Sandakada Pahanaka Katayam

samel appu

Active member
  • Sep 15, 2010
    138
    29
    28
    @whereilive
    සදකඩ පහණක කැටයම් ඔපලා කියන සිංදුව අහලා තිබුනට එකේ තේරුම ගොඩක් අය දන්නේ නැතුව ඇතිනේ....

    සදකඩ පහණ කියන්නේ කලාකරුවෙක් අතින් නිර්මාණය වෙන අපුරු නිර්මාණයක්...
    මේකේ සදකඩ පහණකට ආරෝපණය කරලා තියෙන්නේ සැමියා නැති,
    කුඩා දියණියක් සිටින රූමත් කාන්තාවක්...

    සදකඩ පහණක කැටයම් ඔපලා පාවෙන දේදුණු ලැගුම් ගනී.....
    තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට මිනිස්සු එනවා.
    පාවෙන දේදුණු කියලා උපමා කරන්නේ ඒ මිනිස්සුන්ට,

    කැලතුන රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවී...
    මේ තහනම් ඇසුරේ කැලතුන රසය ගැන දන්නේ පැමිණෙන මිනිසාත් ගැහැණියත් පමණි.

    සදකඩ පහණ කොපමණ අනගි නිර්මාණයක් උනත් ඒක පයට පෑගෙනවා,
    ඒ වගේම මේ කාන්තාව කොච්චර ලස්සන උනත් සමාජයේ ගැරහුමට ලක් වෙනවා

    යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී
    නොපෙනෙන ඈතක ඈ ගෙනයනවා සියුමැලි කැකුලක් මැල වෙද්දී....

    මේ විදියට දිගින් දිගටම මිනිසුන් ඇසුරුකරන මේ කාන්තාව ගණිකාවක් බවට පත් වෙනවා..

    එතකොට ගැහැණියගේ දරුවා නිවසේ තනි වෙනවා.
    කැකුලකට උපමා කරලා තියෙන්නේ ඒ දියණිය,

    දහසක් පෙති මත රහසක් සගවා තුඩින් තුඩට ගෙනයන බින්දු...
    ඇයව ඇසුරු කරන මිනිස්සු ඇය ගැන තමන්ගේ යාළුවන්ටත් කියනවා.
    ඇය ගැන ආරංචිය රහසක් විදියට පැතිරෙනවා,

    අහසක් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුසුවුණු වැහි බින්දු...
    මේ කාන්තාව මේ කටයුත්ත කරන්නේ කැමැත්තෙන් නෙවේ...
    තම දරුවාගේ ජීවිතය වෙනුවෙන්,

    ඈ ගෙන යද්දී නටබුන් අතරින් තවකෙකු ඈ වෙත හද රැන්දූ...
    පැමිණෙන පුද්ගලයා අසුරුකරලා ඉවර උන ගමන් ඈ ඇසුරු කරන්න තව පුද්ගලයෙක් එනවා.
    මේ විදියට ඈට තම ජීවිතය ගැටගහා ගන්න මිනිස්සු රාශියකගේ ආශාවන් පිරිමහන්න වෙනවා,

    හදවිල ඉපදුන කැකුලක් නොකලට නටුවෙන් ගලවා ඉවත යවා....
    තමන්ගේ රැකියාවෙන් දියණියට සිදුවන අවමානය නැතිකර ගන්න තමන්ගේ දියණියව ඈතකට යවන්න මේ කාන්තාවට සිදු වෙනවා.
    දියණියට සිදුවන්නේ අකාලයේ අම්මව අතහැරලා යන්න,

    මිහිලිය තෙත්කොට ගිලිහුන කදුලක් සත් සමුදුරකට මුහුව ගියා...
    මේ කාන්තාව දියණියව වෙන තැනකට යවන්නේ ගොඩක් දුකෙන්..
    ඒත ඇයට ඒක තවත් එක දුකක් පමණි,

    ඔබට උරුම වූ රිදුනු තැවුණු හද එක්ටැම් මැදුරක කවුරු අරා
    රුවන් විමානෙන් පියබා එනතුරු පොපියන හදවත සිටි බලා....
    මේ කාන්තාව තමන්ගේ දියණිය ඉගෙනගෙන ලොකු තැනකට ගිහින් තමන්ගේ අම්මව දුක්බර ජිවිතයෙන් මුදව ගන්න එනකන් ඇගිලි ගනිමින් බලන් ඉන්නවා.

    උපුටාගත්තේ නම් මූණු පොතින්...කට්ටිය ට ෂෙයාර් කලොත් හොදයි කියල හිතුන..
     

    AnjulaAR

    Active member
  • Dec 30, 2008
    193
    55
    28
    සඳකඩ පහනක ගීතය ඇතුලත් වුනේ මාතර ආච්චි චිත්‍රපටයටයි.එහි කතා තේමාව වෙනස්.එහි ගණිකාවක චරිතයක් නිරුපනය වන්නේ නෑ .

    සිංහල සුභාවිත ගීතයේ ම මීට ඒ ගැන සඳහනක් කර ඇති.හැබැයි.ඔබ සඳහන් කල ආකාරයද අපුරුවට ගැලපෙන බව නොකියාම බැහැ.

    සිංහල සුභාවිත ගීතය. 24.09.2012/"සඳකඩ පහණක" ගීතය ඇතුලත් වුනේ මාතර ආච්චි චිත්‍රපටයට.සතිස්චන්ද්‍ර එදිරිසිංහ පළමු සිනමා අධ්‍යක්ෂණය.සුනිල් එදිරිසිංහ පළමු ගීතය.වික්ටර් රත්නායක පළමු සිනමා සංගීත අධ්‍යක්ෂණය.මේ ගීතය වොලී නානායක්කරයන් ගේ පළමු ගීත රචනය.

    සිනමා පටයේ ආකාරයට එහි ප්‍රේමවන්තයාට වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශ ගත වන්නට සිදු වෙනවා.එත් ඔහුගේ පෙම්වතියට පවුලේ අයගේ බලපෑම්එල්ල වෙනවා වෙනත් අයකු හා විවාහ වන්නට.ඔහු නැවත සියරට පැමිණි විට සිතේ ඇතිවන සිතුවිලි සමුදාය මේ ගීතයෙන් කියවෙනවා.

    ගීයක් හෝ කවියක් වේවා වෙනත් සාහිත්‍ය නිර්මාණයක් වේවා විවිධ ආකාරයෙන් තම අදහස පල කරනවා.සමහර ගී වල පදමලාවේ කියන්න අදහස් කරන දේ කෙලින්ම කියවෙනවා.
    හැබැයි හරිම හරවත් ආකාරයකට තමයි එය විය යුත්තේ.තවත් සමහර ගී ව්‍යංගයෙන් තමයි කියන්නේ.

    යටි පෙලේ ඇත්තේ වෙනම අරුතක්...(උදා:තොටුපොල අයිනේ).සඳකඩ පහනක ගීතයේ භාවිත කර ඇත්තේ අසන්නා තුල කිසියම් ආකාරයේ සංකේත කිහිපයක් මවා ඒ සංකේත අතර සම්බන්ධය තුලින් ගීතයේ අදහස මතු කර ගන්නට ඉඩ හැරීමක්.

    "සඳකඩ පහනක කැටයම් දේදුන්නක පාටින් වර්ණ ගැන්විලා හැඩ වෙනවා වගේ ඔපවත් ප්‍රේමයක් ගැන හීන මැවූ පෙම්වතෙක්.
    කැලතුණු දියක මතු වුනු පෙණ බුබුලක් වගේ, ඒ ප්‍රේමය බිඳී විසිරෙන හැටි බලා ඉන්නව.
    යුගයෙන් යුගය නොනැසෙන සදාතනික දහනක යුග ජීවිතයේ පදනම හැදෙන හැටි ඔහු සිහින මවනවා.එත් නොසිතූ ලෙස ඔවුන්ට වෙන් වෙන්න සිද්ධ වෙනව.

    මී මැස්සෝ තමන්ගේ වදය බඳින්න පැණි ගේන්න මොන තරම් දුක් විඳිනවද.?
    දහසක් මල් වලට කොඳුරමින් තුඩින් ගෙනා ඒ පැණි බින්දු ගව්වක් ඉහළ තැනක බැඳුනු වදයක තැන්පත් කරනවා.
    ඒ මතු බලාපොරොත්තු ඇතිව.එත් අහස ගුගුරා වහින අකල් වැස්සෙන් ඒ පැණි වල තත්ත්වය බාල වෙනවා.
    මේ පරාජිත ප්‍රේමවන්තයාගේ ජීවිතයේ බිඳුණු සිහිනය වගේ.

    තමන් හැරදා වෙනකකු හා බැඳුනු පෙම්වතිය තම සිහිනය බොඳ කල හැටි....?
    හදවත නම් විලේ උපන් කැකුළු මලක් අකාලයේම මිය පරලොව ගිහින්.
    ඒ වෙනුවෙන් උපන් කඳුලක් මුසු මුනේ මහා සාගරයට.
    මහා සයුරට මුහුවුණු කඳුල වෙන් කරලා අඳුන ගන්න බැහැ.
    ඒවගේම තමයි ඒකට වටිනා කමකුත් නැහැ...බිඳුණු ප්‍රේමයේ අයිතිකාරියට නම් කොහෙත්ම වටිනාකමක් නෑ.එත් මේ පරාජිත ප්‍රේමවන්තයා ඇය වෙනුවෙන් වෙන් වුණු හදවත, එක්ටැම් මැදුරක සිර කරගෙන බලා ඉන්නව කවද හරි ඇය නැවත එතැයි කියන බලාපොරොත්තුවෙන්..