Rukmani Devi ය අවුරුදු 15 දි ගැයු ගීය

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,720
    113
    Mahanuwara
    Rukmani Devi ය අවුරුදු 15 දි ගැයු ගීය

    fcOkIYH.jpg

    රුක්මණී දේවිය අපට සිංහල චිත්‍රපට/ගීත ගැන කතා කරනකොට කතා නොකරම බැරි චරිතයක්,රුක්මණී දේවිය ලංකාවේ පළමුවෙනි චිත්‍රපට නිලිය,ඇය බොහෝ හැකියාවලින් පරිපුර්ණ වුනු නිහතමානි කාන්තාවක් ලෙස ඉතිහාසයේ සඳහන් වෙනවා,මේ ගීතය ඇය 1938 වර්ශයෙදි ඒවකට ඉතා ප්‍රවින සංගීතඥයෙක් වු එච්.ඩබලිවි රූපසිංහ මාස්ටර් සමග ගැයු පළමුවෙනි ගීතයයි,මෙම ගීතය ඇය ගයනකොට ඇගේ වයස 15ක් විමද සුවිශේෂත්වයක්,මොකද එ දවස් වල one take එකෙන් ගන්න ඔනේ,අද වගේ කැලි කැලි රේකොර්ඩ් කරලා අමුනන්න බැ,වැරදුනොත් කපපු තැටිය විසික්කරලා තව එකකට යන්න ඔනේ.

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රුවෙන්ද ගුනයහපත්කමෙන්ද ඉතාමත් ඉහල කෙනෙක් ලු. දරුවෙක් නැති එකට දුකින් ඉදිය කියල නම් අහල තියනවා...
    නියම නිලිරැජින මෙතුමියයි....
    මාලනි ෆොන්සේක කියන්නේ බඩුවක් රුක්මණී දේවියගේ ලගින්වත් තියන්න බෑ ඒ ගෑනි..
     
    • Like
    Reactions: Sara531 and 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,720
    113
    Mahanuwara
    රුවෙන්ද ගුනයහපත්කමෙන්ද ඉතාමත් ඉහල කෙනෙක් ලු. දරුවෙක් නැති එකට දුකින් ඉදිය කියල නම් අහල තියනවා...
    නියම නිලිරැජින මෙතුමියයි....
    මාලනි ෆොන්සේක කියන්නේ බඩුවක් රුක්මණී දේවියගේ ලගින්වත් තියන්න බෑ ඒ ගෑනි..

    :yes: ඔව්,උඩ කමේන්ට කරපු දෙන්නට ඉතිහාස පාඩමක් කියලා දෙන්න වෙනවා රුක්මනී දේවියගේ විශේෂත්වය කියලා දෙන්න......
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    :yes: ඔව්,උඩ කමේන්ට කරපු දෙන්නට ඉතිහාස පාඩමක් කියලා දෙන්න වෙනවා රුක්මනී දේවියගේ විශේෂත්වය කියලා දෙන්න......

    ඩේසි රාසම්මා ඩැනියෙල් හෙවත් රුක්මනී දේවී

    තමන් දෙමල කෙනෙක් කියල කියන්න ලැජ්ජාවටද රුක්මනී දේවිය රාසම්මා කෑල්ල අයින් කලේ :confused:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඩේසි රාසම්මා ඩැනියෙල් හෙවත් රුක්මනී දේවී

    තමන් දෙමල කෙනෙක් කියල කියන්න ලැජ්ජාවටද රුක්මනී දේවිය රාසම්මා කෑල්ල අයින් කලේ :confused:

    ඔය නම් දැම්මෙ ඉස්සර චිත්‍රපටි අධයක්ශකල..:yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,720
    113
    Mahanuwara

    ඩේසි රාසම්මා ඩැනියෙල් හෙවත් රුක්මනී දේවී

    තමන් දෙමල කෙනෙක් කියල කියන්න ලැජ්ජාවටද රුක්මනී දේවිය රාසම්මා කෑල්ල අයින් කලේ :confused:

    oka stage name ekane ban,oya gana rukmani devi ma kiyanawa,balahan me link eka,rukmani colombo chetty tamil https://youtu.be/VI6vouhfdAk?t=1m25s
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    :yes: ඔව්,උඩ කමේන්ට කරපු දෙන්නට ඉතිහාස පාඩමක් කියලා දෙන්න වෙනවා රුක්මනී දේවියගේ විශේෂත්වය කියලා දෙන්න......

