ජෙනරාල්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ශක්තිමත් බව හමුවේ ජනතාවට තව තව සහන ලැබෙනවා - අනුර කුමාර දිසානායක
දේශීය 2010 ජනවාරි 02 වෙනි සෙනසුරාදා, 08:59
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ ශක්තිමත් භාවය හමුවේ බියවී ඇති ආණ්ඩුව අය වැය ලේඛනයකට එහා ගිය පොරොන්දු ලබා දෙමින් සිටින බව පොදු අපේක්ෂක සම මාධ්‍ය ප්‍රකාශක, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ නායක අනුර දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පොදු අපේක්ෂක මැතිවරණ කාර්යාලයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා, සරත් ෆොන්සේකා මහතාගේ මැතිවණ ව්‍යාපාරයේ ශක්තිමත් බව හමුවේ බයවී තිබෙන ආණ්ඩුව අය වැය ලේඛනයක් ඉදිරිපත් නොකළද අයවැය ලේඛනයට එහා යන පොරොන්දු දෙනවා. ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිවරණයට එනවාත් සමග මහින්ද රාජපක්ෂට සිදුවුණා හමුදා සොල්දාදුවන්ගේ වැටුප් වැඩිකරන්න. ඒ නිසා හමුදාව ඇතුළේ ඒක කතා වෙන්නේ ෆොන්සේකා බෝනස් කියලා. රට තුළ ජීවත්වීමට ඇති නොහැකියාව බුර බුරා වර්ධනය වෙමින් තිබුණා. ආන්ඩුවට සිදුවුණා පොඩි පැකේජ් එකක්, සහන මල්ලක් දෙන්න(මා දන්නැ ඒක හැමෝටම ගන්න පුළුවන්ද කියා). හැබැයි ඒකට කියන්නෙත් ෆොන්සේකා සහන මල්ල කියලා.
මේ ආකාරයේ විවිධ සහන ලැබුණා. ඒ සහන අන් කවරක්වත් නොවෙයි ෆොන්සේකා මහතාගේ ආගමනයත් සමග ලැබුණු සහන. ෆොන්සේකා මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ශක්තිමත්වන්න වන්න තව තව සහන ලැබෙනවා.” යැයි ප්‍රකාශ කළේය.
මෙම මාධ්‍ය හමුවට පොදු අපේක්ෂක සම මාධ්‍ය ප්‍රකාශක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශ්වයේ නායක මංගල සමරවීර මහතාද සහභාගී විය.