බයිසිකල් වර්ගීකරණය

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Wadata yanna sudusuma bicycle eka mokakda?

    Mountain da? Road Bike da? Hybrid da?




    Anthimata pennanne mage jathiyema bike ekak 😍 (Giant Escape R3)
     
    • Like
    Reactions: NRTG

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    මහත රෝද දාපු බයික් තියෙන්නේ මොකට්ද? නිකන් මෝටර් බයික් එකේ පලල් රෝද තියෙන්නේ..ඩ්‍රැග් එක වැඩිනේ එපා වෙනවා පදින්න
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    මහත රෝද දාපු බයික් තියෙන්නේ මොකට්ද? නිකන් මෝටර් බයික් එකේ පලල් රෝද තියෙන්නේ..ඩ්‍රැග් එක වැඩිනේ එපා වෙනවා පදින්න
    Just for show off!
     
    • Like
    Reactions: Kodiya97

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    බොහොම ස්තුති
    මගේ හිතේ පොඩි ප්‍රශ්නයක් තිබ්බා ශොක්ස් තියන බයිසිකල් වල මම දැකලා තියෙන්නේ
    ඉස්සරහ ශොක්ස් තියන ඒවා විතරයි
    එත් මට හිතෙනවා අපි බයිසියාලේ යද්දී අපේ බරෙන් වැඩි කොටසක් තියෙන්නේ පිටිපස්ස පැත්තට කියලා
    එහෙම උනාම ගැස්සෙනකොට පිටිපස්සේ ශොක්ස් තිබ්බොත් අපේ ඇඟට පහසුවක් එනවා නේද
    ඉස්සරහ තියනවට වඩා
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    බොහොම ස්තුති
    මගේ හිතේ පොඩි ප්‍රශ්නයක් තිබ්බා ශොක්ස් තියන බයිසිකල් වල මම දැකලා තියෙන්නේ
    ඉස්සරහ ශොක්ස් තියන ඒවා විතරයි
    එත් මට හිතෙනවා අපි බයිසියාලේ යද්දී අපේ බරෙන් වැඩි කොටසක් තියෙන්නේ පිටිපස්ස පැත්තට කියලා
    එහෙම උනාම ගැස්සෙනකොට පිටිපස්සේ ශොක්ස් තිබ්බොත් අපේ ඇඟට පහසුවක් එනවා නේද
    ඉස්සරහ තියනවට වඩා

    Why don't most MTBs have rear shocks?

    1. Price - a suspended frame is much more complicated and expensive to make, and a good shock alone can cost more than a decent rigid frame.
    2. Maintenance - both shocks (due to gaskets/seals, lubrication, cleaning) and elements suspended frames (additional bearings) are relatively high-maintenance and short-lived, compared to rigid frames. This also translates into less reliability, especially important in touring/trekking trips.
    3. Cost-effectiveness and weight-effectiveness - especially in road biking or touring, it's not such a big deal. Much better to put wider tires or suspended saddle.
    4. Pedalling efficiency - even the best suspension systems rob some of the user's energy. In mountain biking, it's more than offset by less energy expended by the rider, who can spend less time out of the saddle on uneven terrain, but in road cycling it's absolutely unjustifiable.

    බොහොම ස්තුති
    මගේ හිතේ පොඩි ප්‍රශ්නයක් තිබ්බා ශොක්ස් තියන බයිසිකල් වල මම දැකලා තියෙන්නේ
    ඉස්සරහ ශොක්ස් තියන ඒවා විතරයි
    එත් මට හිතෙනවා අපි බයිසියාලේ යද්දී අපේ බරෙන් වැඩි කොටසක් තියෙන්නේ පිටිපස්ස පැත්තට කියලා
    එහෙම උනාම ගැස්සෙනකොට පිටිපස්සේ ශොක්ස් තිබ්බොත් අපේ ඇඟට පහසුවක් එනවා නේද
    ඉස්සරහ තියනවට වඩා
    Another Answer:


    Efficiency: On a suspension bike, some of the energy from the rider's pedaling is translated into the bike bouncing up and down on the suspension, so that's a strike against it.

    In addition, weight is a factor: Suspension makes a bike heavier, and this is a particular concern with road bikes.

    It's much harder to fit racks on a bike with suspension. Although it is possible to do so, such frames are more expensive and can be somewhat finicky to attach: Do a search on any touring forum for "rack" and "suspension" and you'll find many threads asking how to do this.

    Cost is also a factor. Good suspension systems are expensive, bad ones are cheap and ubiquitous.

    Also, suspension is just one more thing that can break down. It would be difficult to repair a hydraulic suspension system at the side of a road or in a SAG wagon.

    (Personally, I hate suspension with a passion because it makes it harder for me to "feel" the road. Ironically, one of the reasons steel is favored among touring cyclists is because it absorbs bumps better than Aluminum, which is said to be "stiffer" than steel, so a group that mostly avoids suspension favors a frame material that has some of the same qualities.)
    ------ Post added on Jul 13, 2022 at 3:52 PM
     

    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    බයිසිකල් පැදීම

    බයිසිකල් පැදීම ලෝකය පුරාම ජනප්‍රිය ව්‍යායාමයක්. එමෙන්ම වැඩිවෙමින් පවතින පරිසර දූෂණයට යම් ආකාරයක හරිතමය විසඳුමක් ලෙසද සයිකල් පැදීම සළකනවා. ඉතා හොඳ ව්‍යායාමයක් මෙන්ම වඩාත්ම පිරිමැසුම් දායක ප්‍රවාහණ ක්‍රමයක් නිසා ලොව පුරාම සයිකල් පැදීමට උනන්දු කිරීමේ ව්‍යාපාර දැන් කලක සිට ක්‍රියාත්මක වනවා.


    සයිකලයේ වැඩට යන බ්‍රිතාන්‍ය වැසියා
    උදාහරණයක් ලෙස මහා බ්‍රිතාන්‍යයේ වැසියනට සිය රැකියාවට යෑම සඳහා බයිසිකල් පැදීම උනන්දු කිරීමට බදු රහිතව සයිකල් මිළදී ගැනීමට හැකි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වනවා. Cycle Scheme ලෙස හැඳින්වෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ සේවා ස්ථාන හරහා. මෙම වැඩසටහනට ඇතුලත්ව සිටින ආයතනයක සේවකයෙකුට සිය රැකියාවට බයිසිකලයෙන් පැමිණීම සඳහා බයිසිකලයක් මිලදී ගැනීමේදී 25% අවම ඉතිරියකුත් උපරිම 40%ක් ඉතිරියකුත් ලැබෙනවා. මීට අමතරව බ්‍රිතාන්‍යයේ විවිධ නගර, මහාමාර්ග වල තදබදය අඩුකර ගැනීම සඳහාත්, වායු දූෂණය අවම කරගැනීමටත්, සිය නගරවාසීන්ගේ සෞඛ්‍ය තත්වය නගාසිටුවීම සඳහාත් සයිකල් පැදීම ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.

    සයිකලයේ වැඩට යන ලන්ඩන් වැසියන්
    මේ අතරින් ලන්ඩන් නගරය, මුලු මහත් බ්‍රිතාන්‍යයේම සයිකල් හිතකර නගරය බවට පත්කිරීමේ විශාල ව්‍යායාමයක් ලන්ඩන් ප්‍රවාහන අධිකාරිය මගින් ක්‍රියාත්මක කර තිබෙනවා. සයිකල් පදින්නන් හට මාර්ගවල වෙනම මංතීරු ලකුණු කිරීම, සයිකල් පදින්නන්ට අනෙකුත් වාහනවල ගැටීම නිසා සිදුවන අණතුරු අවම කිරීමේ ව්‍යාපෘති, සයිකල් ආරක්ශිතව නවතා තැබිය හැකි (සොරකම් අවම වන ) ස්ථාන ස්ථාපනය කිරීම, ලන්ඩන්වල ව්‍යාපාර සිය සේවකයින් රැකියාවට සයිකලයෙන් පැමිණීම උනන්දුකිරීම සඳහා ව්‍යාපෘති මේ අතරින් ප්‍රධානයි. එපමණක් නොව, ලන්ඩන් නගර සභාව London Cycle Hire Scheme යනුවෙන් හඳුන්වන පැය 24 පුරාම ක්‍රියාත්මකවන, ඉතා අඩු මිලකට සයිකලයක් කුලියට දීමේ වැඩසටනක් 2010 සිට ක්‍රියාත්මක කරනවා. දැනට සයිලකල් 6000ක ප්‍රමාණයක් ලන්ඩන් නුවර විවිධ ස්ථාන 400කින් කුලියට ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතා හොඳින් නඩත්තු කරන ලද මෙම සයිකල් දවස පුරාම භාවිතා කොට නැවත භාරදීමට හැකියි. එමෙන්ම සයිකලයෙන් පාසැල් පැමිණීම සඳහා පාසල් දරුවන් හා දෙමව්පියන් උනන්දුකිරීමේ ව්‍යාපෘතියට ලන්ඩන් මහ නගර සභා ප්‍රදේශයට අයත් පාසැල් 2700ක් බඳවාගෙන තිබෙනවා.

    ලංකාවේ සයිකල් පැදීම
    සයිකල් පැදීම කලක් ඉතාමත් ජනප්‍රියව තිබුණු රටක් වූ ශ්‍රී ලංකාව 1980-1990 දශක වලදී සයිකල් පැදීමෙන් කෙමෙන් ඈත් වුනා.
    නගරබදව සයිකල් පැදීම, බයිසිකල් රේස් වලට සහභාගී වීම, ඒවා නැරඹීම විශාල ජනකායක් සහභාගීවන විනෝදාංශයක් ව තිබුණා. සෑම කඩමණ්ඩියකම සයිකල් හදන වින්කලයක් තිබුණු අතර ඒ අසලම වාගේ සයිකල් බඩු විකුණන කඩයක් හෝ දෙකක් තිබුණාමයි. මා කුඩාකල මාගේ නිවස අසල විසූ, මට වඩා වයසින් වැඩි අයියලාට සයිකල් උන්මාදයක් තිබුණ බව මට මතකයි. ඔවුන් බොහෝ දෙනෙකු සාමාන්‍ය ස්ටෑන්ඩඩ් බයිසිකල් මිලදීගෙන, ඒවාට විවිධ උපාංග සවිකරමින් "මොඩිෆයි කොට" රේස් පැදීම මෙන්ම ගෑණු ළමයින්ට පෙනෙන්නට "වැඩ දමමින්" පැදීමත් මහත් විනෝදයක් ලෙස සැලකුවා මතකයි. මා මේ කියන කාලය 1980 දශකයේ මැද භාගය ලෙස කිව හැකියි.

    එහෙත් ලාබ මෝටර් සයිකල් වල ආගමනයත් සමගම සයිකල පැදීම නගරබදින් විතරක් නෙමෙයි ගම්බදින්ද කෙමෙන් අතුරුදහන් වුනා. අද ගමක වුනත් සයිකල් පදින්නේ කිහිප දෙනෙක් පමණයි. සයිකල් වල මිල විශාල ලෙස වැඩිවීමත්, එමෙන්ම තත්වයෙන් ඉතා පහත්, නිතරම කැඩෙන ඉන්දියානු හා චීන සයිකල් මීට හේතු වන්නට ඇති. බයිසිකලය දුප්පතාගේ වාහනය ලෙස අදහසක් සමාජය තුල මුල් බැසගැනීමද තවත් විශාල හේතුවක් වන්නට ඇති. බොහෝ දෙනෙකු දුප්පතාගේ වාහනය විකුණාදමා මෝටර් සයිකලයක් මිළදීගෙන යමක් කමක් ඇති අයගේ ගොඩට එකතුවන්නට උත්සහ කලා වන්නට පුලුවන්. සයිකල් පැදීමේ සෞඛ්‍යමය වාසි පිලිබඳව නොදැනුවත්, ආර්ථික දියුණුව වඩා වැදගත් ලෙස සළකන සමාජයක මෙය සාමාන්‍ය සිදුවීමක්.

    එහෙත් මෑතක සිට ලංකාවේ නගරබද ප්‍රදේශවල සයිකල් පැදීම සඳහා උනන්දුවක් යලිත් ඇතිවෙමින් තිබෙන බව ඉතා පැහැදිලියි. නිවාඩු දිනවලදී පාන්දර ව්‍යයාම සඳහා සයිකල් පදින්නන් වැඩිවෙමින් පවතින බව දකින්නට තිබෙන අතර නාගරික සංවර්ධන අධිකාරිය හා ආරක්ශක ආමාත්‍යාංශය ගෙන ගිය ව්‍යායාම මං තීරු / සයිකල් මං තීරු නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියද මෙයට මහත් රුකුලක්. ඔවුන් පවත්වාගෙන යන සයිකල් කුලියට දීමේ ස්ථාන (නිදහස් චතුරශ්‍රය, බෙල්ලන්විල ව්‍යායාම ප්‍රදේශය හා නුවරඑලිය ග්‍රෙගරි වැව අසල) ඉතා ජනප්‍රිය වන අතර විශාල පිරිසක් එම ස්ථානවලින් සයිකල් කුලියට ගෙන පැය කිහිපයක් සයිකල් පැදීමේ නිරතවනවා දකින්නට පුලුවන්.
    කොළඹ නගරයේ සයිකල් වෙළඳසැල් පවත්වාගෙන යන්නන් කිහිපදෙනෙකු හා කල කතාබහේදී, මවුන්ටන් බයිසිකල්, BMX බයිසිකල් වැනි විනෝදය හා ව්‍යායාම සඳහා භාවිතා කරන බයිසිකල් වල ඉල්ලුම ඉහල යමින් පවතින බව දැනගන්නට ලැබුණා.

    එමෙන්ම සති අන්තවලදී බයිසිකල් 2-3ක් වාහනයේ දමාගෙන (නැතිනම් cycle carrier වැනි උපක්‍රමයක් මගින් වාහනයේ පිටත රඳවාගෙන ) කොළඹින් පිට කිතුල්ගල වැනි සයිකල් පැදීම සඳහා ජනප්‍රිය ස්ථාන බලා යන්නන්ගේ සංඛයාවද වැඩිවෙමින් තිබෙන බව පෙනෙනවා.

    දැනට මිළමුදල් ඇත්තන් අතර පමණක් වර්ධනය වෙමින් ඇති මෙය සාමාන්‍ය ජනතාව අතරට ගෙන යාම රජයේ වගකීමක්. මේ සඳහා ලන්ඩන් වැනි නගරවල සයිකල් ව්‍යාපෘති වලින් යම් නිදර්ශණ සපයාගත හැකියි.


    ව්‍යායාම සඳහා වඩා හොඳ සයිකල පැදීමද දිවීමද?
    බ්‍රිතාන්‍යයේ Men's Health සඟරාවට අනුව දිවීමට වඩා සයිකල් පැදීම යෝග්‍ය වනවා. දිවිමේදී මාංශපේෂීන්ට හානි සිදුවිය හැකි අතර මස්පිඩු වේදනාව ව්‍යායාම කාලය සීමා කරනවා. සයිකල් පැදීම "low impact" හෙවත් ශරීරයට බලපෑම අඩු ව්‍යායාමයක්. එලෙසම. මස් පිඩු වර්ධනය සඳහා උනන්දුවක් දක්වන්නන්ට, සිරුරේ පහල කොටසේ මස්පිඩු වර්ධනය සඳහා සයිකල් පැදීම ඉතා යෝග්‍යයි. දිවීම මස්පිඩු වර්ධනය සඳහා උපකාරී වන්නේ නෑ.

    කෙසේ වෙතත් කැලරි දහනයේදී දිවීම ඉතා ඉදිරියෙන් සිටිනවා. විනාඩි 15ක දිවීමකදී කැලරි 200ක් දහනය වන නමුත්, විනාඩි 15ක සයිකල් පැදීමකදී දහනය වන්නේ කැලරි140ක් පමණ ප්‍රමාණයක්. එහෙත් වෙහෙසකර බවින් අඩු නිසා දිවීමට වඩා ඉතා වැඩි කාලයක් සයිකල් පැදිය හැකියි. උදාහරණයක් ලෙස මා හට එක දිගට දිවිමේ නිරතවිය හැකි කාලය විනාඩි 10-15ක් පමණ කාලයක්. ඉන්පසු අධික ලෙස වෙහෙසට පත්වනවා. එනම් කැලරි 200ක් පමණ වැයකර ගැනීමෙන් පසු සෑහෙන වේලාවක් විවේක ගැනීමට මට සිදුවනවා. එහෙත් සයිකල් පැදීමේදී මට අපහසුවකින් තොරව විනාඩි 45ක් හෝ 60ක් වුව ව්‍යායාමයේ නිරත විය හැකියි. විනාඩි 60ක් සයිකල් පැදීමෙන් මට අඩුම වශයෙන් කැලරි 500ක් වත් වැයකර ගත හැකියි. විනාඩි 10ක් 15ක් දිවීමෙන් පසු වෙහෙසට පත්වනවාට වඩා මා වැනි සාමාන්‍ය පුද්ගලයෙකුට සයිකල් පැදීම යෝග්‍යම ව්‍යායාමය වනවා.

    එපමණක් නොව දිවීම, සයිකල් පැදීමට වඩා කොඳු ඇට පෙලට, දණහිස් වලට හා වළලුකරට හානිදායක බව සොයාගෙන තිබෙනවා. දිවීමේදී මෙම ස්ථානවලට එකදිගටම කම්පණ දරාගැනීමට සිදුවෙනවා. හොඳින් පුහුණු වන, නිවැරදි ලෙස warm-up ව්‍යායාම සිදුකොට දිවීමේ නිරතවන මළල ක්‍රීඩකයින් හට මෙය එතරම් ගැටලුවක් නොවුනත් කාර්යබහුල ජීවිත ගෙවන පුදගලයින් හට දිවීමෙන් සිදුවිය හැකි හානි, ඇතිවන වාසි වලට වඩා වැඩි බව Men's Health සඟරාව පවසනවා.

    උපුටා ගැණිමකි
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    ලංකාවේ බයිසිකල් සංස්කෘතිය

    බයිසිකලය කියන වචනෙත් එක්ක ලංකාවෙ ෆුට් සයිකලේ, පුෂ් සයිකලේ, පුස් සයිකලේ වැනි වචනත් භාවිතා වෙනවා. සයිකලය වෙනුවට බයිසිකලය යොදා ෆුට් බයිසිකලය කියාත් කියනවා.

