Russia🇷🇺 Ukraine 🇺🇦 අවුල මොකක් වෙයිද සිංහලු

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    යුක්රේනයෙන් වහාම ඉවත් වන්නැයි තවත් රටවල් කිහිපයක්ම යුක්රේනයේ සිටින සිය රටවැසියන්ට දැනුම් දී තිබෙනවා.ඒ, රුසියාව විසින් කොයි මොහොතකදී හෝ යුක්රේනය ආක්‍රමණය කරන බවට අමෙරිකාව දිගින් දිගටම අනතුරු අගවමින් ඇති පසුබිමක් තුළයි.
    ඒ අනුව ජර්මනිය යුක්රේනයේ සිටින සිය රටවැසියන්ට දැනුම් දී ඇත්තේ වහාම යුක්රේනයෙන් පිටවන ලෙසයි.
    මේ අතර කැනඩාව ද යුක්රේනයේ ස්ථාපිත කැනේඩියානු තානාපති කාර්යාලයේ සිටින සිය සේවක මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ගැනීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
    ඊට අමතරව ඔස්ට්‍රේලියාව , ඉතාලිය, ඊශ්‍රායලය හා ජපානය ද යුක්රේනයේ සිටින සිය රටවැසියන්ට දැනුම් දී ඇත්තේ වහාම යුක්රේනයෙන් පිටවන ලෙසයි.
    ඇතැම් රටවල් යුක්රේනයේ සිටින සිය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මුදාගැනීමේ කටයුතු මේවනවිටත් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
    මේ අතර නෙදර්ලන්තයට අයත් ගුවන් සේවයක් ද යුක්රේනය වෙත සිදුකරන ගුවන් ගමන් වහාම අත්හිටුවන බව නිවේදනය කර තිබෙනවා.
    රුසියාවේ ක්‍රියාකලාපය උපුටා දක්වමින් යුද්ධයක පෙර නිමිති පෙන්වා යුක්රේනයෙන් ඉවත් වන ලෙස අමෙරිකාව පළමුව සිය රටවැසියන් දැනුම් දුන්නා. ඉන් අනතුරුව බි්‍රතාන්‍ය ද යුක්රේනයේ සිටින සිය රටවැසියන්ට දැනුම් දුන්නේ වහාම යුක්රේනයෙන් ඉවත් වන ලෙසයි.

    Source:-Nethnews
    Economy eka lept ne? 😬
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    රෂියා කියන්නෙ නිකන් පුම්බපු රටක්‌. ඇමරිකාව තරම් ප්‍රබලත් නෑ සල්ලිත් නෑ. සබ්මැරීන් ටිකක් හදාගෙන බයිලා ගහ ගහ ඉන්නවා‌. ඕකුන්ව වැඩ්ඩො කරලා තියෙන්නෙ හොලිවුඩ් ෆිල්ම් වලින්ම තමයි.
    nice try biden :lol:
     
    • Haha
    Reactions: ZeroFire

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    මටනම් හිතෙන්නේ අනිත් රටවල් රුසියාව එක්ක කොටවන්න ඇමරිකාව කරන වැඩක් කියලා.ඇමරිකාව ඔය කියන තරම් යූක්‍රේනයට ආදරයක් තියෙන්න බෑ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,488
    1
    32,192
    113
    - උඩරට -
    මටනම් හිතෙන්නේ අනිත් රටවල් රුසියාව එක්ක කොටවන්න ඇමරිකාව කරන වැඩක් කියලා.ඇමරිකාව ඔය කියන තරම් යූක්‍රේනයට ආදරයක් තියෙන්න බෑ.
    පලමු ප්‍රහාරය එල්ල උන ගමන් ඇමරිකාව පස්සට වෙනවා 🤣 ඕකුන්ගේ කට විතරයි දැක්කනේ උතුරු කොරියා එක්ක අන්තිමට යාලු උනේ 🤣
     
