Sayeret Matkal | Navy SEALs & MARCOS ගැන දැනගමු

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Sayeret Matkal | Navy SEALs & MARCOS ගැන දැනගමු

    දැනට විවිධ රටවල ක්‍රියාත්මක වන විශේෂ බළකා කිහිපයක් පිළිබඳව කරුණු ගෙන ඇමෙරිකාවේ, ඉන්දියාවේ හා ඊශ්‍රායලයේ ප්‍රධාන විශේෂ බළකා තුනක් පිළිබඳව කෙටි විස්තරයක් මෙම ලිපියේ අන්තර්ගත වෙනවා.

    ඇමෙරිකානු නේවි සීල් United States Navy SEALs

    4rkbuiUVZ39UwoKH_01.jpg


    ඇමෙරිකා එක්සත් ජනපදයේ නාවික හමුදාවට අනුබද්ධ නේවි සීල් නම් (Navy SEALs) විශේෂ මෙහෙයුම් ඒකකය පිළිබඳව ඔබ අනිවාර්යයෙන් අසා ඇති. ගොඩබිම, මුහුද හා ගුවනේ ඕනෑම ස්ථානයක සටන් කළ හැකි මෙම විශේෂ බළකාය ගංගා, මෝයවල්, ඩෙල්ටාවන් ආශ්‍රිතව මෙන්ම වෙරළබඩ කලාපයන්වල හා වගුරුබිම් ආශ්‍රිතව ද සටන් මෙහෙයවීමට විශේෂ පුහුණුවක් ලබා සිටිනවා.

    ඔවුන් ලෝකයේ ඕනෑම දේශගුණික තත්ත්වයක් යටතේ, ඕනෑම ප්‍රදේශයක ක්ෂණික මෙහෙයුම් සිදුකිරීම සඳහා පුහුණු කර තිබෙනවා. ඇමෙරිකාව වෙනුවෙන් වියට්නාම් යුද්ධයට මෙන්ම ගල්ෆ් යුද්ධයට සහභාගී වූ නේවි සීල් බළකාය වර්තමානය වන විට “ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධයේ” ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ සිය මෙහෙයුම් කටයුතුවල නිරතව සිටිනවා.

    ඇමෙරිකානු නාවික හමුදාවේ විශේෂ ඒකකයක් ලෙස ක්‍රියාත්මක වෙන නේවි සීල් ඒකකයේ ප්‍රධානතම කාර්යය වන්නේ රජය පවසන ඕනෑම මොහොතක ලෝකයේ ඕනෑම ගොඩබිමක, සාගරයක හෝ ගුවන් සීමාවක තම විශේෂ මෙහෙයුම් ක්ෂණිකයෙන් ක්‍රියාත්මක කිරීම යි.

    CIA ආයතනයේ මඟපෙන්වීම යටතේ ඇමෙරිකා එක්සත් ජනපදයට අවශ්‍ය රාජ්‍ය සතුරන් මෙන්ම ලෝකයේ ඕනෑම ස්ථානයක සිටින ත්‍රස්තයන් ද අල්ලාගැනීමේ හෝ විනාශ කිරීමේ මෙහෙයුම් වැඩිම ප්‍රමාණයක් දියත් කරන්නේ නේවි සීල් භටයන් විසින්.

    විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට පෙර ලෝකයේ ඕනෑම රටකට එම රජයේ අවසර මත හෝ හොර රහසේ ඇතුල් වී මෙහෙයුම් සඳහා ඔත්තු බැලීම මෙන්ම, වැදගත් තොරතුරු රැස්කර ගැනීම බුද්ධි මෙහෙයුම් දියත් කිරීම ද සිදුකරන්නේ මොවුන්.

    ඉලක්ක සම්පූර්ණ කරගැනීම වෙනුවෙන් කුඩා කණ්ඩායම් වශයෙන් ඕනෑම මෙහෙයුමක් සඳහා සහභාගී වී දැවැන්ත ප්‍රහාර එල්ල කර පලා යාම ද මෙම භටයන්ට පැවරෙන වගකීමක් ලෙස සදහන් කළ හැකි යි.

    ජලය යට කෙරෙන සටන් සඳහා ද ලෝකයේ අනෙකුත් විශේෂ ඒකකවලට වඩා වැඩි දක්ෂතාවයක් පෙන්නුම් කරන නේවි සීල් භටයන්, ඕනෑම වර්ගයේ ස්වභාවික බාධකයන් මෙන්ම මිනිසා විසින් නිර්මාණය කරන ඕනෑම බාධකයක් බිඳහෙළා යාමට තරම් බුද්ධියෙන්, තාක්ෂණයෙන්, හා ශාරීරික යෝග්‍යතාවයෙන් යුක්ත යි.

    වර්තමානය වන විට උප කණ්ඩායම් 12කින් මෙය සමන්විත යි.

