See the reality!!!!!

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
Having heard the Awakened One's words, the discerning monk comprehends, for he sees it for what it is: "As this is, so is that. As that, so this." Within & without, he should let desire for the body fade away. With desire & passion faded away, the discerning monk arrives here: at the deathless, the calm, the undying state of Unbinding.

This two-footed, filthy, evil-smelling, filled-with-various-carcasses, oozing-out-here-&-there body: Whoever would think, on the basis of a body like this, to exalt himself or disparage another:
What is that if not blindness?

sudunone

Member
May 23, 2009
3,781
121
0
සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනා කොටසේ ඉගැන්වෙන පිළිකුල් භාවනාව, ධාතු මනසිකාරය හා නවසීවථිකය ඇත්ත ඇති සැටියෙන් දැකීමට ක්‍රම කිහිපයක් කියා දෙනවා.
පිළිකුල් භාවනාවෙදි ඔය දැක්වූ ආකාරයට විස්තරාත්මකව සිතා බැලීමට උනන්දු කරනවා. ධාතු මනසිකාරයෙදි ශරීරයේ ඇති කොටස් පඨවි, ආපෝ, තේජෝ, වායො යන කොටස් වලට බෙදා බැලීමට පුහුණු කෙරෙනවා. නවසීවථිකයෙදි මළ සිරුරක් දිහා බලල, තමන්ට වෙන දේ හිතා ගන්න පුහුණු කෙරෙනවා.
:)

ඇත්ත දකිනකොට ගොඩක් අයට පිළිකුලක් ඇති වෙනවා. ඒ නිසා ඉක්මණට මායාවෙන් මුළාවෙන්න පැනල දුවනවා. :lol:
 
ඔව් මෙතනදි කතා කරන පිලිකුල් භාවනාවෙ වාක්‍ය මම වෙනම ත්‍රෙඩ් එකක පළ කරලා තියෙන්නෙ..:)

http://www.elakiri.com/forum/showthread.php?t=269557
 
nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
මෙකේ ගොඩක් ගැඹුරු අර්ථයක් තියෙනවා.. මෙකෙ තියෙන ඔක්කොම ඇත්ත බව මම පිලිගන්නවා.. යථාර්තය මේක උනත් ගිහිගෙයි ඉන්න අපිට මෙව කෙලින්ම ජිවිතෙට සම්බන්ධ කරගන්න පුලුවන් ද?? එතන ගැටීමක් ඇති වෙනව නේද?? :oo::eek:

මොකද අපි කාමභොගි ජිවිතයට පුරුදු වෙලා නෙ ඉන්නෙ.. මෙ වගෙ දෙවල් එක්ක සාමාන්ය ජිවිතේ love/sex වගෙ දෙවල් balance කරගන්න අමරුයි නෙද?? (විහිලුවට නෙවේ මචන් මම මේ අහන්නෙ.. :))
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
පිළිකුල් භාවනාව

අත්ථි ඉමස්මිං කායේ, කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ, මංසං, නහාරු, අට්ඨි, අට්ඨි ම්ඤ්ජං, වක්කං, හදයං, යකනං, කිලෝමකං, පිහකං, පප්ඵාසං, අන්තං, අන්තගුණං, උදරියං, කරීසං, මත්ථලුංගං, පිත්තං, සෙම්හං, පුබ්බෝ, ලෝහිතං, සේදෝ, මේදෝ, අස්සු, වසා, ඛේලෝ, සිංඝාණිකා, ලසිකා මුත්තං ති.

මේ කයෙහි, කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇට මිදුලු, වකුගඩු, හෘදය, අක්මාව, පිත්තාශය, බඩදිව, පෙණහලු, කුඩා බඩවැල, මහ බඩවැල හා ගුද මාර්ගය, ආමාශය, අසූචි, මොළය, පිත, සෙම, සැරව, ලේ, මේදය, කඳුලු, වුරුණු තෙල(ශ්වේද), කෙල, සොටු, සඳමිදුලු, මූත්‍ර ඇත.

