Samsung Vs Alpple

snoop

Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    සැම්සුන්ග්, ඇපල්ට නඩු දමයි

    samsung_vs_apple.jpg


    කොරියානු සැම්සුන් සමාගම විසින් ඇපල් සමාගම විසින් අළුතෙන්ම නිපදවූ iPhone දුරකතනය ජපානයේ හා ඕස්ට්‍රේලියාවේ අලෙවි කිරීමට වැට බැඳීමට උත්සාහයක යෙදෙයි.

    ඇමරිකානු ඇපල් සමාගමට එරෙහිව තාක්ෂණික අයිතිය සම්බන්ධ ප්‍රශ්නයක් මතු කරමින්iPhone 4S දුරකතනය ජපානයේ හා ඕස්ට්‍රේලියාවේ ආලෙවි කිරීමට විරුද්ධව සැම්සුන් සමාගම මේ වනවිට නඩු පවරා ඇත.

    මීට අමතරව, සැම්සුන් සමාගම පවසා තිබෙන්නේ iPhone 4 සහ iPad 2 යන දුරකතනද ජපානය තුළ අලෙවි කිරීම තහනම් කිරීමට සමාගම අදහස් කර තිබෙන බවයි.

    සමාගම් දෙක අතර තාක්ෂණික ප්‍රශ්න මතුවී තිබෙන සැම්සුන් සමාගමේ Galaxy 10.1 ටැබ්ලට් දුරකතනය ඕස්ට්‍රේලියාවේ විකිණීමට එරෙහිව තාවකාලික අධිකරණ තීන්දුවක් ලබාගැනීමට ඇපල් සමාගම සමත්ව ඇත.

    සැම්සුන් චෝදනා කර තිබෙන්නේ සිය පේටන්ට් අයිතීන් උල්ලංඝනය කරමින් ඇපල් සමාගම සිය තාක්ෂණයන් භාවිතා කරමින් සිටින බවත් තම බුද්ධිමය දේපොළ ආරක්ෂා කර ගැනීමට කිසිදු පැකිලීමකින් තොරව ඉදිරිපත් වන බවයි.

    ජංගම දුරකතන නිපදවීමේ ප්‍රමාණය අනුව නොකියා සමාගමට පමණක් දෙවැනි වන සැම්සුන් සමාගම ලෝකයේ දෙවැනියට ජංගම දුරකතන නිෂ්පාදන සමාගමයි.

    :lol::lol: