sarath fonseka

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    'ආණ්ඩුව විදෙස් ශ‍්‍රමිකයන්ගේ මුදල් කොල්ලයකට සැරසෙනවා’

    Sarath_290px.jpg

    විදෙස් ශ‍්‍රමිකයන්ගේ මුදල් කොල්ලකෑමට ආණ්ඩුව වැඩපිළිවෙලක් සකස් කරමින් සිටින බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා කියයි.

    ෆොන්සේකා මහතා බව පැවසුවේ, අද (06) සුදු කොඩි නඩු විභාගයට ඉදිරිපත්වී කොළඹ මහාධිකරණයෙන් පිටව යන අවස්ථාවේදී මාධ්‍යවේදීන් අමතමිනි.

    එම උත්සාහයද පරාජය කිරීමට කඩිනම් වැඩ පිළිවෙලක් යොදන බවද ඒ මහතා පැවසීය.

    ආණ්ඩුව පෞද්ගලික අංශයට විශ‍්‍රාම වැටුප් යෝජනාවක් ගෙන එමින් ඔවුන්ගේ මුදල් මංකොල්ල කෑමට ගොස් පස්ස බිම ඇණගත් බවද ෆොන්සේකා මහතා කීය.

    සුදු කොඩි නඩුවේ විත්ති පාර්ශ්වය වෙනුවෙන් ශ්‍රේෂඨාධිකරණයේ සහ කොළඹ මහාධිකරණයේ රෙජිස්ටාර්වරුන් අධිකරණය හමුවට කැඳවීමට විත්ති පාර්ශවයේ නීතීඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කළ ඉල්ලීමට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් බුවනෙක අළුවිහාරේ මහතාගේ දැඩි විරෝධය මධ්‍යයේ මහාධිකරණ ති‍්‍ර පුද්ගල විනිසුරු මඬුල්ල අද අවසර ලබා දුන්හ.

    මෙම නඩුව ලබන ජුනි 08 වැනිදා යළි කැඳවීමට නියමවූ අතර එදිනට විත්තියේ 11 වැනි හා 12 වැනි සාක්‍ෂි කරුවන් වන මහාචාර්ය රජීව් විජේසුන්දර හා විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම යන මහත්වරුන්ට ද මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

    විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට දරුස්මාන් වාර්තාව ද රැුගෙන එදිනට පැමිණෙන ලෙසද ති‍්‍ර පුද්ගල විනිසුරු මඬුල්ල නියෝග කළේය


    Code:
    http://www.srilankamirror.com/sinhala/index.php?option=com_content&view=article&id=5039:2011-06-06-11-20-39&catid=1:2010-11-08-15-13-52&Itemid=50
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    munta pissuda rata inna ahinsaka minissunge salli walatath widinna.e minissu lankawe inna minissunta wada duk widala hamba karanne.me pahara mahindaya e para ekatath kelinna yanne.danatah rs 11000 k gannawa rata yana kenek gen.ewa aiyth e minissunta denne accident ekak unoth witharai.dan epara thawath magulak.munta nam hena gahanna ona.munge anduwata salli naha kiyala e minissu palida :growl::growl::growl:
     
    • Like
    Reactions: elakiri119