බයිසිකල් වර්ගීකරණය

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    View attachment 178005
    mata me bicycle eka mona wage sport ekakatada use karanne kiyala danna kenek kiyala denna 🤣

    දන්න කෙනෙක් කියපන්කො බං ඇඉ මේ ලුමාලා පාපැදියට SPORTS BICYCLE කියන්නේ කියලා ?

    fitted.jpg
    fitted.jpg
    fitted.jpg

    ------ Post added on Jul 15, 2022 at 9:16 PM
    ස්ටෑන්ඩඩ් සයිකලේට පස්සෙ ආපු රිම් සයිස් පොඩි, දිගින් අඩු, පොඩි ගොග් වීල් එකත් එක්ක පදින්න පහසු සයිකලයක් හින්ද මිනිස්සු එහෙම කියන්න පුරුදුවෙන්න ඇති....

    ඉස්සර ස්ටෑන්ඩඩ් වලින් රේස් පැද්දෙ නෑනෙ. බර ඇද්ද විතරයිනෙ...
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678

    Issara kiyala oya adahas karanne koi kaale witarada?

    ‘‘ශ‍්‍රී ලංකා සයිකල් මැරතන් තරගය’’,මෙරට ප‍්‍රථම පාපැදි තරගය ලෙස සැලකේ. එවකට අග‍්‍රාමාත්‍ය ඞී.එස්.සේනානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් 1950 මැද භාගයේදී පවත්වනු ලැබූ මෙම පාපැදි තරගය දුරින් සැතපුම් 30 ක් විය. දිනමිණ පුවත්පතේ පූර්ණ අනුග‍්‍රහය යටතේ ගාලූමුවදොරින් ඇරඹි, මෙම තරගයේ ජයග‍්‍රාහකයා වූයේ පන්නිපිටියේ ඞී.කේ.ගුණරත්න මහතාය.

    ලක්වැසී ක‍්‍රීඩා ලෝලීන් මහත් රුචිකත්වයක් දැක්වූ මෙම පාපැදි තරගයේ තොරතුරු දැනගැනීමට එදා ගුවන්විදුලි යන්ත‍්‍ර වටා ඒකරාශී වූ පිරිසද බොහෝය. එකල එකම සන්නිවේදන ආයතනය වූයේ, ශ‍්‍රී ලංකා ගුවන්විදුලි
    සංස්ථාවයි.පළමු පාපැදි තරගයෙන් වසර 5 ක් 6 ක් ගතවන විට ලංකාවේ පාපැදි තරග පිළිබඳ උනන්දුව දෙගුණ තෙගුණ වන්නට විය. තරගකරුවන්, පේ‍්‍රක්ෂකයින් මෙන්ම අනුග‍්‍රාහකයින්ද වැඩිවී තිබුණි. ස්ටෑන්ඩඞ් වර්ගයේ පාපැදි වලට අමතරව රේසිං වර්ගයේ පාපැදිද ඉතා සුළු වශයෙන් පාපැදි ක‍්‍රීඩාවට එක්විය. බොහෝවිට රේසිං පාපැදි භාවිත කළේ, මහා රැජිනගේ රාජකීය හමුදාවේ සුදු ජාතිකයන්ය.

    ශ‍්‍රී ලාංකික පාපැදිකරුවන් කීපදෙනෙකුද රේසිං පාපැදි භාවිතා කළේය. මෙකල බොහෝ විට සිදුවූයේ රේසිං සහ ස්ටෑන්ඩඞ් පාපැදි එකම තරග පොකුරේ ආරම්භ කිරීමයි. ශ‍්‍රී ලංකාවේ නිල වශයෙන් පාපැදි තරගයක් පවත්වන ලද්දේ 1955 වසරේදීය. ස්ටෑන්ඩඞ් සහ රේසිං දෙවර්ගයෙන්ම පැවති මෙම තරගය 1955 අප‍්‍රියෙල් 11 වන දින ජනතා පුවත්පතේ අනුග‍්‍රහයෙන් පවත්වන ලදී. පාර්ලිමේන්තු මන්දිරය අභියසින් ආරම්භ කරන ලද මෙම තරගය,
    හයිලෙවල් පාර මහරගම දෙහිවල ගාලූපාර ඔස්සේ පැමිණ ලේක්හවුස් ආයතනය අභියසින් අවසන් විය. මෙම තරගයෙන් වැල්ලවත්තේ ජෝර්ජ් පීටර්සන් සහ දෙහිවල ඒ.එන්.කීල්, රේසිං අංශයෙන්ද රාගම, ඊ. ඇලෝසියස් සිල්වා, බලපිටියේ, ඩබ්ලිව්. සුගතදාස, කොළඹ ඩබ්ලිව්. බොතේජු ස්ටෑන්ඩඞ් අංශයෙන්ද ජය ලැබීය.”
     
