Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මාළඹේ SAITM ආයතනයේ සිසුවකුට හොර පාරෙන් ජාතික රෝහලේ සායනික පුහුණුව



sayanika-puhunuwa.jpg



මාළඹේ SAITM ආයතනයේ අධ්‍යාපනය ලබන සිසුවකුට කොළඹ ජාතික රෝහළේ 47 ඒ වාට්ටුවේදී වෛද්‍යවරියක් විසින් අද දින සායනික පුහුණුව ලබාදී ඇති බවට තොරතුරු වාර්තා වේ.


කිසියම් පෞද්ගලික ආයතනයක අධ්‍යාපනය ලබන සිසුවකු සඳහා රජයේ රෝහලකදී සායනික පුහුණුව ලබාදෙන්නේ නම් ඒ සඳහා ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය හා එම රෝහලේ අධ්‍යක්ෂවරයාගේ අවසරය ලැබිය යුතුය. නමුත් සම්බන්ධයෙන් කළ විමසීමකදී කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂක අනිල් ජාසිංහ පැවසුනේ එසේකිසිඳු අවසරයක් ලබා දී නොමැති බවයි. තවද ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව ප‍්‍රකාශ කර තිබුණේ කිසිඳු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට රජයේ රෝහල්වල සායනික පුහුණුව සඳහා අනුමැතිය ලබාදී නොමැති බවයි. එනම් මෙම ක‍්‍රියාව නීති විරෝධී හා වෛද්‍ය ආචාරධර්මවලට පටහැනි ක‍්‍රියාවකි.