    නම දැන ගත්තම ඇති උන්නැහේ :yes:
    ගොඩාක් අතීතයේ දේවල් ඔන නෑ
    අනාගතය හරිම අවදානම් සහ දුස්කර එකක්
    කියල හොදටම තේරිල තියෙන්නෙ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,720
    113
    Mahanuwara
    නම දැන ගත්තම ඇති උන්නැහේ :yes:
    ගොඩාක් අතීතයේ දේවල් ඔන නෑ
    අනාගතය හරිම අවදානම් සහ දුස්කර එකක්
    කියල හොදටම තේරිල තියෙන්නෙ

    WORD :yes:
     
    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    Matanam kisi wisesayak ne ban oya anti ge
    කොහොමටත් අද පරම්පරාවට මේ අය ගැන විශේෂයක් නැහැ කීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. මොකද ඒ අය මෙයාලව දැකලාවත් නැහැ. අද වගේ ඕනෙම කෙනෙකුට ගායකයෙක් වෙන්න පුළුවන් වුණාට ඒ කාලේ අති දක්ෂයන්ට තමයි ඒ අවස්ථාව හිමිවුණේ. ඒ තමයි වචනයේ පරිසමාප්ති අර්ථයෙන්ම නියම ගායකයන් වුණේ. ඒ වගේම ගායනය,නර්තනය , රඟපෑම, රූපස්වභාවය කියන මේ හැම අංගයක්ම පිහිටලා තියෙන අය ඉන්නේ ඉතා අතලොස්සයි. ඒක තමයි මෙතන තියෙන විශේෂය.
     
    • Like
    Reactions: 001flyD

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    බොහොම නිහතමානි කෙනෙක් වගේම දක්ෂ නිලියක්

    අපේ ලොකු අම්මා පොඩි කාලේ නිකමට වගේ ලියුමක් යවලා පස්සේ එයත් පිළිතුරු ලිපියක් එවලා. දෙන්නා ඒ විදියට යාලුවෝ වගේ දුක සැප අහලා හුවමාරු කරගත්ත ලියුම් අපේ ලොකු අම්මා ගාව අදටත් තියෙනවා. එයාම අත්සන් කරලා එවපු තෑගී, ෆොටෝස් එහෙමත් ලොකු අම්මා ගාව තියෙනවා.

    කොහොම උනත් මෙයාගේ පවුල් ජිවිතේ නං එච්චර සතුටුදායක වෙලා නෑ. එඩි ජයමාන්න කියල ඒ කාලේ හිටපු හොඳම ප්‍රහසන නළුවා තමයි මෙයා කසාද බැන්දේ. හැබැයි ඒ මනුස්සයා මෙයාට සලකන්නේ නෑලු.

    පස්සේ මෙයා ඒ කාලේ ප්‍රසිද්ධ ගායකයෙක් උන නෙවිල් ප්‍රනාන්දු (සයිට්ම් නෙවිල් නෙවේ) එක්ක සම්බන්දතාවයක් ඇති කරගන්නවා. අපට කණ්ඩායම් සංගීතය හඳුන්වාදුන් Los Caballeros සංගීත කණ්ඩායමේ නායක සහ හඬ වුන ඔහු තමයි 'සඳක් නැගේ සඳක් ගිලේ සාගරේ', 'අපෙ කළු මාමේ', 'මාස්ටර් සර්', 'ගයන ගැයුම් - නටන නැටුම්', 'මල්බර හිමිදිරියේ' වගේ ගීත මුලින්ම ගායනා කරේ.

    ඔහුත් අකාලයේ මිය ගියාට පස්සේ ඇගේ ජීවිතය තවත් දුක්බර වෙනවා.

