බංග්ලාදේශයේදී අද ආරම්භ වූ ලෝක කුසලාන තරඟාවලියෙන් අනතුරුව තමන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟවලින් සමුගන්නා බව කුමාර සංගක්කාර හිරු ප‍්‍රවෘත්ති අංශයට ප‍්‍රකාශ කළා. එහෙත් සංගක්කාර එක්දින සහ ටෙස්ට් තරඟවලට තවදුරටත් ක‍්‍රීඩා කරනු ඇති. 36 වන වියේ පසුවන කුමාර සංගක්කාර විස්සයි විස්ස තරඟ 50 කට ශ‍්‍රී ලංකාව නියෝජනය කර තිබෙනවා. එහිදී ඔහු ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1311 ක්. සංගක්කාරගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 32 යි දශම 77 ක්.
Source - http://www.hirunews.lk/sinhala/79382




Source - http://www.hirunews.lk/sinhala/79382