    හොඳ සිංහලෙන් බයිසිකලයට කියන්නෙ පාපැදිය කියලායි. බයිසිකලය කියන්නෙ තත්සම වචනයක්. ඒ කියන්නෙ ඉංග්‍රීසි වචනය වෙනස් කරගෙන සකසාගත් වචනයක්. එහි බහුවචනය බයිසිකල්.

    බයිසිකල් කියන ඉංග්‍රීසි වචනෙට තියෙන්නෙ ප්‍රංශ නිරුක්තියක්.

    එන්ජිමකින් ක්‍රියාකරන බයිසිකල් නිෂ්පාදනය වූ පසු ඒවාට මෝටර්සයිකල් කියන වචනය යෙදුණා. එයට සිංහලෙන් මෝටසයිකලය, මෝටර් බයිසිකලය හෝ යතුරුපැදිය කියනවා.

    බයික් කියන වචනයත් ඉංග්‍රීසියෙන් සිංහලට ආ එකක්. බයික් එක කියලා බොහෝ දෙනෙකු සිංහලෙන් නම් කියන්නේ යතුරුපැදියටයි.

    “මං ගාව බයික් එකකුයි බයිසිකලයකුයි දෙකක් තියෙනවා,” කියලා කෙනෙකු කියන්නට පුළුවන්.

    බයිසිකලයට ෆුට් සයිකලය හෝ පුෂ් බයිසිකලය කියන වචන සිංහලට පැමිණ තිබෙන්නේ අව්‍යක්ත ඉංග්‍රීසි ව්‍යවහාරයෙන්. ෆුටාර් එක හෝ පුටාර් එක කියන වචනෙ නම් අලුතෙන් භාවිතයට ආපු එකක්.

    චොපර් බයිසිකල් කියන ජාතිය එක්තරා කාලෙක ළමයින් අතර ඉතා ජනප්‍රිය වුණා. චොපර් කියන්නෙ රැලේ කොම්පැනියෙ වෙළඳ සන්නාමයක්.

    බයිසිකල් සන්නාම ගැන කියනකොට, රැලේ, හම්බර්, ෆ්ලයිං පිජන් ඉඳන් ලුමාලා දක්වා නම් රැසක් මතක් වෙනවා.

    බයිසිකලය සමග එහි කොටස් සම්බන්ධ ඉංග්‍රීසි වචන රැසකුත් සිංහල භාෂාවට එකතු වුණා. ඒවා නම්,
    • හැඬල් එක (handle)​
    • පැටල් අත (pedal)​
    • පෝක් අත (fork)​
    • බ්‍රේක් (brake – break නොවේ)​
    • රිම් එක (rim)​
    • ප්‍රේම් එක (frame)​
    • චේන් එක (chain)​
    • ස්පෝක් කූරු (spokes)​
    • ඩයිනමෝව (dynamo)​
    • තේලයිට් එක (tail light)​
    • සීට් එක (seat)​
    • සීට් කවරෙ (seat cover)​
    • බෙල් එක (bell)​
    • ස්ටෑන්ඩ් එක (stand)​
    • ටයර් ටියුබ් (tyre and tube)​
    බයිසිකලේ දෙන්නෙක් යනකොට කියන්නෙ ඩබල් දාලා යනවා කියලයි. ත්‍රිබල් දාලා යන එක ටිකක් අමාරු වැඩක්.

    බයිසිකල් ලයිසන් කරන්නට ඕනැ ඉස්සර කාලෙ නම්. දැනුත් ඒ නීතිය ඇති. ලයිසන් කළාම හම්බ වෙන තහඩු කෑල්ල බයිසිකලේ හයිකරගන්න ඕනැ. ලයිසන් නැති බයිසිකල් අල්ලලා පොලිස් රාළහාමිලා හුළං අරින කාලයකුත් තිබුණා, තල්ලු කරගෙන පලයල්ලා කියලා.

    හුළං ගහන පොම්පෙත් ඉංග්‍රීසියෙන් ආපු වචනයක්. බයිසිකලේ හිටි ගමන් පැච් යනවා. පැච් එක ඉංග්‍රීසි වචනයක් වුණාට සිංහලෙන් පැච් කියන එකට ඉංග්‍රීසියෙන් කියන්නෙ පංචර් (puncture).

    බයිසිකලේ තියෙන ලෙඩක් තමයි බල්ලො අහුනොවෙන එක. ඒ ගැන අජිත් අලවත්ත මෙහෙම විස්තර කරනවා: “ෆ්‍රීවීල් එක අල්ලගෙන ඉන්න කෑලි දෙකට කියන්නෙ බල්ලො කියලා. බල්ලො පැන්නම එකතැන පාගනවා. කොච්චර මහන්සි වුණත් ප්‍රයෝජනයක් නැහැ කියන එකට බල්ලො පැනපු බයිසිකලයක් පදිනව වගේ කියලා කියනවා.මේ බල්ලො කෑල්ලට ඉංගිරිසියෙන් කියන්නේ pawl.”

    බයිසිකල් රෙපෙයාර් කරන තැන තමයි වින්කලේ. මේක ඉංග්‍රීසියෙන් Vinkle කියලා ලිව්වට එහෙම වචනයක් ඉංග්‍රීසි ශබ්දකෝෂවල නම් නැහැ. එය ඩච් හෙවත් ලන්දේසි භාෂාවෙන් පැමිණි වචනයක් බව චන්න වික්‍රමසේකර පෙන්වා දුන්නා. එහි තේරුම වෙළඳසලයි. එහෙත්, බයිසිකල් ලංකාවට පැමිණි 20වන සියවසේ මුල හරියේදී ලංකාවේ ලන්දේසි භාෂාවේ බලපෑම අවමයි. “ලංකාව යටත් කළාට පසු ලන්දේසි ජාතිකයින් මුහුදුබඩ පළාත්වල ජීවත් වුණා.සමහරු කන්තෝරු (kantoor ) වල වැඩ කළා., තවත් බොහෝ අය කාර්මික අංශවල රැකියා කලා. මේ අය අතර කාර්මිකයෙන්, වඩුවන්, සපතේරුවන් සිටියා (‘සපත්තු ලංසි’ කියන පදය අවේ එහෙමයි). මම හිතන විදියට ඉස්සර winkel කියා හඳුන්වන්න ඇත්තේ ලංසි මිනිස්සු පටන් ගත් පොඩි කාර්මික වැඩ පොල වල්. විසිවෙනි සියවසේ බයිසිකල් ආවහම ඒ වැඩපොළවලම අලුත්වැඩියා කරන්න ඇති. පසු කලෙක අනිත් වැඩ පොලවලට වින්කල් කියන පුරුද්ද අභාවයට ගොස් බයිසිකල් වැඩපොළවලට පමණක් වින්කල් කියන එක ඉතුරු වෙන්න ඇති,” යි චන්න වික්‍රමසේකර පෙන්වාදෙනවා.

    බයිසිකල් ලංකාවට හඳුන්වා දුන් මුල් කාලයේ “රජයේ සේවයේ සැලකිය යුතු පිරිසක් ඩච් බර්ගර් අය හිටපු නිසා ඒ අය අතර සයිකල් භාවිතය තිබුණාද, ඒ නිසා සයිකල් රෙපෙයාර් කරන තැනට වින්කල් කියන වචනය පාවිච්චි වුණාද කියන එක සලකා බලන්න වටින” බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ අදහසයි.

    කෙසේ වෙතත්, විංකලේ ඉන්නෙ විංකල් බාස්. බාස් කියන්නෙත් ලන්දේසි වචනයක් (Baas = boss ). විංකල් බාස්ලා භාවිතා කරන තවත් වචන අපට අරුණ ප්‍රේමරත්න සහෘදයා මතක් කරදුන්නා. වෑල් එක, වෑල්කර, ඩස්කැප් එක, ලැගෙජ් එක, මඩ්ගාඩ් එක.

    පොල්ල හැදුණෙ pole කියන ඉංග්‍රීසි වචනෙන් බව දර්ශන උදය පෙන්වාදෙනවා. අපි පුංචිම කාලෙ ලොකු බයිසිකල් පදින්න පුරුදු වුණේ පොල්ල යටින් කකුල දාලා පදිමිනුයි. පොල්ල උඩින් දාන්න පුළුවන් වෙන එක හරියට වැඩිවිය පැමිණෙනවා වගේ වැඩක්.