    Last edited:
    • Like
    • Wow
    Reactions: NRTG and PHBhagya

    සියදෝරිස්ගෙ යබයිසිකලේ කතාවෙ තියෙන කාලෙ වගේ මම අදහස් කරේ....😃
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ලංකාවේ බයිසිකල් සංස්කෘතිය

    බයිසිකලය කියන වචනෙත් එක්ක ලංකාවෙ ෆුට් සයිකලේ, පුෂ් සයිකලේ, පුස් සයිකලේ වැනි වචනත් භාවිතා වෙනවා. සයිකලය වෙනුවට බයිසිකලය යොදා ෆුට් බයිසිකලය කියාත් කියනවා.

    හොඳ සිංහලෙන් බයිසිකලයට කියන්නෙ පාපැදිය කියලායි. බයිසිකලය කියන්නෙ තත්සම වචනයක්. ඒ කියන්නෙ ඉංග්‍රීසි වචනය වෙනස් කරගෙන සකසාගත් වචනයක්. එහි බහුවචනය බයිසිකල්.

    බයිසිකල් කියන ඉංග්‍රීසි වචනෙට තියෙන්නෙ ප්‍රංශ නිරුක්තියක්.

    එන්ජිමකින් ක්‍රියාකරන බයිසිකල් නිෂ්පාදනය වූ පසු ඒවාට මෝටර්සයිකල් කියන වචනය යෙදුණා. එයට සිංහලෙන් මෝටසයිකලය, මෝටර් බයිසිකලය හෝ යතුරුපැදිය කියනවා.

    බයික් කියන වචනයත් ඉංග්‍රීසියෙන් සිංහලට ආ එකක්. බයික් එක කියලා බොහෝ දෙනෙකු සිංහලෙන් නම් කියන්නේ යතුරුපැදියටයි.

    “මං ගාව බයික් එකකුයි බයිසිකලයකුයි දෙකක් තියෙනවා,” කියලා කෙනෙකු කියන්නට පුළුවන්.

    බයිසිකලයට ෆුට් සයිකලය හෝ පුෂ් බයිසිකලය කියන වචන සිංහලට පැමිණ තිබෙන්නේ අව්‍යක්ත ඉංග්‍රීසි ව්‍යවහාරයෙන්. ෆුටාර් එක හෝ පුටාර් එක කියන වචනෙ නම් අලුතෙන් භාවිතයට ආපු එකක්.

    චොපර් බයිසිකල් කියන ජාතිය එක්තරා කාලෙක ළමයින් අතර ඉතා ජනප්‍රිය වුණා. චොපර් කියන්නෙ රැලේ කොම්පැනියෙ වෙළඳ සන්නාමයක්.

    බයිසිකල් සන්නාම ගැන කියනකොට, රැලේ, හම්බර්, ෆ්ලයිං පිජන් ඉඳන් ලුමාලා දක්වා නම් රැසක් මතක් වෙනවා.