    • Like
    Reactions: laka007 and geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    පලමු ප්‍රහාරය එල්ල උන ගමන් ඇමරිකාව පස්සට වෙනවා 🤣 ඕකුන්ගේ කට විතරයි දැක්කනේ උතුරු කොරියා එක්ක අන්තිමට යාලු උනේ 🤣
    උන්ගේ යුධ ශක්තියට වඩා තියෙන්නේ කපටි උපක්‍රමශීලීත්වය. රටවල් දෙක තුනක් කොටවලා උන් ඒකේ වාසිය ගන්නවා. හැබැයි යුක්‍රේන ජනාධිපති ඒක තේරුම් අරගෙන තියෙනවා. මිනිහා කියලා තියෙනවා කළබල වෙන්න එපා එහෙම ආක්‍රමණයක් වෙන්නේ නෑ කියලා. වෙන රටක් වගේනම් බයවලා උන් තමයි මුලින්ම මිසයිලයක් ගහන්නේ රුසියාවට.
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,488
    1
    32,192
    113
    - උඩරට -
    උන්ගේ යුධ ශක්තියට වඩා තියෙන්නේ කපටි උපක්‍රමශීලීත්වය. රටවල් දෙක තුනක් කොටවලා උන් ඒකේ වාසිය ගන්නවා. හැබැයි යුක්‍රේන ජනාධිපති ඒක තේරුම් අරගෙන තියෙනවා. මිනිහා කියලා තියෙනවා කළබල වෙන්න එපා එහෙම ආක්‍රමණයක් වෙන්නේ නෑ කියලා. වෙන රටක් වගේනම් බයවලා උන් තමයි මුලින්ම මිසයිලයක් ගහන්නේ රුසියාවට.
    ගහන්නේ නෑ තමා ඒත් ඇමරිකන් එවුන් අවුස්සන විදිහට පලමු ප්‍රහාරය යුක්‍රේන් වලින් එල්ල උනොත් කන්න වෙනවා නැති වෙන්නම 🤣
     
    • Like
    Reactions: geeko

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,903
    113
    canada
    මතක තියාගන්න ලංකාවටත් ඕකම උනා

    පාඩම තමයි අසල්වැසි බලවත් රටවල් සමග යාප්පුවෙන් ඉන්න ඕනේ. ඒගොල්ලොන්ගේ ආරක්ෂක ආර්ථික අබිලාශයන් අබියෝගයට ලක්කරන්න හොද නැහැ. රටවල් උපක්‍රමශීලි වෙන්න ඕනේ.

    JR පප්පා ඉන්දියාව ගනන් ගන්නේ නැතිව ඇමෙරිකාවට හේත්තු උනා. ඉන්දියාව බලෙන් ලංකාවේ ගුවන්තලය ආක්‍රමනය කල. පරිප්පු දැම්ම. බලෙන් ඉන්දු ලංකා ගිවිසුම හරහා පලත්සබා පිහිටෙව්වා. ඇමෙරිකාව කිව්වේ අපි නම් නෑ ඉන්දියාවත් එක්ක බේරගන්න කියල. තව පොඩ්ඩෙන් අපි ඉන්දියාවේ 29 ප්‍රාන්තය වෙනවා. හින්දි මව් බාෂාව වෙන්න තිබ්බ. ජන මන ගන ..ජාතික ගීය වෙන්න තිබ්බ. ඇමෙරිකාව එම්බසි එක වහල ඇමෙරිකන් පුරවැසියන්ට ඇමෙරිකාවට එන්න කියන්න තිබ්බ.
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    ඒක නම් උන්ගේ හැටියක්.වියට්නාම්,ඇෆ්ගන් යුද්ද හොඳ පාඩම්.

    හැබැයි මන් නම් හිතන්නේ ලංකාව මුලින්ම අනාගත්තේ 71දී පක්කන්ට සපෝට් කරන්න ගිහින්..
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,903
    113
    canada
    ඒක නම් උන්ගේ හැටියක්.වියට්නාම්,ඇෆ්ගන් යුද්ද හොඳ පාඩම්.

    හැබැයි මන් නම් හිතන්නේ ලංකාව මුලින්ම අනාගත්තේ 71දී පක්කන්ට සපෝට් කරන්න ගිහින්..
    මේවයින් පාඩම් ඉගෙන ගන්න ඕනේ.