුම් ගැනීමේදී අදාළ බදු මුදලට යටත්වේ.

    එමෙන්ම ජාත්‍යන්තර ඇමතුම් සඳහා තත්පරයට අය කරන්නේ නම් තත්පරයට සත 3.3ක බදු මුදලක් අය කෙරේ.
    :dull::dull::dull::dull:

    කොහොමද? මරු නේ? මෙහෙමත් අස්චර්යවත් රටක් මුළු ආසියාවේම නැතුව ඇති.. :P