    උපුටා ගැනීමකි​
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    avx1pwv_460swp-jpg.172991
     
    • Haha
    Reactions: rama_d and ThariGR

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    මහත රෝද දාපු බයික් තියෙන්නේ මොකට්ද? නිකන් මෝටර් බයික් එකේ පලල් රෝද තියෙන්නේ..ඩ්‍රැග් එක වැඩිනේ එපා වෙනවා පදින්න
    කොම්ෆෝට් එක වැඩියිලු. බම්ප් වෙනව එහෙම අඩුයිනෙ, thava puncture enavath aduilu
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113

    සයිකලයක් අරන් පදිමු


    ඉහත හෙඩිම දැක්ක ගමන් තේරුම් යන්න ඕන කාරණේ තමයි මේ කියන්නේ සයිකල් පදිමු කියන එක නම් නොවෙයි කියන එක. එතකොට මේක බලන ඕන කෙනෙකුට අහන්න හිතෙන දේ තමයි “එතකොට මෙච්චර දවසක් දෙයියනේ කියලා පැදපු සයිකලේ උඹට දෙන්නද කියන්නේ !?” කියන එක .
    බොහෝවිට බොහෝ දෙනෙක් පදින ගෙදර තියෙන සයිකලයක් මට නෙවෙයි තරහ කාරයෙකුට වත් දෙන්න වටින ඒවානම් නොවෙන හින්දයි මෙහෙම කිව්වෙ. කතන්දරේ පටන් ගන්නකොටම කියන්නම් අනේ තට්ටයා යනු සයිකල් විශාරද කෙනෙක් නම් නොවෙයි. ඒත් දෙයියනේ කියලා පදින්න පුළුවන් එකක් තෝරගන්න නම් පුලුවන් කම නම් තියෙනවා. අනික තමයි මම මේ පදින්න පුලුවන් කියලා කියන්නේ ගෙදරට පාන් ගේන්න කඩේට යනකොට පදින පැදිල්ල, එතකොට ගෙදර ඉඳන් බස් එකක් ගන්න තාත්තාව පොල්ලේ තියාන පදින එක, මාළු පෙට්ටියක් පිටිපස්සේ බැඳගෙන “මාලෝ ! මාලෝ !!” කිය කියා පදින එකවත් නෙවෙයි. කොටින්ම මේ කතා කරන්නේ සයිකල් පදිමු කියන්න නම් නෙවෙයි - cycling කරන්නයි මේ කතා කරන්නේ!

    Drop Handle Racing Cycle
    Cycling කරන්න අංක එකටම ඕන වෙන්නේ cycle එකක් කියන එක හැමෝටම තේරෙනවානේ.
    Cycling වලදි තමන් ගමන් කරන්නේ තමන්ගේ ශක්තියෙන් නිසා තමා සතු ශක්තිය හැකි පමණ ප්‍රයෝජනවත් කාර්‍යයක් ඉටුකර ගැනීමට වැය කල යුතු වෙනවා. මෙහිදී ප්‍රයෝජනවත් කාර්‍යය වන්නෙ ගමන් කිරීම පමනයි. ඒනිසාම තමන්ගේ ශක්තිය උපරිම වශයෙන් වැය කලයුතු වන්නේ ගමන සඳහායි . ඒකියන්නේ තමාගේ ශක්තිය වැයකරන්න ඕනේ තමාගේ බරත් සයිකලයේ බරත් අරන් යාමටයි. එතකොට ශක්තිය ඉතුරු කර ගන්න ඕන නම් වැඩේට අඩු බරක් තියෙන cycle එකක් ගන්න වෙනවා. දැං අලුත් ප්‍රශ්නයක් සෙට් උනා. මොකද්ද මේ අඩු බර කියන්නෙ? අවම වශයෙන් කිලෝ 15 කට වඩා වත් cycle එක බර අඩු වෙන්න ඕනෑ. කිලෝ 10 ක බයිසිකලයක් නම් වැඩේට සුපිරි.
    දුර පදින්න හොඳම cycle එක තමයි Drop Handle තියෙන Racing cycle එක! නමුත් බොහෝ අයට මේක පදින එක වාතයක්. හේතුව කොන්ද නමාගෙන පදින්නට සිදුවීම.හැබැයි ඒක පුරුදු උනාම ඒතරම් අවුලක් තියෙන එකකුත් නෙවෙයි.

    Hybrid Cycle
    ඊළඟට හොඳම එක තමයි Hybrid cycle එක. Hybrid cycle කියන්නෙ Mountain cycle එකේ විදියට Handle එකයි Frame එකයි තියෙන (ෆ්‍රේම් එක ඒතරම්ම ශක්තිමත් නොවීමටද ඉඩ ඇත!); හැබැයි Mountain Tire තරම් පලල නැති සිහින් Tire තියෙන එකක්. බොහෝ Hybrid cycle වල frame එකේ Top bar එක; ඒකියන්නෙ ඩබල් දාලා යනකොට පදින එකා නෙවෙයි ඌට වාත වන එකා (“උඹට අමාරුද මචං ? ”කියලා ඇහැව්වට ආසාවට “හිටහං මම ටිකක් පදින්නං නොකියා ) වාඩිවෙලා යන ෆ්රේම් එකේ උඩ පොල්ල හෙවත් බාර් එක අනිත් cycle වල වගේ තනි කෙලින් (පොල්ලෙන් ගැහැවා වාගේ ) නෙවෙයි බොහෝ විට තියෙන්නෙ. ඒක ටිකාක් උඩු අතට ව්ක්‍රවයි තියෙන්නේ.
    අනෙක මේ bike වලින් 50% කටම කම්පන පරිමන්දක - තේරෙන හිංගලෙන් කියනවා නම් ෂොක්ස් හෙවත් Shock absobers නෑ. තමන් පදින්න යන්නේ වල් පාරක නම් (වරදවා වටහා ගන්නවත් නොමග යන්න හිතන්න වත් එපා - මේ කියන්නේ Rough Terrain එකක කියන එකයි!) විතරයි ඉස්සරහට විතරක් හරි ඉස්සරහට පස්සට දෙකටම හරි ෂොකස් තියෙන bike එකක් ඕනෑ වෙන්නේ. මේ කිලෝ 10 – 12 cycle වල frame එක අනිවාර්‍යයෙන්ම Alloy වලින් නිර්මිත වෙනවා. නැතිනම් ඊටත් එහා ගිය Carbon Fiber වගේ එළම භාන්ඩයක්. Alloy කියන්නේ මිශ්‍ර ලෝහවලට. අපි Alloy කියන්නේ Aluminium Alloy වලට ! Alloy කිව්වට මුළු bike එකම Alloy වලින් හදන්න තවම පුළුවන් උන කෙනෙක් මේ ලෝකේ තවම බිහිවී නෑ! ඒ කියන්නේ Tire, Tube වගේ දේවල් Alloy වලින් හදන්න බැරි නිසාය! ඒවගේම බොහොමයක් bike වල front fork එක Alloy නොවන්නේය. නමුත් අනෙකුත් සමස්ථයෙන් බහුතරය Alloy විය යුතුය. බොහෝවිට මෙම bikes වල Moving parts බොහොමයක් Shimano ඒවා වේ.
    ඒවගේම 21 speed එකක් වත් විය යුතුය . (21 speed කියන්නෙ ඉස්සරහ Cog wheel set එකේ දැති රෝද ගනන පිටිපස්සේ Free wheel set තියෙන දැති රෝද ගනනෙන් ගුණ කලවිට ලැබෙන අගය වේ . 21 speed යනු 3 x 7 යන අකාරයට තියෙන එකකි .)


    දැන් ඊළඟ ප්‍රශ්නය තමයි මොන වරිගේ එකක්ද ගන්න ඕනේ ? නැතිනම් මේවා අලුතින්ම ගන්න ඕනද කියන එක ? කියන විය යුතුය. ගන්නවානම් හොඳ Branded එකක් වැඩේට තෝරා ගන්න ඕනෑ කියන එකය. Scott ,Giant , GT ,Bianchi ,Specialized, Treck, Bridgestone, ………… , ඔය වගේ නහුතයක් හොඳ Branded bikes ගනනාවක් ඇති අතර තමන්ට ඇති හැකි ප්‍රමානයට එකක් තෝරා ගන්නට ඕනෑය. මෙවැනි හොඳ Branded bike එකක් ගන්න යන නිසාම බොහෝ විට අපට ගන්න වෙන්නේ Second hand එහෙම නැතිනම් Recondition එකක්මය. මේවා ජපානෙන් පරණ බඩු ගෙනෙන තැන් වල තියෙන අතර සමහර සයිකල් විකුණනම තැන්ද කිහිපයක් මේ වන විට රට වටා බිහිවී ඇත.

    “එතකොට ඔය අපේ ගෙදර තියෙන බයිසිකලේ පැද්දොත් පැදෙන්නේ නැද්ද ?” වගේ ප්‍රශ්න අහන්න හිතෙන අයත් මේක කියවන්වා ඇති . නෑ එහෙම දෙයක් නෑ! පදින්න පුලුවන්. ඒත් සයිකල් ශූරයකු නොවන කෙනෙකුට Hobby එකක් විදියට cycling කරණ විදියයි මේ කියන්නේ.
    ගම්පහ ඔරුතොට පාර ගාව ඉස්සෙල්ලා වැඩකල සුසිල් අයියා වැනි අරුම පුදුම අයෙකුට නම් රෝද දෙකයි හැන්ඩල් එකයි තියේ නම් සීට් එක නැතත් කමක් නැත. මේ සුසිල් අයියලා ට ඒ කාලේ තිබුන H S C විභාගෙ ඉවරවෙලා නිකම් ඉන්නකොට දවසක් හිතුනලු එයාලගෙ නෑ ගෙදරක යන්න; කොහෙද ලඟ පාතක නෙවෙයි බදුල්ලේ. අව්ලක් නෑ ගෙදර තිබුනු පරණ බයිසිකලේට හුලං ටිකක් වැඩිපුර ගහගෙන පොම්පෙත් ඔතාගෙන පිටත් වෙලා! “ ටයර් දෙක මේ වගේ’’ කියලා සුසිල් අයියා ආදරේට වගේ මගේ ඔලුව අතගාලා පෙන්නුවා! අනේ පහු වෙනිදා හවස් අතේ මේ මනුස්සයා බදුල්ලට ගිහින් !
    මේ විදියේ වීර වික්‍රම කරණ විදිය නෙමෙයි මේ කියන්නේ. නැවත කියනවානම් Hobby එකක් විදියට cycling කරණ විදියයි මේ.
    බසිකලේ ගත්තා වගේ නෙවෙයි මේක Service කරගන්න ඕනෑය. “බය නැතිව පදින්න මහත්තයා; මේක ඊයේ එංගලන්තෙන් ගෙනාවේ. ඩයනගෙ පුතා විලියොං රේස් බුකියට යන්න ගත්ත බයිසිකලේ ” කිව්වත් ගලවලා Service කරගන්න ඕනෑය. එතකොට මේ වැඩේට හොඳම වැඩ්ඩෙකු ඕනෑවේ.
    තට්ටයා ට නම් හමුවුන සුපිරිම වැඩ්ඩා පිටකොට්ටේ Bianchi show room එකේ ඉන්න අහිංසක ඩෑල් එකය! (ඌට බිස්නස් ප්‍රමෝට් කරණවා නම් නොවේ! කාබන් ෆයිබර් සයිකලයක් පදින ඌත් එකෙන්ම සිරා Cyclist කෙනෙකි.) අපි දන්න කියන නිකම්ම නිකම් වින්කල් වල බොහෝ විට අලුත් බයිසිකල් ගලවන්නට උවමනා කළමනා නැත්තේය. ඒ වාගේම ඔවුන් තුල තාක්ෂනයද නැති බව හද පිරි ශෝකයෙන් යුතුව මේ මොහොතේ ප්‍රකාශ කරමි.
    (හොඳට පැදෙන්න කියලා චේන් එක දැති රෝද එන්ජින් ඔයිල් වලින් නාවා ග්‍රීස් ගාන්නට යන්නට එපාය. ඒවාට සුදුසු Dry Lubricant වර්ගයක් පමනක් යාන්තමින් භවිතා කරන්න.) ඒවගේම Alloy rim තියෙන බයිසිකල් වලට බ්‍රේක් පලු දැමීමෙදී කඩයක් කඩයක් ගානේ තියෙන බාල ඒවා පාවිච්චි නොකරන්න. එයින් rim එකට හානි සිදුවිය හැක.
    මේ සර්විස් වැඩේ යන කොටම තමන්ගේ උස ට දිගට (දිගට කියන්නේ අත පය වල !) හරියන්න යන්තරේ ඇජස් කරගන්න ඕනෑය. මේ ගැන ජාලයේ අටෝරසියක් පිටු ඇත. නැතත් බයිසිකලයේ සීට් එකේ (Saddle) ඉඳගත්විට ඇඟිලි යාන්තමින් පොලොවේ වදින ප්‍රමාණයට සීට් එක උස් කර ගත යුතුවේ. ( සමහර පොත් පත් වල තියෙන්නේ කකුල දණහිසින් යාන්තමින් නැමෙන සේ සීට් එක උස් කර ගත යුතු බවයි.) කෙසේ වෙතත් එක දෙයක්; සීට් එක හොඳින් උස්ව පවත්වා නොගතහොත් තම උපරීම කාර්‍යක්ශමතාවයකින් පදින්නට නොහැකි වනවා සේම දණහිසේ ආබාධ ඇති වීමේ වැඩි ප්‍රවණතාවයක්ද පවතී.
    Bike එකට Water Bottle bracket එකක් තිබිය යුතුමය. ඒ වතුර ගෙනයන්නට නොව ජීවනී ගෙනියන්නටය! අවුල් වෙන්න එපා මේ හැම දේම ගැන කතා කරනවා.
    ඊලඟට Safety! මොළයක් ඇතත් නැතත් Bike Helmet එකක් ගන්න. අපේ බොහෝ පින්වතුන් අලියා ගත්තාට හෙන්ඩුවට වියදම් කරන්නට ඇඹරෙනවාය. (මේ වාගේ ඥාතියකු මටද ඇත. මේක කියවපු ගමන් ඌ හිතන්නේ තට්ටයා මේ කියන්නේ ඌට කියලාය. මේ ඌටත් හැදෙන්න එක්කම තමාය !!!!!) Cycling short එකක්, පදින්න සපත්තු දෙකක් හරි Sandles දෙකක් හරි සෙට් කරගෙන වැඩේට බහින්න. Hobby එකක් නෙ මේ කරන්න යන්නේ. නැතිව භාරයක් ඔප්පු කරන්න වගේ ඔහේ තියෙන සරම හරි වලාපට ගහගෙන සෙරෙප්පුවක් වත් නැතිව Hobby එකක් කරන්න යන්න් එපා. පොඩි කලාවක් Style එකක් තිබිය යුතුය.
    (පොඩි First Aid kit එකක් (බෙත්ඩීන්, ගෝස් ටිකක්, බැන්ඩේජ් රෝලක්, ප්ලාස්ටර් ටිකක්, ඔය ඩිස්ප්‍රින් පැනඩොල් වගේ පෙත්තක් දෙකක් සහිත ) ලඟ තබා ගැනීම අනිවාර්‍ය සාධකයකි.
    මේ වගේ Branded Bike වල බොහොමයක් කොටස් ගලවන්න ඇත්තේ Allen Key ඇණය. මේ නිසාම ඔය Allen Key එකක් දෙකක් ඉස්කුරුප්පු නියනක් වගේ ඕනම Tool එකක් දෙකක් අරන් යන්න අමතක කරන්න එපා. මේ සියල්ල එකට තියෙන Compact Cycling Tool Kit වෙළඳ පොලේ ඇත.
    පිටත්වන නිසා ලයිට් එකක් නැත්නම් හෙඩ් ටෝර්ච් එකක් තිබිය යුතුමය. ඒතමන්ට පාර බලාගන්නට පාරේ ඉගිල්ලෙන අයියලාට තමාව බලා ගන්නය. පිටු පසට සවිකල හැකි reflector හරි ලයිට් එකක් හරි ඕනේ වෙන්නේ පසුදින තමන්ගේ නම පත්තරේ වැටීම වලක්වා ගැනීමටය.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    කියන්නම ඕන එකක් කියන්න බැරි උනා. තමන්ගේ ළඟ පාත මිත්තරයෙකු හරි ඇම්ම තියෙන මෝඩ ඥාතියකු මුල ඉඳන් වැඩේට යාව ජීව කර ගන්න. එතකොට කාලයත් සමග ඌටත් ටික වෙන්න ඇම්ම බෝවී තියේවි. එතකොට වැඩේට බහින කොට පාරේ තනියෙම චාටර් වීමේ අවදානමෙන් ගැලවීමට පුලුවන !
    තමන් Cycling පටන් ගන්න හදන එකෙක් නම් පලවෙනියෙම්ම කිලෝ මීටර් 2-5 දුරක් පදින්න පටන් ගන්න. ඊළඟට ඒක 5-10 ට වර්ධනය කරගන්න. ඊළඟට කිලෝමීටර් 20 ක් යනාදී වශයෙන් ටිකින් ටික දුර පදින්න පුරුදු වන්න.

    දැන් ටිකක් දුර පදින්නට හැකියාව ඇති නිසා Cycle Tour එකක් කරන්නට පුලුවන. ගමනට එකසිය ගානට කඳු තියෙන පාරවල් තෝරා ගැනීම ඒතරම් හිතකර නොවේ. දවසක් තුල ගමන කිලෝ මීටර් 100 කට; උපරිම 150 කට සීමා කරගන්න. 100, 150 දැක්ක ගමන් අම්මෝ ! ගාන්නට අවශ්‍ය නැත. 100 km ඕනෑම කෙනෙකුට පදින්න පුලුවන් බව 100% ක් ම ෂුවර් ය. පටන් ගන්නකොට හිතන කොට ලොකුවට හිතුවාට 100 ගේමක්ම නැත ! දැන් Route එක හරිනම් මේ පාර කිලෝ මීටර් 15 -20 දුරට බෙදා ගන්න. 20; 18 උනත් 22 උනත් 15 උනත් කම් නැත. සාමාන්‍යයෙන් මේ වගේ ගමනකදී පැයට කිලෝ මීටර් 20 ක වේගයක් ලෙහෙසියෙන්ම පවත්වා ගත හැක. මේ සෑම කිලෝ මීටර් 20 කටම විනාඩි 15 ක Brake එකක් විවේකයක් ගන්න .
    ඒ සෑම තැනකදීම පොඩි ආහාරයක් ගන්න. මේ කියන්නේ ගෙදරින් කෙහෙල් කොලයක් පුරවලා බැඳගෙන ආපු බත් ගෙඩියක් කන්න කියන එක නම් නෙවෙයි ! සැහැල්ලු ආහාරයක් !! ඒ කියන්නේ හුලං විස්කෝතු එහෙම නෙමෙයිය !!! ග්ලුකෝස් ඇඟට ලැබෙන ජෑම් ගාපු පාන්, වියලි මිදි, රට ඉඳි, ආනමාලු, ආනමාලු, ආනමාලු, මේ ප්‍රින්ටින් මිස්ටේක් එකක් නෙවෙයි. ආනමාලු ඒතරම්ම වැඩේට සුප්ප සුපිරියටම ගැලපෙන නිසාය.
    ඊලඟට මොනවාද බොන්නේ? ඔය Dead Bull අනං මනං නෙවෙයි. ජීවනී පැකට් 10 විතර අරන් යන්න. වතුර තිබහ හැදෙන හැම විටම ජීවනී ෂොට් එකක් අර තමන්ට වගේම ගෙදර ඉන්න බැරි කැසිල්ල හැදුනු තමන්ගේ යාළුවා එක්ක හරි අන්ඳවා ගෙන එක්කගෙන ආපු මෝඩ ඥාතියා සමග “චියර්ස්” කියලා ගහන්න!
    ගමනට උදේ පාන්දර 4 ට විතර පිටත් වන්න. උදෙන්ම පිටත් වෙන තරමට වැඩේ පහසුය. වියළි කාළගුණයක් පැවතීම ආශිර්වාදයකි. ගමනෙහි මුළු දුර කිලෝ මීටර් 100 ක් නම් ගමනට පැය 5 ක් ගතවේ. සෑම කිලෝ මීටර් 20 කටම වරක් ගන්නා විනාඩි 15 බ්‍රේක් එඅකත් සමග මුළු කාලය පැය 6 ක් පමණ වේ. පාන්දර 4 ට පිටත් වුව හොත් 10 -11 වන විට වැඩේ අවසන් ය! ( සිරා නේ !?)
    ගමනට ගෙනියන්න හැකි තරම් අඩු අහාර උපාංග අනං මනං ප්‍රමානයක් එක් කර ගන්න. පිටේ එල්වා ගෙන යන Back Packs නම් වැඩේට කිසිසේත්ම සුදුසු නොවේ. මන්ද මුලු පිට කොන්දම ඉන් ආවර්ණය වූ විට හොදින් ඩහදිය පිට නොවන නිසාය. Cycle Pannier එකක් සපයා ගන්නට හැකිනම් සුපිරිය!

    ගමනේ ආරඹයේ සිට පලමු කිලෝ මීටර් 20-30 Hack නොවී පදින්නට වග බලාගන්න. තමන්ගේ පාදයට යාන්තමින් හෝ බරක් දැනුනු වහාම පහත ගියර වලට මාරු කර ගෙන පදින්න. කාලය ගැටලුවක් කර නොගන්න. සයිකලයේ ඇති කොග් වීලය පොඩි උන තරමට පැදීම පහසුය. කඳු නැගිය හැක. ලොකු දැති රෝදය මගින් චේන් එක දුව වන විට වේගය වැඩිය. පිටුපස ෆ්රී වීලයේ කටයුතු මීට ඉඳුරාම වෙනස් ය. (හරියට යහපාලන ආණ්ඩුව හා ඒකබද්ද විපක්ෂය වාගේය ) වේගයෙන් යන්නෙ පොඩි එකේය. කඳු අදින්නේ ලොකු එකේය.
    ඕනේම තද කන්දක් නගින අතරතුරේ උවද පිටුපස ගියර මාරු කල හැකි උවද ඉදිරි පස කොග් වීලයේ එලවුම සාර්ථකව මාරු කල හැක්කේ කන්දට ප්‍රතමය! ඒනිසා කන්දක් දුටු සැනින් අවබෝධයකින් ඉදිරිපස ගියර මාරු කර ගෙන කන්දට මුහුනදෙන්න.
    මෙය බෙහෙවින් බල පාන්නේ තද බල කඳු වලට පමනි! මොනතරම් ප්ලෑන් ගැහැව්වත් ශෙඩුල් හැදුවත් පදින විට කිසියම් අපහසුවක් වෙත්නම් වහාම නවතා විවේක ගන්න .
    අමාරුවෙන් හරි ගමන අවසන් කලපසු සෙල්ෆි ගසා ෆේස් බුක් දමා පොර ටෝක් ඉශූ කලද නොකලද මේ පෝස්ටුවට පහලින් කොමෙන්ටුවක් එල්ලන්න!
    ඔබ සැමට චේන් නොපනින , අතර මග පැච් නොයන , කෙන්ඩ නොපෙරළෙන වාසනාවන්ත් ශුභ Cycle Tour එකක්ම වේවා .
    මේ
    ඔබේ ආදර
    රැලේ අරච්චිලාගේ හම්බර්

     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113

    දුප්පතාගේ වාහනයේ තරග සවාරිය,එදා අද සහ හෙට​



    මෝටර් රථයක් සමඟින් රුපියල් ලක්ෂ 40 කට ආසන්න දැවැන්ත තෑගි මල්ලක් පිරිනමන"ටුවර් ඞී යූත්"පා පැදි සවාරිය දෙසැ.08,09,10 මඩකළපුවේ සිට මාතර දක්වා පැවැත්වේ. ‘‘ශ‍්‍රී ලංකා සයිකල් මැරතන් තරගය’’,මෙරට ප‍්‍රථම පාපැදි තරගය ලෙස සැලකේ. එවකට අග‍්‍රාමාත්‍ය ඞී.එස්.සේනානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් 1950 මැද භාගයේදී පවත්වනු ලැබූ මෙම පාපැදි තරගය දුරින් සැතපුම් 30 ක් විය. දිනමිණ පුවත්පතේ පූර්ණ අනුග‍්‍රහය යටතේ ගාලූමුවදොරින් ඇරඹි, මෙම තරගයේ ජයග‍්‍රාහකයා වූයේ පන්නිපිටියේ ඞී.කේ.ගුණරත්න මහතාය.

    ලක්වැසී ක‍්‍රීඩා ලෝලීන් මහත් රුචිකත්වයක් දැක්වූ මෙම පාපැදි තරගයේ තොරතුරු දැනගැනීමට එදා ගුවන්විදුලි යන්ත‍්‍ර වටා ඒකරාශී වූ පිරිසද බොහෝය. එකල එකම සන්නිවේදන ආයතනය වූයේ, ශ‍්‍රී ලංකා ගුවන්විදුලි
    සංස්ථාවයි.පළමු පාපැදි තරගයෙන් වසර 5 ක් 6 ක් ගතවන විට ලංකාවේ පාපැදි තරග පිළිබඳ උනන්දුව දෙගුණ තෙගුණ වන්නට විය. තරගකරුවන්, පේ‍්‍රක්ෂකයින් මෙන්ම අනුග‍්‍රාහකයින්ද වැඩිවී තිබුණි. ස්ටෑන්ඩඞ් වර්ගයේ පාපැදි වලට අමතරව රේසිං වර්ගයේ පාපැදිද ඉතා සුළු වශයෙන් පාපැදි ක‍්‍රීඩාවට එක්විය. බොහෝවිට රේසිං පාපැදි භාවිත කළේ, මහා රැජිනගේ රාජකීය හමුදාවේ සුදු ජාතිකයන්ය.

    ශ‍්‍රී ලාංකික පාපැදිකරුවන් කීපදෙනෙකුද රේසිං පාපැදි භාවිතා කළේය. මෙකල බොහෝ විට සිදුවූයේ රේසිං සහ ස්ටෑන්ඩඞ් පාපැදි එකම තරග පොකුරේ ආරම්භ කිරීමයි. ශ‍්‍රී ලංකාවේ නිල වශයෙන් පාපැදි තරගයක් පවත්වන ලද්දේ 1955 වසරේදීය. ස්ටෑන්ඩඞ් සහ රේසිං දෙවර්ගයෙන්ම පැවති මෙම තරගය 1955 අප‍්‍රියෙල් 11 වන දින ජනතා පුවත්පතේ අනුග‍්‍රහයෙන් පවත්වන ලදී. පාර්ලිමේන්තු මන්දිරය අභියසින් ආරම්භ කරන ලද මෙම තරගය,
    හයිලෙවල් පාර මහරගම දෙහිවල ගාලූපාර ඔස්සේ පැමිණ ලේක්හවුස් ආයතනය අභියසින් අවසන් විය. මෙම තරගයෙන් වැල්ලවත්තේ ජෝර්ජ් පීටර්සන් සහ දෙහිවල ඒ.එන්.කීල්, රේසිං අංශයෙන්ද රාගම, ඊ. ඇලෝසියස් සිල්වා, බලපිටියේ, ඩබ්ලිව්. සුගතදාස, කොළඹ ඩබ්ලිව්. බොතේජු ස්ටෑන්ඩඞ් අංශයෙන්ද ජය ලැබීය.

    1955 අප‍්‍රියෙල් 13 දින ජනතා පත‍්‍රයේ අනුග‍්‍රහයෙන් පැවති සැතපුම් 62 පාපැදි තරගයේ ජයග‍්‍රාහකයා වූයේද ඇලෝසියස් සිල්වාය. රාගම රයිඩර්ස් ක‍්‍රීඩා සමාජය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ඇලෝසියස් සිල්වාට මෙම තරගයේ පළමු ත්‍යාගය ලෙස ලැබුණේ රුපියල් සියයකි. එකල ඔහුට ප‍්‍රදේශයේ ක‍්‍රීඩා ලෝලීන් අලුම රැලේ බයිසිකලයක්ද පරිත්‍යාග කර තිබේ. 1955 වසරේම පවත්වන ලද"සැඩසුළං"නම් වූ පාපැදි තරගය 50 දශකයේ
    පැවති දැවැන්තම පාපැදි තරගය විය. ඒ සඳහා තරගකරුවන් 1000 කට අධික පිරිසක් සහභාගී වී ඇත. කොළඹ ගෝල්ෆේස් පිටියෙන් ආරම්භ කරන ලද මෙම තරගය ආරම්භයේදීම තරගකරුවන් එකිනෙකා පැටලී වැටී විශාල පිරිසකට තරගයෙන් ඉවත්වීමට සිදුවිය. මෙහි ත්‍යාග බෙදාදෙන ලද්දේ එවකට අග‍්‍රාමාත්‍ය සර් ජෝන් කොතලාවල මහතා විසිනි.

    1960 දශකය පමණ වන විට පාපැදි තරග බෙහෙවින් ජනප‍්‍රියව පැවතුණි. ස්ටෑන්ඩඞ් පාපැදි වලට වඩා රේසිං පාපැදි තරග බෙහෙවින් ජනප‍්‍රිය විය. ක‍්‍රීඩකයින්ට අමතරව ක‍්‍රීඩිකාවන්ද පාපැදි තරගවලට අවතීර්ණ වෙමින් තිබිණ. රේසිං සයිකල් වලින් තරග වලට ඉදිරිපත් වූ ක‍්‍රීඩිකාවන්ද සීඝ‍්‍රයෙන් වර්ධනය විය. මේ යුගය ශ‍්‍රී ලංකා පාපැදි ක‍්‍රීඩාවේ ස්වර්ණමය යුගය යැයි සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ. මෙකල ප‍්‍රධානතම බයිසිකල් සංගම් කීපයක්ද විය. පැරගන්, ස්ටාපන්විලර්ස්, රාජකීය ගුවන් හමුදා ඒ අතර ප‍්‍රධාන විය. ශ‍්‍රී ලංකාවේ විශිෂ්ඨතම පාපැදි ශූරයෙකු වූ 1960 රෝම ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ මොරිස් කුමාරවෙල් නියෝජනය කළේද ස්ටාපන්විලර්ස්
    සයිකල් ක‍්‍රීඩා සමාජයයි. 1960 දශකයේ ඇලෝසියස් සිල්වා, අර්වින් ප‍්‍රනාන්දු, වයි.ඇම්.ගුණරත්න, ජයරත්න මදුරසිංහ, ඇන්තනී සීමන්ස් ආදීන් ප‍්‍රබලතම ස්ටෑන්ඩඞ් පාපැදිකරුවන් විය.

    ශ‍්‍රී ලංකා පාපැදි ක‍්‍රීඩාව රජයේ පරිපාලනයට යටත් වන්නේ, 1950 මැද භාගයේය."සිලෝන් සයිකල් යුනියන්" නමින් ආරම්භ වූ මෙම සංවිධානය ආසියාතික ඔලිම්පික් කමිටුව සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට අනුබද්ධව පවත්වාගෙන යන ලදී. මේ මඟින් එකල පවත්වන ලද ප‍්‍රධානතම පාපැදි තරග කීපයකි. ටුවර් ඔෆ් ද වැලි, පැරගන් ගෝන් ප‍්‍රී, නැෂනල් ‍ෛටෙම් ට‍්‍රසල් වැනි තරග මේ අතර ප‍්‍රධාන විය. විදෙස් තරග සඳහා සුදුස්සන් තෝරාගනු ලැබුවේද මෙම තරග වල ප‍්‍රතිඵල පදනම් කරගෙනය. 50 දශකයේ අවසානය වන විට පාපැදි ක‍්‍රීඩාව ශ‍්‍රී ලංකාවේ
    ඉතා ජනප‍්‍රියව පැවතුනි. ක‍්‍රීඩා සමාජ හා පාපැදි කරුවන්ගේ දක්ෂතා පදනම් කරගෙන බලපත‍්‍ර නිකුත් කෙරුණි. විදෙස් තරග සඳහා පූර්ව තරග පැවැත්වීමද සිදුකෙරුණි.

    එකිනෙකාගේ සුහදත්වය වර්ධනය කරගත හැකිවන අයුරින් ඉතා විනයානුකූල ක‍්‍රීඩාවක් ලෙස පාපැදි ක‍්‍රීඩාව
    පැවැත්විණි. මොරිස් කුමාරවෙල්, ඇන්තනී සීමන්ස්, ටෙ‍්‍රවෝ නිව්ටන්, එම්.අල්විස් වීරක්කොඩි, ෂර්ලි ප‍්‍රනාන්දු මේ යුගයේ අති ප‍්‍රබල රේසිං පාපැදිකරුවන් විය.මෙකල ලේක්හවුස් ආයතනයට අමතරව මොණරා,රැලේ, හන්ටර් බයිසිකල් සමාගම්, කාගීල්ස්, මිලර්ස් වැනි සමාගම්ද පාපැදි තරග සඳහා අනුග‍්‍රහය දැක්වීය. 1956"දි ටුවර් ඔෆ් ද වැලි"සැතපුම් 120 රේසිං පාපැදි තරගය එවකට ලංකා පාපැදි සංගමය සහ වින්ග් වීල් පාපැදි සංගමය ඒකාබද්ධව සංවිධානය කරන ලදී. මෙහි ජයග‍්‍රාහකයා වූයේ ජෙරල්ඞ් රයිලි නම් බි‍්‍රතාන්‍ය ජාතිකයෙකි. ඔහු එවකට රාජකීය ගුවන් හමුදාවේ සේවය කළ අයෙකි. රාජකීය ගුවන් හමුදාවේ පාපැදි ක‍්‍රීඩකයින් රේසිං බයිසිකල් යොදාගැනීම, ඒවා අප රටේද ජනප‍්‍රිය වීමට හේතු විය. ක්ලෝඞ් බට්ලර්, මයිකිං,රැලේ, මෙල්වින් කෑම්ප්, ක්ලෙමන්ඞ් ආදී රේසිං සයිකල් එකල පිටරටින් ගෙන්වන ලද පාපැදි වර්ග කීපයකි. එවකට හොඳ වර්ගයේ රේසිං පාපැදියක් රුපියල් 3000/- ක් පමණ විය.
    ------ Post added on Jul 14, 2022 at 7:33 PM
     
    • Like
    Reactions: NRTG

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    ලංකාවේ පළමුවැනි බයිසිකල් කර්මාන්ත ශාලාව මොණරා බයිසිකල් සමාගමයි. පන්නිපිටියේ පිහිටුවන ලද මෙම බයිසිකල් සමාගම, ලංකා සවාරියට දෙවරක් අනුග‍්‍රහය දක්වා තිබේ. 1960 දී සහ 1967 දී ලංකා සවාරිය ජයග‍්‍රහණය කල ජිනදාස අල්විස් ඒ සඳහා යොදාගත්තේ "මොණරා"පාපැදියකි. හන්ටර්, හම්බර්, රජ්වෝකර් ඇන්ඞ් ග‍්‍රින් වැනි ආයතන ලෝක සවාරියේ ශූරයින් සිය පාපැදි ප‍්‍රචාරය සඳහා යොදාගත්තේය. මොරිස් කුමාරවෙල් රැලේ ආයතනයේද ඇන්තනි සීමන්ස්, රජ් වෝකර් ඇන්ඞ් ග‍්‍රීන් ආයතනයේද මෙසේ ප‍්‍රචාරය සඳහා යොදාගන්නා ලද දක්ෂතම පාපැදිකරුවන් දෙදෙනෙකි. මේ වන විට ලෝකය පුරාම පාපැදි තරග ජනප‍්‍රිය වී තිබේ. මෙයින් යුරෝපය විශේෂ ස්ථානයක් ගනී.

    ඉතාලිය, ස්පාඤ්ඤය, බෙල්ජියම, ජර්මනිය, ඩෙන්මාර්කය, ප‍්‍රංශය, නෙදර්ලන්තය, ස්විස්ටර්ලන්තය, ආදී රටවල් ජාත්‍යන්තර තලයේ පාපැදි තරග පවත්වයි. මෙම බොහෝ තරග පැවැත්වෙන්නේ වසන්ත කාලයේය. ලෝකයේ ප‍්‍රථම පාපැදි තරගය 1868 මැයි 31 වන දින පැරිසියේදී පවත්වා තිබේ. ඉංග‍්‍රීසි ජාතික ජෙම්ස් වොරේ විසින් ජයග‍්‍රහණය කරන ලද මෙම තරගය දුරින් මීටර් 1200 ක් විය. ඔහු ඒ සඳහා යොදාගෙන ඇත්තේ ලීයෙන් නිමකල
    යකඩ ටයර් සහිත බයිසිකලයකි. අද එය එංගලන්තයේ කේම්බි‍්‍රජ් කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා ඇත. 1900 දී පිහිටුවා ගන්නා ලද ජාත්‍යන්තර පාපැදි සම්මේලනය පාපැදි ක‍්‍රීඩාව ලොව පුරා ජනප‍්‍රිය කරවීමට බෙහෙවින් ඉවහල් විය. මේ සඳහා බෙල්ජියම, ඇමරිකාව, ප‍්‍රංශය, ඉතාලිය, ස්විට්සර්ලන්තය යන රටවල් පෙරමුණ ගත්තේය.
    1896 දී පවත්වන ලද පළමු ඔලිම්පික් තරගයට පාපැදි ක‍්‍රීඩාවද ඇතුලත් විය. ලෝක පාපැදි සම්මේලනය 1900 දී ආරම්භ වූවත් ශ‍්‍රී ලංකා පාපැදි සංගමය ආරම්භ කරන ලද්දේ 1955 දීය. එහි ප‍්‍රථම සාමාජිකයා වූයේ
    වින්ග්වීල් පාපැදි සංගමයයි.

    1960 දී පවත්වන ලද ඔලිම්පික් පාපැදි තරගය සඳහා ශ‍්‍රී ලංකාවෙන් මොරිස්් කුමාරවෙල් සහ ඇන්තනීස් සීමන්ස් තෝරාගන්නා ලදී. එසේ තිබියදී අග‍්‍රාමාත්‍ය බණ්ඩාරනායක මහතාගේ හදිසි වියෝව හේතුවෙන් රටේ පැනනැඟී තිබූ මුදල් තත්ත්වය මත ඔලිම්පික් තරගය සඳහා පෙරදී ක‍්‍රීඩකයින් දෙදෙනෙකු සහභාගී කරවීමට තෝරාගෙන තිබුණත් අවසානයේ එක් ක‍්‍රීඩකයෙකු බැගින් සහභාගී කරවීය. ඒ අනුව 1960 ඔලිම්පික් තරගය ශ‍්‍රී ලංකාව නියෝජනය කල පාපැදි ක‍්‍රීඩකයා වීමේ ගෞරවය මොරිස් කුමාරවෙල්ට හිමිවිය. 1960-70 දශකය තුල ධාවන පථ තුළ පවත්වන ලද පාපැදි තරගයේදී ටෙ‍්‍රවෝයි ද සිල්වා තුන්වන ස්ථානය ලබාගැනීමටද සමත් වී තිබේ.

    පාපැදිය දුප්පතාගේ වාහනය වූවත්, පාපැදි තරග සඳහා වැය වන විශාල මුදල දුප්පතාට කිසිසේත් දරාගත නොහැකිය. වර්තමානය වන විට මධ්‍යම මට්ටමේ රේසිං පාපැදියක් රුපියල් ලක්ෂ 5 ක් පමණ වේ. ලක්ෂ 10 සහ ඊට අධික මිල ගණන් වල පාපැදිද ඇත. බොහෝ විට පාපැදිකරුවන් ත‍්‍රිවිධ හමුදාවට සම්බන්ධව පාපැදි ක‍්‍රීඩාවේ යෙදීමට ප‍්‍රධාන හේතුව වී ඇත්තේද මෙයයි.ශ‍්‍රී ලංකාව ලෝක පාපැදි සම්මේලනයේ සාමාජික රටකි. නමුත් මේ වන විට ශ‍්‍රී ලංකාවේ පාපැදි ක‍්‍රීඩයින් ලෝක පාපැදි තරග සඳහා සහභාගී කරවීමට තරම් දක්ෂතාවයන්ගෙන් යුක්ත නැත. ශ‍්‍රී ලංකාවේ පාපැදි ක‍්‍රීඩකයින් සහභාගී වන්නේ දකුණු ආසියානු සහ ආසියානු තරග සඳහා පමණි. මීට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලයීය තරග සඳහාද සහභාගී වේ. ප‍්‍රංශ සවාරිය, ඉතාලි සවාරිය ආදී තරග සඳහා ශ‍්‍රී ලංකාවේ තරගකරුවන්
    සහභාගී කරවීමට පාපැදි ක‍්‍රීඩාව තුල අප තවත් බොහෝ දුර යායුතුය. ඒ සඳහා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වත්මන් උත්සාහය අනාගතයට සුභ පෙරනිමිත්තකි.

    මෑත යුගයේ පාපැදි ශූරයින් වූ හැන්ර්ඩසන්,බොනිපස් පෙරේරා, සුමනවීර ආදීන් පාපැදි ලෝලීන් මුවග අදත් රැව්දෙන නාමයන්ය. එවන් ක‍්‍රීඩකයින් වර්තමානයේ බිහිවන බවක්ද පෙනෙන්නට නැත. 1993 දී කමල් පාලිත
    ලංකා සවාරියේ ජයග‍්‍රාහකයා වූ විට පළමු ත්‍යාගය ලෙස ලැබී තිබුණේ රුපියල් 15,000/- කි. ඒ සඳහා ඔහුට රුපියල් 50,000/- ක් පමණ වැය වූ බව ලියුම්කරු සමඟ ප‍්‍රකාශ කළේය. මෙවැනි සොච්චම් ත්‍යාග මුදල්
    පාපැදි ක‍්‍රීඩාව නැංවීමට කිසිසේත් ඉවහල් වන්නේ නැත. ශ‍්‍රී ලංකාවේ පාපැදි ක‍්‍රීඩාවට දැවැන්ත දායකත්වයක් ලබාදුන්නේ 1960 දී ආරම්භ කරන ලද"ලංකා සවාරියයි.. එය එදා මෙදා තුර ලංකාව පුරා පවත්වන ලද ප‍්‍රධානතම පාපැදි තරගය විය. එය 2005 වසරින් පසුව මෙතෙක් පවත්වා
    නැත. ලංකා සවාරිය නැවත පැවැත්වීමට මෙය හොඳම කාලයයි.

    සිංහල හා දෙමළ අළුත් අවුරුදු උත්සව වලදී පැවැත්වෙන පාපැදි තරග හුදෙක්ම විනෝදය පිණිසම පමණක් වන අතර එය ජාත්‍යන්තර ක‍්‍රීඩකයින් බිහිකිරීමට තරම් උසස් මට්ටමකින් යුක්ත නොවේ. වර්තමානයේ තරග ජයග‍්‍රාහකයින්ට ලැබෙන ත්‍යාගයන්ගේ වටිනාකම ඒ සඳහා ඔවුන්ට වැය වන මුදල සමඟ සසඳන කල ඉතා අඩු මුදලකි. පාපැදි ක‍්‍රීඩාව කඩා වැටීමට එක් හේතුවක් වී ඇත්තේද මෙයයි. එවන් තත්ත්වයක් තුල ඩලස් අලහප්පෙරුම අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි ජාතික තරුණසේවා සභාව පවත්වන ‘‘ටුවර් ඩි ශ‍්‍රී ලංකා යූත්’’ ස්ටෑන්ඩඞ් පාපැදි සවාරිය දැඩි නියගයට පොද වැස්සක් වැනිය. ප‍්‍රවීණ පාපැදි කරුවන් වන ඇන්තනී සීමන්ස්, කමල් පාලිත වැන්නවුන් මේ පිළිබඳව සඳහන් කරන්නේ පාපැදි ඉතිහාසයේ දැවැන්තම තෑගි මල්ල මෙම තරගයේදී පාපැදි
    ක‍්‍රීඩකයින්ට ලැබෙන බවයි. එය අනාගත පාපැදි ක‍්‍රීඩාවේ උන්නතියට තබන ලද යෝධ පියවරක් බවද ඔවුහු කියති.

    අවම වියදමින් ගමනාගමන පහසුකම් සලසා ගත හැකි ලොව ජනප‍්‍රියතම වාහනය පාපැදියයි. ශ‍්‍රී ලංකාවේ පාපැදිය උතුරේත්, නැගෙනහිරත් වැඩි වශයෙන් භාවිතා වේ. ඒ නිසාම ටුවර් ඩි ශ‍්‍රී ලංකා යූත් පාපැදි සවාරිය මඩකළපුවේ සිට අදියර 03 ක් යටතේ මාතර දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ. දෙසැම්බර් 08 දින මඩකළපුවෙන් ඇරඹෙන මෙම පාපැදි සවාරියට තරගකරුවන් 500 කට අධික පිරිසක් සහභාගී වේ. එය සිංහල, දෙමළ, සහෝදරත්වයේ නව පාලම ගොඩනඟන යෝධ කණුවක් වැනිය.




    (ප‍්‍රවීණ පාපැදි ශූරයින් වන ඇන්තනී සීමන්ස්, කමල් පාලිත, පාපැදි සම්මේලනයේ භද්‍රා පුෂ්පා රංජනී යන මහත්ම මහත්මීන්ට විශේෂ ස්තූතිය හිමි වේ.)


    -ජයකාන්ත ලියනගේ-
    (ප‍්‍රවෘත්ති නිලධාරි)
    -යෞවන ක‍ටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශය-
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    277A91A7-0023-42D3-9E57-029FFF4A80D6.jpeg

    mata me bicycle eka mona wage sport ekakatada use karanne kiyala danna kenek kiyala denna 🤣

    දන්න කෙනෙක් කියපන්කො බං ඇඉ මේ ලුමාලා පාපැදියට SPORTS BICYCLE කියන්නේ කියලා ?

    fitted.jpg
    fitted.jpg
    fitted.jpg

    ------ Post added on Jul 15, 2022 at 9:16 PM