ජපාන සෝනි LCD ව්‍යාපාරය මිලදී ගැනීමට කොරියානු සැම්සුන්ග් සූදානම්.
ගෝලීය ඉල්ලුම අඩුවීමත් ජපාන මුදල ශක්තිමත් වීමත් හමුවේ අර්බුදයට පත්ව තිබෙන සුප්‍රසිද්ධ සෝනි සමාගමේ LCD රූපවාහිනී (crystal display) ඒකාබද්ධ ව්‍යාපාරය මිලදී ගැනීමට කොරියානු සැම්සුන්ග් සමාගම එකඟ වී තිබෙන බව වාර්තා වේ.
බී.බී.සී. ලෝක සේවය වාර්තා කරන්නේ 2004 වසරේදී මෙම සමාගම් දෙක එක්ව ඇරඹූ මෙම ව්‍යාපාරයේ සෝනි කොටස වෙනුවෙන් සැම්සුන්ග් විසින් ඩොලර් මිලියන 939 ක් ගෙවීමට සූදානම් බවයි.
සෝනි සමාගම සිය රූපවාහිනී අලෙවි ව්‍යාපාරය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ මෙම විකිණීම සිදුවන අතර අදාළ ව්‍යාපාරයෙන් පසුගිය වසර හත තුළදී සෝනි ලබා තිබෙන්නේ අලාභයකි.
මේ වනවිට, සැම්සුන්ග් ලෝකයේ පැතලි තිර හා රූපවාහිනී නිෂ්පාදනයේ අංක එකේ සමාගම බවට පත්වීමට සමත්ව ඇත.

Source