මේවා තමන්ගෙ කියා සළකන කයෙහිත්, අනුන්ගෙ කියා සළකන කයෙහිත් ඇති ආකාරය අවබෝධයෙන් දකිමින් වාසය කරන්න කියනවා.
(අපේ කියා සළකන කයෙහි කෙසේ වෙතත් අනුන්ගෙ කියා සළකන කයෙහිනම් මේව අපට පේනව අඩුයි-ඒකනෙ 'එයා හරි ලස්සනයි' කියල බැඳෙන්නෙ. :rofl:)

මේ කය ආහාර ප්‍රත්‍යයෙන් හට ගන්නා ආකාරයද, ආහාර නැති වීමෙන් නැති වෙන ආකාරයද එලෙසම අවබෝධයෙන් දකිමින් වාසය කරන්න කියනවා.
(ආහාර ගැන අපි කතා කරල තියෙනව වෙන නූලක.මං හිතන්නෙ මෙතනදි සිව් වැදෑරුම් ආහාරම අයත් වෙනවා, කය ඇති වෙන්නෙම නාම රූප පහළ වීමෙන් නිසා)

මේ විදිහට අවබෝධයෙන් යුතුව ඉන්න කෙනාට මනාව සිහිය පිහිටලා, කය මගේය, මගේ ආත්මයය කියා ග්‍රහණය කර ගැනීමෙන් මිදෙන අයුරු ඤානය දියුණු කර ගත හැකියි.

මේ සේරම මතක නොතිබුණත් කමක් නැහැ. හුඟක් වෙලාවට මේකෙ ප්‍රථම පාඨය පමණක් භාවිතා කරනවා භාවනාවෙදි- කේසා ලෝමා නඛා දන්තා තචෝ කියන ටික.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

මොකද අපි කාමභොගි ජිවිතයට පුරුදු වෙලා නෙ ඉන්නෙ.. මෙ වගෙ දෙවල් එක්ක සාමාන්ය ජිවිතේ love/sex වගෙ දෙවල් balance කරගන්න අමරුයි නෙද?? (විහිලුවට නෙවේ මචන් මම මේ අහන්නෙ.. :))

ඒඩ්ස්, ගොනෝරියා හැදෙන්නෙත් ඉන්නො දාලා දුක් විදින්න වෙන්නෙත් love/sex වලට තියන තණ්හාව/ ආසාව නිසා....ඒ විදියට ආසාව ඇතිවෙන්නෙ මේ post කරලා තියෙන reality එක නොදන්නාකම නිසා නෙ..:)
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
අත්ථි ඉමස්මිං කායේ, කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ, මංසං, නහාරු, අට්ඨි, අට්ඨි ම්ඤ්ජං, වක්කං, හදයං, යකනං, කිලෝමකං, පිහකං, පප්ඵාසං, අන්තං, අන්තගුණං, උදරියං, කරීසං, මත්ථලුංගං, පිත්තං, සෙම්හං, පුබ්බෝ, ලෝහිතං, සේදෝ, මේදෝ, අස්සු, වසා, ඛේලෝ, සිංඝාණිකා, ලසිකා මුත්තං ති.

මේ කයෙහි, කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇට මිදුලු, වකුගඩු, හෘදය, අක්මාව, පිත්තාශය, බඩදිව, පෙණහලු, කුඩා බඩවැල, මහ බඩවැල හා ගුද මාර්ගය, ආමාශය, අසූචි, මොළය, පිත, සෙම, සැරව, ලේ, මේදය, කඳුලු, වුරුණු තෙල(ශ්වේද), කෙල, සොටු, සඳමිදුලු, මූත්‍ර ඇත.

මේවා තමන්ගෙ කියා සළකන කයෙහිත්, අනුන්ගෙ කියා සළකන කයෙහිත් ඇති ආකාරය අවබෝධයෙන් දකිමින් වාසය කරන්න කියනවා.
(අපේ කියා සළකන කයෙහි කෙසේ වෙතත් අනුන්ගෙ කියා සළකන කයෙහිනම් මේව අපට පේනව අඩුයි-ඒකනෙ 'එයා හරි ලස්සනයි' කියල බැඳෙන්නෙ. :rofl:)

මේ කය ආහාර ප්‍රත්‍යයෙන් හට ගන්නා ආකාරයද, ආහාර නැති වීමෙන් නැති වෙන ආකාරයද එලෙසම අවබෝධයෙන් දකිමින් වාසය කරන්න කියනවා.
(ආහාර ගැන අපි කතා කරල තියෙනව වෙන නූලක.මං හිතන්නෙ මෙතනදි සිව් වැදෑරුම් ආහාරම අයත් වෙනවා, කය ඇති වෙන්නෙම නාම රූප පහළ වීමෙන් නිසා)

මේ විදිහට අවබෝධයෙන් යුතුව ඉන්න කෙනාට මනාව සිහිය පිහිටලා, කය මගේය, මගේ ආත්මයය කියා ග්‍රහණය කර ගැනීමෙන් මිදෙන අයුරු ඤානය දියුණු කර ගත හැකියි.

මේ සේරම මතක නොතිබුණත් කමක් නැහැ. හුඟක් වෙලාවට මේකෙ ප්‍රථම පාඨය පමණක් භාවිතා කරනවා භාවනාවෙදි- කේසා ලෝමා නඛා දන්තා තචෝ කියන ටික.

බොහොම ස්තූතියි මේ කරුණු වලට....එළ!!!..:)
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
මෙකේ ගොඩක් ගැඹුරු අර්ථයක් තියෙනවා.. මෙකෙ තියෙන ඔක්කොම ඇත්ත බව මම පිලිගන්නවා.. යථාර්තය මේක උනත් ගිහිගෙයි ඉන්න අපිට මෙව කෙලින්ම ජිවිතෙට සම්බන්ධ කරගන්න පුලුවන් ද?? එතන ගැටීමක් ඇති වෙනව නේද?? :oo::eek:

මොකද අපි කාමභොගි ජිවිතයට පුරුදු වෙලා නෙ ඉන්නෙ.. මෙ වගෙ දෙවල් එක්ක සාමාන්ය ජිවිතේ love/sex වගෙ දෙවල් balance කරගන්න අමරුයි නෙද?? (විහිලුවට නෙවේ මචන් මම මේ අහන්නෙ.. :))

අපොයි නැහැ. මේව ගිහි ජීවිතේට හොඳට සම්බන්ධ කර ගන්න පුළුවන්. ඒ කාලෙ සෝවාන් වෙලා හිටපු විශාකලා උනත් ආභරණ පැලඳගෙන, දරු මල්ලො හදාගෙන ගිහි ජීවිත ගත කල අයනෙ. අපිත් මේ දේවල් ගැන අවබෝධයක් ලබා ගන්නයි ඕනෙ. මේ අවබෝධය තියෙනවනම්, ගිහි ජීවිතේදි අපට ඇති වෙන ගැටීම් අඩු කර ගන්න පුලුවන්. උදාහරනයක් විදිහට, මෝස්තර නිරූපිකාවක්, නිළියක් දැකල, 'අනේ හරී ලස්සන එක්කෙනෙක්; අපේ ගෙදර ගෑනි වැඳිරියක් වගේනෙ' කියල හිතල පවුල කඩා ගන්නවට වඩා, 'මෙයාගෙ ඇඟෙත් තියෙන්නෙ අපේ නෝනගෙ ඇඟේ තියෙන අසූචිම තමයි' කියල හිත හදා ගන්න පුලුවන්නෙ. :rofl:

අනික් දේ තමයි දකින දකින දේ පස්සෙ නොදුවා අල්පේච්ඡ ජීවිතයකට හුරු වීමට රුකුලක් ලැබීම. ඒක ආර්ථිකයටත් පහසුවක්.

අපි හැමෝම ලෙඩ වෙනවා; වයසට යනවා. එහෙම නැත්නම් රෝගී වෙලා, එක්තැන් වෙලා, මළමූත්‍ර ගොඩේම සිටින වයසක දෙමවුපියන් රැක බලා ගන්න සිද්ධ වෙනවා. එහෙම වෙලාවට අමුතු පිළිකුලක්, දුකක් ඇති වීම වළකිනවා සිරුරේ මේ යථාර්තය අපි අවබෝධ කරගෙන ඉන්නවනම්.
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මෙකේ ගොඩක් ගැඹුරු අර්ථයක් තියෙනවා.. මෙකෙ තියෙන ඔක්කොම ඇත්ත බව මම පිලිගන්නවා.. යථාර්තය මේක උනත් ගිහිගෙයි ඉන්න අපිට මෙව කෙලින්ම ජිවිතෙට සම්බන්ධ කරගන්න පුලුවන් ද?? එතන ගැටීමක් ඇති වෙනව නේද?? :oo::eek:

