ගොමා (GMOA) නියෝජිතයින් විසින් සයිටම් පිළිබඳව වපුරන පච කීපයක් සහ ඊට පිළිතුරු:
---
පචය: සයිටම් MBBS උපාධිය සඳහා රුපියල් ලක්ෂ 120ක් අයකරයි.
ඇත්ත: සයිටම් MBBS උපාධිය සඳහා (ශිෂ්‍යත්ව රහිතව) අයකෙරෙන සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රුපියල් ලක්ෂ 95කි. මෙය කලාපයේ වෙනත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සමග සැසඳූ විට අවම අගයයකි.
---
පචය: නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල ශික්ෂණ රෝහලක් වීමට කොහෙන්වත් අවසර අරගෙන නැත.
ඇත්ත: ලංකාවේ ශික්ෂණ රෝහලක් වීමට නම් මෙන්න මේ මේ සුදුසුකම් සපුරාලිය යුතුයැයි නිර්දේශ කරන නීතිමය පණතක් හෝ, එසේ අවසර ලබාගත යුතු ආයතනයක් නැත.
---
පචය: සයිටම් වෛද්‍ය පීඨය ඇරඹීමට වෛද්‍ය සභාවෙන් අනුමැතියක් ලබාගෙන නැත.
ඇත්ත: ලංකාවේ වෛද්‍ය පීඨයක් නොව කිසිදු පීඨයක් ඇරඹීමට, වෛද්‍ය සභාවෙන් හෝ වෙනත් කිසිදු සභාවකින් අවසර ලබාගත යුතු නැත. යම් ආයතනයකට උපාධි ප්‍රදානය කිරීමේ බලතල ඇත්දැයි තීරණ ගැනීමේ සම්පූර්ණ බලය ඇත්තේ UGC හෙවත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ය. UGC අනුමැතිය ඇත්නම් උපාධියක් ප්‍රදානය කිරීමට වෙනත් අවසරයක් අවශ්‍ය නැත.
---
පචය: සයිටම් ආයතනයේ MBBS උපාධිය සඳහා උසස් පෙළ අසමත් සිසුන් ද ඉගෙනුම ලබයි.
ඇත්ත: සයිටම් ආයතනයේ උපාධි වැඩසටහන් 02ක් පවතී. එකක් රුසියාවේ නීෂ්නි-නොව්ගොරොඩ් ඇකඩමියේ (NNSMA) MD උපාධියයි. අනෙක දේශීය MBBS උපාධියයි. NNSMA මගින් ප්‍රදානය කරන MD උපාධියට, ලංකාවේ උසස් පෙළ ප්‍රතිඵල අදාළ නැත. එහෙත් MBBS උපාධියට නම් ලංකාවේ උසස් පෙළ 2C +1S හෝ ඊට සමානයයි UGC / උසස් අධ්‍යාපන අමාත්‍යංශය (MoHE) විසින් සලකන ප්‍රතිඵල අවශ්‍ය වෙයි. MBBS උපාධියට, උසස් පෙළ අසමත් කිසිදු ශිෂ්‍යයකු ඉගෙනුම නොලබයි. MD උපාධිය හදාරන්නවුන් අතර උසස් පෙළ හෝ ඊට සමාන ප්‍රතිඵල නැත්තවුන් වේ නම්, ඔවුන්ට කොහොමත් ලංකාවේ සේවය කිරීමට ඉඩ ලැබෙන්නේ නැත. සයිටම් වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කරගනු ලබන්නේද UGC සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණයකට පසුවයි. එම නිසා උසස් පෙළ අසමත් කිසිඳු සිසුවෙකු සයිටම් ආයතනයේ නොමැත.
---
පචය: සයිටම් ආයතනය NNSMA සමග කිසිදු සම්බන්ධයක් නැත.
ඇත්ත: සයිටම් ආයතනය NNSMA හි ශාඛාවක්‌දැයි (branch) විමසමින් ගොමා (GMOA) විසින් රුසියානු තත්ත්ව පරීක්ෂණ ආයතනයෙන් විමසා ඇති අතර, එම ආයතනය පවසා ඇත්තේ NNSMA "ශාඛාවල්" ලොව කොහෙවත් නැති බවකි. ප්‍රශ්නය ඇසූ එකා "ශාඛාව" (branch) සහ "අනුබද්ධ ආයතනය" (affiliated body) අතර වෙනස දන්නේ නැත. සයිටම් ආයතනයට 2009 සිට මේ දක්වා අඛණ්ඩව NNSMA සමග අනුබද්ධතාවක් (affiliation) පවතී.
---
පචය: සයිටම් ආයතනය නීති විරෝධීව සිය 'M' අකුර Management සිට Medicine දක්වා වෙනස් කර ඇත.
ඇත්ත: ලියාපදිංචි අධ්‍යාපන ආයතනයකට, සමාගම් පනතේ විධිවිධාන පිළිපදිමින් සිය නම වෙනස් කිරීමට පූර්ණ බලතල තිබේ.