Samsung ස්මාර්ට් Bike

shezaan27

Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    images


    SPEECH-S-BIKEimp.jpg



    samsung-smart-bike-c01-e28093-online-digital-app.jpg


    අද වෙද්දි හැමදේම smart වෙන යුගයක තමයි අපි ජීවත් වෙන්නේ. ජංගම දුරකතනයේ පටන් අපි භාවිත කරන හැමදේම smart වෙලා එයට අදාල smart උපකරණ ගොඩනැගෙන බව ඔබ දන්නවා. අලුතින්ම smart වෙන උපකරණය තමයි බයසිකලය. බයිසකල් නිර්මාණ ශිල්පියකු වන Giovanni Pelizzoli සමග එක්වෙලා මෙම smart බයිසිකල් එක නිර්මාණය කරන්න යන්නේ Samsung සමාගම විසින්.

    ඔබ තරුණයෙක් නම් අනිවාර්යයෙන්ම බයිසිකල් පැදපු කෙනෙක් වෙන්න ඕන. මතක ඇතිනේ කුඩා කාලයේදි තරගෙට බයිසිකල් පැද්ද යාලුවොත් එක්ක. ඒත් අනාගතයේ අපේ පුංචි පරපුරට අත්විදින්නට වෙන්නේ smart බයිසිකල් අත්දැකිමක්.


    මෙම ස්මාර්ට් බයිසිකලය ඔබේ ස්මාර්ට්ෆෝන් එක හරහා පාලනය කළ හැකියි. ඒ වගේම මෙම smart බයිසිකල් එකෙහි පිටුපස කැමරාවක් පවතින අතර එය ඔබේ ස්මාර්ට්ෆෝන් එක හා sync වි පිටුපස කැඩපතක් විදියට කටයුතු කරනවා. ඒ කිවේ ඔබේ Samsung ස්මාර්ට්ෆෝන් එක ඔස්සේ ඔබට බලන්න පුලුවන් බයිසිකලය පිටුපස වෙන දේවල්

    Samsung හි මෙම Smart Bike එක බැට්රියකින් , Wi-Fi, Bluetooth, digital camera වගේම ලේසර් ප්‍රො ජෙක්ටර් එකකින් සමන්විත වීමට නියමිතයි.

    මෙම Smart Bike එක තවමත් නිර්මාණාත්මක අවධියේ පසුවන බවයි අපට වාර්තා වන්නේ.