මොකද අපි කාමභොගි ජිවිතයට පුරුදු වෙලා නෙ ඉන්නෙ.. මෙ වගෙ දෙවල් එක්ක සාමාන්ය ජිවිතේ love/sex වගෙ දෙවල් balance කරගන්න අමරුයි නෙද?? (විහිලුවට නෙවේ මචන් මම මේ අහන්නෙ.. :))
කොහේවත් බුදු හාමුදුරුවෝ ගිහියන්ට love/sex එපා කියලා නෑ..සෝවාන් වෙච්ච විශාකාව ගිහිගෙයි ඉදල ළමයිනුත් හැදුවා
ඒ වයේ තියන ඇත්ත ස්වාභාවය දැන ගෙන නුවණින් කරන එකයි බැලන්ස් කිරීම
මා මේ භාවිතා කරන කාම වස්තුව අස්ඨිරයි එය ඇතිවුනා වගේම නැති වෙනවා..
සතර සතිපඨ්ටානය කෙරේ සිත පිහිටුවා කටයුතු කරානම් හරි..
මම බුදු ධහමේ ගැඹුරු තැන් ගොඩක් දන්නේ නෑ දන්න දෙයින් මේ ටික කිව්වේ
 
  • Like
Reactions: nadun07

sudunone

Member
May 23, 2009
3,781
121
0
ධාතු මනසිකාරය

ධාතු මනසිකාරය කියන්නෙ ශරීරයෙ ඇති කොටස් සතර මහ ධාතූන්ට ගලපා බැලීමට.
සතර මහ ධාතු කියන්නෙ පඨවි (පොළොවට පස් වෙලා යන ස්වභාවය සහිත, තද ගතියෙන් යුතු කොටස්), ආපෝ (වැගිරෙන ස්වභාවයෙන් යුත් කොටස්), තේජෝ(උණුසුම් ස්වභාවයෙන් යුතු කොටස්) සහ වායෝ(හමා යන වායු ස්වභාවයෙන් යුත් කොටස්) යන හතරයි.

ඔය ටික දන්නවනම් ඉතුරු ටික තමුන්ට ගලපගන්න පුලුවනි.

මස්, කෙස්, නිය වගේ ඒව පඨවි.

කෙළ, ලේ, පිත, සැරව වගේ ඒව ආපෝ. (හාපෝ කියල හිතෙනව නේද?)

තේජෝ ධාතුව බුදු රජාණන් වහන්සෙ ලස්සනට පැහැදිලි කරනව, ශරීරයේ ක්‍රියාකාරිත්වයත් අඩංගු වෙන පරිදි: යම් උණුසුමකින් තමා දවයිද, යම් උණුසුමකින් දිරීමට පත් කරවයිද, යම් උණුසුමකින් තමා අනුභව කළ, රස විඳි, පානය කළ දේ මනාකොට දිරවා දමයිද, මෙවැනි වෙනත් යම්කිසි උණුසුම් සහගත කිසිවක් තමාගෙ සිරුරේ වේද, එය තේජෝ ධාතුවයි.

(මට හිතෙන්නෙ වර්තමානයේ 'ශක්ති' කියන සංකල්පයට අයත් දෙයක් කියල මේ තේජෝ ධාතුව)

මුඛයෙන් පිටවන, අධෝ මාර්ගයෙන් පිටවන, කුසෙහි පිරී ඇති, අවයව පුරා දිවෙන, ආශ්වාස-ප්‍රශ්වාස කරන, මෙවැනි වෙනත් වායුවක් ඇත්ද, එය වායො ධාතුවයි.