    දිනක් සිය සැමියා සමග රෑ සිය මෝටර් රථය පදවාගෙන එන වෙලාවක දෙන්නා අතර බහින්බස්වීමක් ඇති වෙලා එකපාර වාහනේ පාලනය කරගන්න බැරුව බවුසරයක පිටුපස ගැටීමෙන් රුක්මනී දේවිය සදහටම සමුගන්නවා. බවුසරේ යකඩ කුරක් ඇගේ පපුව හරහාම ගොස් තිබුනා කියල තමයි කියන්නේ. මට මතක විදියට එඩි ජයමාන්න ඊටපස්සේ වෙන විවාහයක් කරගන්නවා.

    කොහොම උනත් ඇය දක්ෂ නිලියක්. චිත්‍රපට නිලියක් වෙන්න කලින් ඇය අතිදක්ෂ වේදිකා නාට්‍ය නිලියක්. ඒත් කැමරාව ඉස්සරහ රඟපානවා කියන්නේ වෙනමම ශේයිලියක්. ඒ කාලේ එයාලට ඒ ගැන බලන්න කියල දෙන්න කෙනෙක් නෑ. ටීවී වත් නෑ නේ. අනික හා දොළොස් පාර එකම ෂොට් එක රීටෙක් කරන්න අමාරුයි. එඩිට් කරන්නේ කතුරෙන්. ඉතින් ඉගෙනගන්න දෙයක් ෆිල්ම් බලලම තමයි.
    එතුමිය ඒ අභියෝගය ලංකාවේ මුල්ම නිළිය විදියට බොහොම අපූරුවට ජයගත්තා කියලයි කියන්නේ.
     
    • Like
    Reactions: Sara531

    ඇක්සිඩන්ට් එක වුන දවසේ දයා පෙරේරා කියන එකාලේ හිටපු ප්‍රවිනම ඡායාරූප ශිල්පියෙකුගේ වාහනයේ තමයි රුක්මනි දේවි ආවේ,දයා පෙරේරා රුක්මනි දේවියගේ සංදර්ශනය රූපගත කරපු ශිල්පියා,දයා පෙරේරා තමයි ඩ්‍රයිව් කලේ,තෙල් බවුසර් එකේ හැප්පුන කතාව හරි,පස්සෙ කාලේක ක්ලැරන්ස් විජේවර්ධනයන් දයාබර දයා කියලා මේ ඡායාරූප ශිල්පියාව මතක් වෙන්න ගීතයක් කලා.
     
    Last edited:

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    නම දැන ගත්තම ඇති උන්නැහේ :yes:
    ගොඩාක් අතීතයේ දේවල් ඔන නෑ
    අනාගතය හරිම අවදානම් සහ දුස්කර එකක්
    කියල හොදටම තේරිල තියෙන්නෙ
    අතීතය අමතක කිරීම සහ ප්‍රවීනයන් හට ගරු නොකිරීම නිසයි අද අපේ රටේ කලාව පිරිහිලා තියෙන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රුක්මනී දේවිට සිංහල අකුරක්වත් බෑ එයාගේ බාසාවෙන් වචන ලියල දෙන්න ඕනේ කියල කියන්නේ ඇත්තද දන්නේ නෑ :oo:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,720
    113
    Mahanuwara
    රුක්මනී දේවිට සිංහල අකුරක්වත් බෑ එයාගේ බාසාවෙන් වචන ලියල දෙන්න ඕනේ කියල කියන්නේ ඇත්තද දන්නේ නෑ :oo:

    akurakwath bari wenna nathuwa athi namuth english walin liyagana mata mathaka widyata kiyanne,mohideen beg wage,mohideen beg sinhalen kiwwata urudu basawen liyagannawa kiyanne
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    akurakwath bari wenna nathuwa athi namuth english walin liyagana mata mathaka widyata kiyanne,mohideen beg wage,mohideen beg sinhalen kiwwata urudu basawen liyagannawa kiyanne
    :yes: මුල් කාලේ අමාරුවෙන් කරන්න ඇති පස්සේ ඉතින් මෙහෙ අය එක්ක වැඩ කරද්දී ඉගෙනගන්න ඇති අපේ පුජා උමාශංකර් වගේ :yes: