Samsung Gear Fit ගැන සිංහලෙන්
DETAILS
TYPE: Wearable
MANUFACTURER: Samsung
PRICE RANGE: $0 - $199
PRICE: රු 29 999/-
SPECIFICATIONS: වෙනස් කළ හැකි බඳ පටිය
PLATFORMS: Android
YEAR MANUFACTURED: 2014
POSITIVES
+
තිරය ඉතාමත් පැහැදිලි අතර බඳපටිය අතට පහසු අයුරින් නිමවා ඇත.
NEGATIVES
-
පියවර ගණන නිරවද්‍ය නොවන අතර හෘද ස්පන්ධන වේගයද සමහරවිට නිවැරදි නොවේ. තිරයේ ප්‍රමාණය ද කියවීමට අපහසු අයුරිනුයි නිමවා ඇත්තේ.
ඔබ දිනපතා ව්‍යායාම කරන කෙනෙක්ද? එහෙමත් නැත්නම් ව්‍යායාම් මධ්‍යස්ථානයක (Gym) ව්‍යායාම කරන්නෙක්ද? එසේ නම් ඔබට ඔබේ ව්‍යායාම් කටයුතු පහසුවෙන් කරගන්නට උදව්වෙන උපකරණයක් ගැනයි අපි අද කතාකරන්නේ. ඒ Samsung Gear Fit. ව්‍යායාම් කටයුතු පිළිබඳ විස්තර සපයනවාට අමතරව ඔබේ ජංගම දුරකථනය හා සම්බන්ධ වී ඔබට පැමිණෙන ඇමතුම්, කෙටි පණිවුඩ, ඊ මේල් පණිවුඩ ඉතාමත් පහසුවෙන් ලබාගන්නට හැකියාව ඇත. කෙසේ නමුත් මෙහි ඇති තිරයේ හැඩය නිසා ඔබට දිගු SMS පණිවුඩයක් හෝ Email පණිවුඩයක් කියවීමට නම් බොහෝ වෙහෙසක් දරා වාර ගණනක්ම පහළට scroll කර යුතු වනවා.
ඒ අනුව බලන කළ Fitness band එකකට අමතරව Smartwatch එකක් ලෙසත් මේ උපකරණය භාවිත කරන්නට පුළුවනි. ඒත් මේ උපකරණය භාවිත කරන්නට නම් ඔබ සතුව ඒ සඳහා සහාය දක්වන Smasung ජංගම දුරකථනයක් තිබිය යුතුය. දැනට නිකුත්ව ඇති 20ක් පමණ සුළු ජංගම දුරකථන මාදිලි සඳහා පමණයි මේ උපකරණය සඳහා සහාය දක්වන්නේ.
Wearables හෙවත් පළඳින ඉලෙක්ට්‍රොනික උපරකණ මාදිලි රාශියක්ම මේ වසරේදී එලිදැක්වූවත් ඒවා අතුරින් බොහෝමයක්ම ලංකාවේ අපටනම් මිලදී ගන්නට අවස්ථාවක් තවමත් නැහැ. නමුත් Samsung Gear Fit උපරකණය නම් අද සිට ප්‍රධාන Samsung වෙළඳසැල් වලින් ඔබට රුපියල් 29 999කක් වැනි මුදලකට මිලදී ගත හැකියි.
එමෙන්ම මේ උපකරණය ජලයට හා දූවිල්ලට ඔරොත්තු දෙන ලෙස නිමවා ඇති නිසා කිසිදු හානියකින් තොරව වැසි දවසක එළිමහනේ වුවත් භාවිත කළ හැකියි. ඔබ ඔබේ ව්‍යායාම් කටයුතු සඳහා වැඩි අවධානයක් කරන කෙනෙක් නම් මේ උපකරණය බොහෝ සෙයින් ප්‍රයෝජනවත් විය හැකි වුවත් මුදල හා සසඳන කල නම් තරමක් මිලෙන් වැඩිවීම අවාසියක්. මන්ද අධික මුදලක් වැය කර Samsung ජංගම දුරකථනයක් මිලදී ගත් ඔබ තවත් රු 30000ක් වැයකර Samsung Gear Fit උපකරණය මිලට ගන්නවාට වඩා, නිරවද්‍යතාවයෙන් තරමක් අඩු වුවත් App එකක් හරහා ව්‍යායාම කටයුතු පිළිබඳ තොරතුරු දැනගැනීම වාසිදායක බවයි අපගේ මතය.
ඔබ මේ උපකරණය ගැන සිතන්නේ මොනවාද? දැනටමත් ඔබ Samsung Gear Fit පාවිච්චි කරන කෙනෙක්නම් ඔබ දකින අඩුපාඩු හොඳ මොනවාද? මේ සියල්ල පහතින් comment එකක් ලෙස පළකරන්න ඔබට පුළුවනි.