අනේ මහින්ද මහත්තයෝ, කොච්චර හොඳට ඉන්න තිබුනද? අපි හැමෝගෙම සහයෝගය ඔහෙට 2009දී තිබුන. ඒ වගේ සහයෝගයක් අවුරුදු 5න් නැති කරගන්න ඒක ලේසි නෑ. ඒත් ඔහේ විශේෂ ප්‍රයත්නයක් දරල ඒක කළා විතරක් නෙමේ, පැරදිලා ගෙදර ගිය එකම ජනපති හැටියට වාර්තාවකුත් තිබ්බ.
රටේ මිනිස්සුන්ට කරපු අපරාධ වලට දිට්ඨධම්මවේදනීය කර්ම පලදීම තමයි මේ. දැන්වත් පරණ මිනිහා වෙන්න බලන්න. ජාතිවාදෙ ආයි වපුරන්න එපා. 1983නේ ඔහෙත් හිටය නේද? මමත් හිටිය. පොඩි වුනත් මට තාම මතකයි. ඒවා නොදන්න උන්ව නිකන් අවුළුවන්න එපා.