මේවත් තමන්ගෙයි කියල හිතන කයෙත්, අනුන්ගෙ කියල හිතෙන කයෙත් ඇති පරිදි විමසලා බලන්න කියනව. එහෙම බලල ඇත්ත ඇති පරිදි අවබෝධ කර ගත්තම දුකෙන් මිදෙන්න මග පෑදෙනවා.
 
nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
කොහේවත් බුදු හාමුදුරුවෝ ගිහියන්ට love/sex එපා කියලා නෑ..සෝවාන් වෙච්ච විශාකාව ගිහිගෙයි ඉදල ළමයිනුත් හැදුවා
ඒ වයේ තියන ඇත්ත ස්වාභාවය දැන ගෙන නුවණින් කරන එකයි බැලන්ස් කිරීම
මා මේ භාවිතා කරන කාම වස්තුව අස්ඨිරයි එය ඇතිවුනා වගේම නැති වෙනවා..
සතර සතිපඨ්ටානය කෙරේ සිත පිහිටුවා කටයුතු කරානම් හරි..
මම බුදු ධහමේ ගැඹුරු තැන් ගොඩක් දන්නේ නෑ දන්න දෙයින් මේ ටික කිව්වේ

අපොයි නැහැ. මේව ගිහි ජීවිතේට හොඳට සම්බන්ධ කර ගන්න පුළුවන්. ඒ කාලෙ සෝවාන් වෙලා හිටපු විශාකලා උනත් ආභරණ පැලඳගෙන, දරු මල්ලො හදාගෙන ගිහි ජීවිත ගත කල අයනෙ. අපිත් මේ දේවල් ගැන අවබෝධයක් ලබා ගන්නයි ඕනෙ. මේ අවබෝධය තියෙනවනම්, ගිහි ජීවිතේදි අපට ඇති වෙන ගැටීම් අඩු කර ගන්න පුලුවන්. උදාහරනයක් විදිහට, මෝස්තර නිරූපිකාවක්, නිළියක් දැකල, 'අනේ හරී ලස්සන එක්කෙනෙක්; අපේ ගෙදර ගෑනි වැඳිරියක් වගේනෙ' කියල හිතල පවුල කඩා ගන්නවට වඩා, 'මෙයාගෙ ඇඟෙත් තියෙන්නෙ අපේ නෝනගෙ ඇඟේ තියෙන අසූචිම තමයි' කියල හිත හදා ගන්න පුලුවන්නෙ. :rofl:

අනික් දේ තමයි දකින දකින දේ පස්සෙ නොදුවා අල්පේච්ඡ ජීවිතයකට හුරු වීමට රුකුලක් ලැබීම. ඒක ආර්ථිකයටත් පහසුවක්.

අපි හැමෝම ලෙඩ වෙනවා; වයසට යනවා. එහෙම නැත්නම් රෝගී වෙලා, එක්තැන් වෙලා, මළමූත්‍ර ගොඩේම සිටින වයසක දෙමවුපියන් රැක බලා ගන්න සිද්ධ වෙනවා. එහෙම වෙලාවට අමුතු පිළිකුලක්, දුකක් ඇති වීම වළකිනවා සිරුරේ මේ යථාර්තය අපි අවබෝධ කරගෙන ඉන්නවනම්.

:D mata me gana thibba prashna okkotama wage uththara labuna.. godak pin :D
mama kisima deyak hoyanne balanne nathuwa ekawara piliganna kamathi na.. ekai prashna kale..
dan pahadili... kastiyatama thnxx :)
ela eluwa tath podak pin post ekata.. (kalin reps deela thiyena nisa nt allowed to giv again lu.. :baffled:)
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
:D mata me gana thibba prashna okkotama wage uththara labuna.. godak pin :D
mama kisima deyak hoyanne balanne nathuwa ekawara piliganna kamathi na.. ekai prashna kale..
dan pahadili... kastiyatama thnxx :)
ela eluwa tath podak pin post ekata.. (kalin reps deela thiyena nisa nt allowed to giv again lu.. :baffled:)

you are welcome bro:D
 
එළ.
කිසිම දෙයක් කවුරුත් කිව්ව පළියට පිළි ගන්නෙ නැතුව හොයල බලන එක බොහොම හොඳ ගතිගුණයක්. යථාර්තය දකින්න පුලුවන් වෙන්නෙ එහෙම නුවණින් විමසන කෙනාට තමයි.
ධර්මය ගැන අවබෝධ කර ගන්න කියන්නෙම තමන් තුලට පමුණුවාගෙන, තමන් තුළින් බලලා. (ඕපනයික)
 
:yes::D