පාසල් දැරියන් ගැබ් ගැනීම් පිළිබඳව
බහුල ලෙසින් වාර්තා ලැබෙනවා
දරු දැරියන් දැනුවත් කිරීම සඳහා
කඩිනම් වැඩපිළිවෙළක් සැපයිය යුතුයි
මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක
ගල්නෑව හූරීගස්‌වැව - උදය බණ්‌ඩාර
හැම කෙනකුටම යම්කිසි වැඩ කොටසක් තියෙනවා. අණ කරන්නට බල කරන්නට අවශ්‍ය නෑ. නමුත් සම්බන්ධීකරණයක් තිබිය යුතුයි. ප්‍රාදේශීය මහජන නියෝජිතයන් අමතක කරන්නට එපා. රජයේ නිලධාරීන් හා මහජන නියෝජිතයන් ඒකාබද්ධව වැඩ කළ යුතුයි. එහෙම නොවේනම් එතැන හරියට වැඩක් කෙරෙන්නේ නෑ යෑයි උතුරුමැද ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා පැවැසීය.
ගල්නෑව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්‌වීම උ.මැ.ප. මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 27 දා ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක(- "මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ "මතට තිත" වැඩසටහන සාර්ථක කර ගැනීම අපේ යුතුකමක්. රජයේ බලයලත් අරක්‌කුවලට වගේම කසිප්පු විකිණීම පෙරීම නතර කරවන්න ඕනෑ. එහිදී විශාල වැඩ කොටසක් පොලිසියට පැවරෙනවා. මේ පිළිබඳ දැනුවත් කිරීම් මේ වන විට කරලා තිබෙනවා. ගල්නෑව ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් අවම විය යුතුයි.
ගල්නෑව පොලිස් ස්‌ථානාධිපති ඒ. ඒ. කේ. එස්. අධිකාරි(- 2009 වර්ෂයේ නීති විරෝධී මත්පැන් සඳහා දඩ මුදල් රුපියල් ලක්‍ෂ 30 කට ආසන්නයි. 2010 මුල් මාස 6 දී විතරක් දඩ මුදල් ලක්‍ෂ 28 ක් පමණ වෙනවා. ඒ වගේම නඩු විශාල සංඛ්‍යාවක් පවරල තිබෙනවා. මේ වන විට සියයට 60-70 ක් පමණ අඩුවෙලා තිබෙනවා.
මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක(- දඩ මුදල් ප්‍රමාණය අනුව කසිප්පු අඩුවෙලා කියලා කියන්ට බෑ. ගම්වලින් මේ ගැන අපට එන චෝදනා අඩුවෙන්ට ඕනෑ. අනික පාසල් ළමුන් විවිධ බෙහෙත් වර්ග, ජෙල් වර්ග පානය කරන බව වාර්තා වෙලා තිබෙනවා. ෆාමසිවලින් බෙහෙත් නිකුත් කිරීමේදී වෛද්‍යවරයාගේ නිර්දේශ තිබිය යුතුමයි.
ගල්නෑව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරි වෛද්‍ය ප්‍රසාද් ෆොන්සේකා(- පාසල් යන දැරියන් ගැබ් ගැනීම් බහුලව වාර්තා වෙනවා. මේ පිළිබඳ දැනුවත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ සහය ඕනෑ. සංස්‌කෘතික පරිහානිය මේ සඳහා බලපානවා.
http://www.divaina.com/2010/08/06/news33.html