    බයිසිකලය සමග එහි කොටස් සම්බන්ධ ඉංග්‍රීසි වචන රැසකුත් සිංහල භාෂාවට එකතු වුණා. ඒවා නම්,
    • හැඬල් එක (handle)​
    • පැටල් අත (pedal)​
    • පෝක් අත (fork)​
    • බ්‍රේක් (brake – break නොවේ)​
    • රිම් එක (rim)​
    • ප්‍රේම් එක (frame)​
    • චේන් එක (chain)​
    • ස්පෝක් කූරු (spokes)​
    • ඩයිනමෝව (dynamo)​
    • තේලයිට් එක (tail light)​
    • සීට් එක (seat)​
    • සීට් කවරෙ (seat cover)​
    • බෙල් එක (bell)​
    • ස්ටෑන්ඩ් එක (stand)​
    • ටයර් ටියුබ් (tyre and tube)​
    බයිසිකලේ දෙන්නෙක් යනකොට කියන්නෙ ඩබල් දාලා යනවා කියලයි. ත්‍රිබල් දාලා යන එක ටිකක් අමාරු වැඩක්.

    බයිසිකල් ලයිසන් කරන්නට ඕනැ ඉස්සර කාලෙ නම්. දැනුත් ඒ නීතිය ඇති. ලයිසන් කළාම හම්බ වෙන තහඩු කෑල්ල බයිසිකලේ හයිකරගන්න ඕනැ. ලයිසන් නැති බයිසිකල් අල්ලලා පොලිස් රාළහාමිලා හුළං අරින කාලයකුත් තිබුණා, තල්ලු කරගෙන පලයල්ලා කියලා.

    හුළං ගහන පොම්පෙත් ඉංග්‍රීසියෙන් ආපු වචනයක්. බයිසිකලේ හිටි ගමන් පැච් යනවා. පැච් එක ඉංග්‍රීසි වචනයක් වුණාට සිංහලෙන් පැච් කියන එකට ඉංග්‍රීසියෙන් කියන්නෙ පංචර් (puncture).

    බයිසිකලේ තියෙන ලෙඩක් තමයි බල්ලො අහුනොවෙන එක. ඒ ගැන අජිත් අලවත්ත මෙහෙම විස්තර කරනවා: “ෆ්‍රීවීල් එක අල්ලගෙන ඉන්න කෑලි දෙකට කියන්නෙ බල්ලො කියලා. බල්ලො පැන්නම එකතැන පාගනවා. කොච්චර මහන්සි වුණත් ප්‍රයෝජනයක් නැහැ කියන එකට බල්ලො පැනපු බයිසිකලයක් පදිනව වගේ කියලා කියනවා.මේ බල්ලො කෑල්ලට ඉංගිරිසියෙන් කියන්නේ pawl.”

    බයිසිකල් රෙපෙයාර් කරන තැන තමයි වින්කලේ. මේක ඉංග්‍රීසියෙන් Vinkle කියලා ලිව්වට එහෙම වචනයක් ඉංග්‍රීසි ශබ්දකෝෂවල නම් නැහැ. එය ඩච් හෙවත් ලන්දේසි භාෂාවෙන් පැමිණි වචනයක් බව චන්න වික්‍රමසේකර පෙන්වා දුන්නා. එහි තේරුම වෙළඳසලයි. එහෙත්, බයිසිකල් ලංකාවට පැමිණි 20වන සියවසේ මුල හරියේදී ලංකාවේ ලන්දේසි භාෂාවේ බලපෑම අවමයි. “ලංකාව යටත් කළාට පසු ලන්දේසි ජාතිකයින් මුහුදුබඩ පළාත්වල ජීවත් වුණා.සමහරු කන්තෝරු (kantoor ) වල වැඩ කළා., තවත් බොහෝ අය කාර්මික අංශවල රැකියා කලා. මේ අය අතර කාර්මිකයෙන්, වඩුවන්, සපතේරුවන් සිටියා (‘සපත්තු ලංසි’ කියන පදය අවේ එහෙමයි). මම හිතන විදියට ඉස්සර winkel කියා හඳුන්වන්න ඇත්තේ ලංසි මිනිස්සු පටන් ගත් පොඩි කාර්මික වැඩ පොල වල්. විසිවෙනි සියවසේ බයිසිකල් ආවහම ඒ වැඩපොළවලම අලුත්වැඩියා කරන්න ඇති. පසු කලෙක අනිත් වැඩ පොලවලට වින්කල් කියන පුරුද්ද අභාවයට ගොස් බයිසිකල් වැඩපොළවලට පමණක් වින්කල් කියන එක ඉතුරු වෙන්න ඇති,” යි චන්න වික්‍රමසේකර පෙන්වාදෙනවා.

    බයිසිකල් ලංකාවට හඳුන්වා දුන් මුල් කාලයේ “රජයේ සේවයේ සැලකිය යුතු පිරිසක් ඩච් බර්ගර් අය හිටපු නිසා ඒ අය අතර සයිකල් භාවිතය තිබුණාද, ඒ නිසා සයිකල් රෙපෙයාර් කරන තැනට වින්කල් කියන වචනය පාවිච්චි වුණාද කියන එක සලකා බලන්න වටින” බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ අදහසයි.

    කෙසේ වෙතත්, විංකලේ ඉන්නෙ විංකල් බාස්. බාස් කියන්නෙත් ලන්දේසි වචනයක් (Baas = boss ). විංකල් බාස්ලා භාවිතා කරන තවත් වචන අපට අරුණ ප්‍රේමරත්න සහෘදයා මතක් කරදුන්නා. වෑල් එක, වෑල්කර, ඩස්කැප් එක, ලැගෙජ් එක, මඩ්ගාඩ් එක.

    පොල්ල හැදුණෙ pole කියන ඉංග්‍රීසි වචනෙන් බව දර්ශන උදය පෙන්වාදෙනවා. අපි පුංචිම කාලෙ ලොකු බයිසිකල් පදින්න පුරුදු වුණේ පොල්ල යටින් කකුල දාලා පදිමිනුයි. පොල්ල උඩින් දාන්න පුළුවන් වෙන එක හරියට වැඩිවිය පැමිණෙනවා වගේ වැඩක්.

    උපුටා ගැනීමකි​
    kohenda ban mewa?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,367
    113
    nice thread.
    oyala city eke bike padinawada? side mirror ehema nathiwa hena dangerous neh loku junction waladi harawanakota ehema. :unsure: anika bike law ekath wenas neh.?

    awurudu 15n withra bike ekak padda issaraha rode depaththata wanenawa yanakota LOL
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    nice thread.
    oyala city eke bike padinawada? side mirror ehema nathiwa hena dangerous neh loku junction waladi harawanakota ehema. :unsure: anika bike law ekath wenas neh.?

    awurudu 15n withra bike ekak padda issaraha rode depaththata wanenawa yanakota LOL
    මම side mirrors දෙකක් Daraz, Chinese seller කෙනෙක්ගෙන් order කළා 1667/- ට . අගෝස්තු මුල් සතියේ වගේ එයි. දැන් 'In Air' කියලා තියෙන්නේ. Helmet එකක් මාසෙකට කලින් 2800/- , Daraz, Chinese seller කෙනෙක්ගෙන් order කල. ඒක අද අවා. price එකට ඒක ගොඩක් shape.
    ප්‍රදාන පාරේ පදිනවා නම් side mirror එකක් තියෙන එක ගොඩක් වටිනවා. නැත්නම් පස්ස බලන්න ගිහින් පාරේ යන එවුන් ගේ හැප්පිලා වෙන case එකක්.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,367
    113
    මම side mirrors දෙකක් Daraz, Chinese seller කෙනෙක්ගෙන් order කළා 1667/- ට . අගෝස්තු මුල් සතියේ වගේ එයි. දැන් 'In Air' කියලා තියෙන්නේ. Helmet එකක් මාසෙකට කලින් 2800/- , Daraz, Chinese seller කෙනෙක්ගෙන් order කල. ඒක අද අවා. price එකට ඒක ගොඩක් shape.
    ප්‍රදාන පාරේ පදිනවා නම් side mirror එකක් තියෙන එක ගොඩක් වටිනවා. නැත්නම් පස්ස බලන්න ගිහින් පාරේ යන එවුන් ගේ හැප්පිලා වෙන case එකක්.
    ow eka hodai ban. ape arakshawa apima balaganna ona.
     
    • Like
    Reactions: PHBhagya and kinkon

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ai magen @PHBhagya ahuwa. porata mama Youtube video wagayak dunna.

    @PHBhagya mokada wade karada?
    මගෙ පස්ස ටයර් එකට කෙලවුනාට පස්සෙ, අලුතින් ටයර් ජෝඩුවම දැම්ම...

    රිම් එකේ ඉඳන්ම මාරුකරල හයිබ්‍රිඩ් කරන්න දඟලන එක අද කාලෙ පාට්ස් වල මිළත් එක්ක බොරු වැඩක් කියල හිතුන...

    ඉතිං ටයර් විතරක් මාරු කරා...
    මේකෙ සයිස් එකට ගැලපෙන්න ස්ලික් ටයර්ම හොයාගන්න බැරිවුණා.
    හිතපු විදිහටම වැඩේ කරගන්න බැරිවුණත් ,හොඳ පළල අඩු රෝඩ් ටයර් ජෝඩුවක් හොයාගන්න පුලුවන් වුණා...
    මේක දාගෙන පදිනකොට තමයි තේරෙන්නෙ මෙච්චර කල් මඩ් ටයර් දාගෙන පැදල පට්ට දුකක් විඳල තියෙන්නෙ කියල...

    ශීට් එකට දාපු ලයිට් ශොක් එකත් එක්ක මේකත් සෙට්වුණාම පදින්න ආස හිතෙනව.... චයිනීස් අන්කම්ෆටබල් ගතිය දැන් ගොඩක් දුරට අඩුයි...
    දැන් කරන්න ඉතුරුවෙලා තියෙන්නෙ හොඳ ලොකු කොග් වීල් සෙට් එකක් එක්ක, ක්‍රෑන්ක් ආම් සෙට් එකක් දාගන්න තමයි...

    ශීට් එකට දාපු ලයිට් ශොක් එක...

    https://elakiri.com/threads/ෆුට්-සය...කලේ-මාමත්-කර්පට්-වෙන-මගේ-වින්කල්-වැඩ.2063310/
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මගෙ පස්ස ටයර් එකට කෙලවුනාට පස්සෙ, අලුතින් ටයර් ජෝඩුවම දැම්ම...

    රිම් එකේ ඉඳන්ම මාරුකරල හයිබ්‍රිඩ් කරන්න දඟලන එක අද කාලෙ පාට්ස් වල මිළත් එක්ක බොරු වැඩක් කියල හිතුන...

    ඉතිං ටයර් විතරක් මාරු කරා...
    මේකෙ සයිස් එකට ගැලපෙන්න ස්ලික් ටයර්ම හොයාගන්න බැරිවුණා.
    හිතපු විදිහටම වැඩේ කරගන්න බැරිවුණත් ,හොඳ පළල අඩු රෝඩ් ටයර් ජෝඩුවක් හොයාගන්න පුලුවන් වුණා...
    මේක දාගෙන පදිනකොට තමයි තේරෙන්නෙ මෙච්චර කල් මඩ් ටයර් දාගෙන පැදල පට්ට දුකක් විඳල තියෙන්නෙ කියල...

    ශීට් එකට දාපු ලයිට් ශොක් එකත් එක්ක මේකත් සෙට්වුණාම පදින්න ආස හිතෙනව.... චයිනීස් අන්කම්ෆටබල් ගතිය දැන් ගොඩක් දුරට අඩුයි...
    දැන් කරන්න ඉතුරුවෙලා තියෙන්නෙ හොඳ ලොකු කොග් වීල් සෙට් එකක් එක්ක, ක්‍රෑන්ක් ආම් සෙට් එකක් දාගන්න තමයි...

    ශීට් එකට දාපු ලයිට් ශොක් එක...

    https://elakiri.com/threads/ෆුට්-සයිකලේට-ශොක්-ඇබ්සෝබර්-තියෙන-ශීට්-පෝස්ට්-එකක්-හදමුද-වින්කලේ-මාමත්-කර්පට්-වෙන-මගේ-වින්කල්-වැඩ.2063310/
    kohenda ban tire gatte?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    kohenda ban tire gatte?
    කොටුවෙ ඩෑම් ස්ට්‍රීට් එකෙන්...

    හොඳ ටයර් අඩුම තිබුණෙ, 4000යි.
    සෙකන්ඩ් කොලිටි ටයර් ජෝඩුවක් හොයාගත්ත 2500 ගානෙ...

    කොටුවෙ ඩෑම් ස්ට්‍රීට් එකේ, a.g.කම්ප්ලෙක්ස් බිල්ඩිමේ, කෙලවරේ උඩ තට්ටුවෙ තියෙන කඩේ...
     
    • Like
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කොටුවෙ ඩෑම් ස්ට්‍රීට් එකෙන්...

    හොඳ ටයර් අඩුම තිබුණෙ, 4000යි.
    සෙකන්ඩ් කොලිටි ටයර් ජෝඩුවක් හොයාගත්ත 2500 ගානෙ...

    කොටුවෙ ඩෑම් ස්ට්‍රීට් එකේ, a.g.කම්ප්ලෙක්ස් බිල්ඩිමේ, කෙලවරේ උඩ තට්ටුවෙ තියෙන කඩේ...
    thiyena tire deken padinawa.

    owwala yanna ba.
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    thiyena tire deken padinawa.

    owwala yanna ba.
    ඔවු කොහොමත් ඉස්සරහට ටයර් අඩුවෙන්න ඉඩ තියෙනව...
    දැනට මාසෙකට විතර කලින් ඔය කඩවල ආසාවට ටයර් එකක් තියා, රබර් කෑල්ලක්වත් තිබුණෙ නෑ... දැන් ටයර් ටිකක් තියෙනව...

    සමහර විට ඉල්ලුම අඩුවෙලා වෙන්න ඇති, නැත්තං ටික ටික බඩු එන්න අරගෙන...
     
    • Like
    Reactions: Honda.putha

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    මගෙ පස්ස ටයර් එකට කෙලවුනාට පස්සෙ, අලුතින් ටයර් ජෝඩුවම දැම්ම...

    රිම් එකේ ඉඳන්ම මාරුකරල හයිබ්‍රිඩ් කරන්න දඟලන එක අද කාලෙ පාට්ස් වල මිළත් එක්ක බොරු වැඩක් කියල හිතුන...

    ඉතිං ටයර් විතරක් මාරු කරා...
    මේකෙ සයිස් එකට ගැලපෙන්න ස්ලික් ටයර්ම හොයාගන්න බැරිවුණා.
    හිතපු විදිහටම වැඩේ කරගන්න බැරිවුණත් ,හොඳ පළල අඩු රෝඩ් ටයර් ජෝඩුවක් හොයාගන්න පුලුවන් වුණා...
    මේක දාගෙන පදිනකොට තමයි තේරෙන්නෙ මෙච්චර කල් මඩ් ටයර් දාගෙන පැදල පට්ට දුකක් විඳල තියෙන්නෙ කියල...

    ශීට් එකට දාපු ලයිට් ශොක් එකත් එක්ක මේකත් සෙට්වුණාම පදින්න ආස හිතෙනව.... චයිනීස් අන්කම්ෆටබල් ගතිය දැන් ගොඩක් දුරට අඩුයි...
    දැන් කරන්න ඉතුරුවෙලා තියෙන්නෙ හොඳ ලොකු කොග් වීල් සෙට් එකක් එක්ක, ක්‍රෑන්ක් ආම් සෙට් එකක් දාගන්න තමයි...

    ශීට් එකට දාපු ලයිට් ශොක් එක...

    https://elakiri.com/threads/ෆුට්-සයිකලේට-ශොක්-ඇබ්සෝබර්-තියෙන-ශීට්-පෝස්ට්-එකක්-හදමුද-වින්කලේ-මාමත්-කර්පට්-වෙන-මගේ-වින්කල්-වැඩ.2063310/
    Gal Rolen bicycle ekata 🤣

    Thread eka daala awuruddak wennath langai
    Umbala loku ganan deela gatta bicycles thama padinawada?
    ------ Post added on Jun 27, 2023 at 8:02 PM