    ඉන් කණ්ඩායම් කිහිපයක් මැදපෙරදිග මෙහෙයුම් කටයුතුවලට ප්‍රවීණයන් වන අතර, තවත් කණ්ඩායම් කිහිපයක් ලෝකය වටා මෙහෙයුම්වලට ප්‍රවීණයන් වෙනවා. තවත් කණ්ඩායම් කිහිපයක් ඉන්දියන් සාගරය හා පැසිපික් සාගරය වැනි විවිධ සාගරයන්හි මෙහෙයුම් සඳහා විශේෂයෙන් පුහුණුව ලබා තිබෙනවා.

    ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් විසින් ආරම්භ කරන ලද “ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධයේ” ඇෆ්ගනිස්තානය ඉරාකය හා සිරියාව ඇතුළු රටවල්වල ප්‍රධාන මෙහෙයුම් දියත් කරන්නේ නේවි සීල් ඒකක යි. එම මෙහෙයුම් යටතේ 2011 වසරේ මැයි මාසයේ දී අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඝාතනය කරන්නේත් නේවි සීල් බළකා භටයන් කණ්ඩායමක් විසින්.


    ඉන්දියානු විශේෂ බළකාය MARCOS

    qNpU6ZLZk6RJbCf0_02.jpg


    ඉන්දියානු නාවික හමුදාවේ ස්ථාපනය කර ඇති විශේෂ ඒකකය හඳුන්වනු ලබන්නේ, මාර්කෝස් ලෙස යි. එම විශේෂ ඒකකය වර්තමානයේ දී මාර්කෝස් ලෙස හැඳින්වූවත්, ඊට පෙර එය හඳුන්වා තිබෙන්නේ මැරීන් කමාන්ඩෝ බළකාය (Marine Commando Force-MCF) ලෙස යි.

    සතුරු කලාපයට ඇතුල් වී තොරතුරු ගවේෂණය, සතුරු කලාපයේ දීම සැඟවී සිට සතුරාට පහර දී ක්ෂණිකව ඉවත්ව යාම, ප්‍රතිත්‍රස්ත මෙහෙයුම්, ප්‍රාණ ඇපකරුවන් මුදවාගැනීමේ මෙහෙයුම්, රාජ්‍ය ත්‍රාන්තික කටයුතුවල දී බුද්ධි මෙහෙයුම්වලට දායක වීම, ජලයෙන් පැමිණ ගොඩබිමට සාර්ථක ප්‍රහාර එල්ල කර නැවතත් ජලය හරහා පලා යාම හා ප්‍රතිමුහුදු මංකොල්ලකාරී මෙහෙයුම් වැනි විවිධ යුධ ක්‍රියාකාරකම් සඳහා විශේෂ දක්ෂතාවයක් මාර්කෝස් බළකාය විසින් දක්වනවා. තවත් විටෙක ඔවුන් ඉන්දියානු පාබල හමුදා සේනාංක සමග ද එකතු වී මෙහෙයුම් කටයුතුවල නිරත වෙනවා.

    1971 වසරේ දෙසැම්බර් මාසයේ දී ආරම්භ වූ ඉන්දු-පාකිස්තාන් යුද්ධයේ දී දෙපාර්ශවය අතර සිදු වූ යුධ ගැටුම්වල දී ඉන්දියානු හමුදාවට නාවික හමුදා විශේෂ ඒකකයක් නොමැති වීමේ අඩුපාඩුව තදින් දැනෙන්නට විය. විශේෂයෙන් දෙරට අතර මුහුදුබඩ කලාපයේ සිදු වූ ගැටුම්වල දී විශේෂ පුහුණුව ලැබූ දිය යට සටන් කළ හැකි භටයන් නැති හේතුවෙන් ඉන්දියානු නාවික හමුදා සමහර ස්ථානවල දී පසුබෑමට ලක් වෙනවා.

    මේ හේතුවෙන් සටන් අතරතුර ඉන්දියානු නාවික හමුදා භටයන්ට අවශ්‍ය මූලික පාඨමාලා කිහිපයක් ක්‍රියාත්මක වෙන නමුත්, ඒවාගෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකියාව ලැබෙන්නේ නෑ. එම යුද්ධය අවසන් වූ පසුවත් නාවික හමුදාව තුළම මේ සඳහා විශේෂ පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට ඉන්දියානු රජය කටයුතු කරනවා. නමුත්, ඒවාගෙන් ද විශේෂ පුහුණුවක් ලැබූ භට කණ්ඩායමක් නිර්මාණය වෙන්නේ නෑ.

    මේ හේතුවෙන් 1986 වසරේ අප්‍රේල් මාසයේ දී ජලය ආශ්‍රිත සටන් සඳහා විශේෂ මැරීන් බළකායක් පිහිටුවීමට ඉන්දියානු නාවික හමුදාව තීරණය කරනවා. ඒ අනුව මෙම බළකායට ගොඩබිම් සටන් පුහුණුව හා මූලික පාබල පුහුණුව, ඉන්දියානු පාබල හමුදාවෙන් හිමි වෙනවා. විශේෂ සටන් උපක්‍රම හා යුද්ධ ක්‍රම හා උපායයන් පිළිබඳව විශේෂ පුහුණුව ලැබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නාවික සීල් (Navy SEAL) බළකායෙන් හා එක්සත් රාජධානියේ SAS (Special Air Service) බළකායෙනි.


