DaraGarege

Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    ගෙදරින් පැනගිය දියණිය දරුවකු වඩාගෙන අවුරුදු උත්සවයට ඇවිත්
    2014 අපේ‍්‍රල් මස 29 09:50:50 | . , තිහගොඩ උපසේන ලියනගේ

    පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පසුගියදා සජීවීව විකාශනය වූ අවුරුදු උත්සවයක වසර දෙකකට පෙර තම නිවෙසින් පැනගිය දියණිය දරුවකු වඩාගෙන සිටිනු දැකීමෙන් මවිතයට පත්ව එම උත්සවය පැවැත්වූ ස්ථානය බලා ගිය මවුපියන් පිළිබඳ අපූරු පුවතක් ඇඹිලිපිටිය ප‍්‍රදේශයෙන් පසුගියදා අසන්නට ලැබිණ.
    මේ දියණිය තරුණයකු හා පැන ගිය පුවත මෙයට වසර දෙකකට පෙර ප‍්‍රදේශය පුරා පැතිරී ගියත් ඇය සොයා ගැනීමට කිසිවකු සමත්වූයේ නැත.

    මේ පිළිබඳව විමසූවිට නක්‍ෂත‍්‍රකරුවකු කියා තිබුණේ අවුරුදු කාලයක මේ පිළිබඳ හරි ආරංචියක් ලද හැකි බවකි.

    පසුගියදා රූපවාහිනි සජීවී අවුරුදු උත්සවයක් නරඹද්දී මව දුටුවේ තම නැතිවූ දියණිය කුඩා දරුවකු වඩාගෙන සිටින බවයි. තම සැමියාට ද ඒ බව පෙන්වූ ඇය පසුවදාම උත්සවය පැවැති ඇඹිලිපිටිය ප‍්‍රදේශයට ගියත් ඒ වනවිට උත්සවය අවසන්ව පැවැති නිසා හරි ආරංචියක් ලබාගැනීමට අපහසුව ආපසු ආවාලූ.

    අදහස්(4) බැලූවෝ (2692)ගෙදරින් පැනගිය දියණිය දරුවකු වඩාගෙන අවුරුදු උත්සවයට ඇවිත් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

    පද්මේ 2014-04-29 11:41:33
    පුදුම ළමයිනේ. දෙමවුපියන් දුක් මහන්සියෙන් දරුවෝ හදනවා. ගෙදරින් ගිහින් අවුරුදු දෙකකින් වත් ඒ මිනිස්සුන්ට ජීවත්වෙලා ඉන්නවා කියලවත් දන්වන්නේ නැහැ. හිතුමතේට දීග ගිය දුවේ... නුඹේ දුවත් හිතු මතේට දීග ගිය දිනේ.. පියාණනුත් මමත් එදා වින්ඳ දුක දැනේ.... (ස)

    සෑම් 2014-04-29 13:05:35
    මීට වසර ගණනකට පෙර පෙම්වතියක් සුපුරුදු පරිදි වැඩට යන බව ගෙදරට පවසා පෙම්වතා සමග මෝටර් සයිකලෙන් නුවර ගිහින් එදා තිබුන ජාත්‍යන්තර ක්‍රිකට් මැච් එකක් නරඹලා තිබුනා. ටී වී කැමරා කරුවෙකුගේ කැමරාවට අහම්බෙන් මේ ජෝඩුව අහුවෙලා, ඒක ප්‍රවෘත්ති වලින් කෙල්ලගේ දෙමව්පියන් දැකලා (දී)

    කුමාරි 2014-04-29 12:36:00
    පද්මේ, ගොඩක් දෙමවුපියොත් දරුවෙකුගේ ප්‍රේම සම්බන්දයක් දැන ගත්තම විවිධ නීති දමනවා. සමහර අය අපරාද කරුවෙකුට වගේ දරුවන්ට සලකන්නේ. මේ දරුවා වසර 2ක් නොඑන්නම දෙමවුපියන්ගෙන් කොච්චර ඇත් වෙලාද කියල මට හිතෙනවා.[ඉගිලිලා ගිහින් තනපු කුඩුවත් අරන් නැවත එන්න මගේ සුදු දුවේ....] (දී)
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඉගිලිලා ගිහින් තනපු කුඩුවත් අරන් නැවත එන්න මගේ සුදු දුවේ.