    ඊශ්‍රායල් "සයෙරෙට් මට්කාල්" Sayeret Matkal

    LPXiOPv5zQkTazNx_03.jpg


    ඊශ්‍රායල් ආරක්ෂක බළකායට අයත් "සයෙරෙට් මට්කාල්" (Sayeret Matkal) හෙවත් The General Staff Reconnaissance Unit යනු එරට ඇති විශේෂ හමුදා ඒකකවලින් ජනප්‍රියතම හමුදා විශේෂ ඒකකයක්. අතිශය රහසිගත බුද්ධි තොරතුරු හඹා යාම, ඊශ්‍රායල් දේශ සීමාවෙන් එපිට දී ප්‍රතිත්‍රස්ත මෙහෙයුම් සිදුකිරීම හා ලෝකයේ ඕනෑම ප්‍රදේශයක සිරකරගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීම සඳහා විස්මිත මෙහෙයුම් සකස් කිරීම, මෙම විශේෂ ඒකක අතරින් සයෙරෙට් මට්කාල් බළකායට අයත් වන කාර්යභාරය ලෙස නම් කළ හැකි යි.

    මේ ඒකකය බොහෝ දුරට බ්‍රිතාන්‍යයේ විශේෂ ඒකකය වන SAS බළකායේ ගති ලක්ෂණවලට සමානකමක් දක්වනවා.

    ලෝක යුධ ඉතිහාසය තුළ ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීමේ මෙහෙයුම් අතරින් වඩාත් සාර්ථක මෙහෙයුම ලෙස නම් කළ හැක්කේ සයෙරෙට් මට්කාල් බළකායේ මෙහෙයුමක්.

    1976 වසරේ ජූලි මස 4 දින උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිරකරගෙන සිටි මගීන් 102ක් ඊශ්‍රායල් සයෙරෙට් මට්කාල් බළකා සෙබළුන් විසින් මුදාගැනීම, “ඔපරේෂන් තන්ඩර්බෝල්ට්” නමින් හඳුන්වනවා.

    ඊශ්‍රායලයේ ටෙල් අවිව් හි (Tel Aviv), බෙන් ජුරියන් (Ben Gurion) ගුවන්තොටුපොළේ සිට ප්‍රංශයේ පැරිස් නුවර බලා ගුවන් ගමන් අංක 139 යටතේ ගමන් ආරම්භ කරන ප්‍රංශ ගුවන් සේවයට අයත් A300 වර්ගයේ එයාර් බස් ගුවන් යානය පලස්තීන විමුක්ති සංවිධානයේ ත්‍රස්තයන් විසින් පැහැර ගන්නවා.

    සයෙරෙට් මට්කාල් භටයන් 100 දෙනක්, කණ්ඩායම් හතරකට බෙදී ලොක්හීඩ් සී-130 හර්කියුලිස් යානා හතරක නැඟී කි.මී. 3500ක් දුරින් පිහිටි උගන්ඩාවේ එන්ටැබේ ගුවන් තොටුපොල වෙත පියාසර කරනවා. ඔවුන් විසින් පැහැරගෙන තිබුණු ප්‍රංශ ගුවන් සේවයට අයත් ගුවන් යානයෙහි සිටි ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් මුදාගන්නවා. මෙම මෙහෙයුමෙන් ලෝකවාසීන් අතිශය විස්මයට පත් වෙනවා. සටන සඳහා නායකත්වය දෙන්නේ වර්තමාන ඊශ්‍රායල් අගමැතිවරයාගේ සහෝදරයා යි. නමුත්, මෙහෙයුමේ දී අවාසනාවන්ත ලෙස ඔහු මරණයට පත් වෙනවා.

    1972 වසරේ ජර්මනියේ මියුනිච් නගරයේ පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ඔලිම්පික් ඉතිහාසයට අඳුරු පැල්ලමක් එක් කරමින්, පලස්තීන “කළු සැප්තැම්බර්” නම් ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් විසින් නිරායුධ ඊශ්‍රායල් ක්‍රීඩකයන් 11 දෙනෙක් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන පසුව ඝාතනය කරනවා.

    ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානය හා සයෙරෙට් මට්කාල් බළකාය එකට එකතු වෙමින්, වසර 20ක පමණ කාලයක් ක්‍රියාත්මක වෙමින්, විවිධ රටවල දී විවිධ ආකාරයෙන් කළු සැප්තැම්බර් සාමාජිකයන් හා පලස්තීන විමුක්ති සංවිධානයේ (PLO) සාමාජිකයන් 28 දෙනෙක් ඝාතනය කරනවා. එය හඳුන්වන්නේ Wrath of God (දේව කෝපය) මෙහෙයුම ලෙස යි.


     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    'I knew in my soul I had become a murderer': Former US drone operator who said the American military are 'worse than the Nazis' tells how he dropped a Hellfire missile on a child in Afghanistan but his superiors claimed it was 'just a dog'

    https://trib.al/43r1ZE2
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell