Seven shot and 80 injured in Aluthgama and Beruwala tensions

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113



    බේරුවල හා අලුත්ගම ප්‍රදේශවල ඊයේ පස්වරුවේ ඇතිවූ නොසන්සුන් තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් 80 දෙනෙකු පමණ කළුතර මූලික රෝහල, බේරුවල දිසා රෝහල හා දර්ගා නගරය රජයේ රෝහලේ සහ අලුත්ගම ග්‍රාමීය රෝහලේ ප්‍රතිකාර ලබති.

    වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 7 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 36 දෙනෙකු කළුතර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව එහි ප්‍රකාශිකාවක පැවසුවාය.‍

    බේරුවල දිසා රෝහලට පොලිස් නිලධාරියෙකු ද ඇතුළුව 7 දෙනෙකු ඇතුළත් කෙරිණ.

    දර්ගා නගර‍ය රජයේ රෝහලේ මේ වනවිට පුද්ගලයින් දෙදෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බව එහි ප්‍රකාශිකාවක පැවසුවාය.

    අළුත්ගම ග්‍රාමීය රෝහලට විශේෂ කාර්ය බලකා සාමාජිකයෙකු ඇතුළුව 10 දෙනෙකු ඇතුළත් කෙරුණු අතර ඉන් 8 දෙනෙකු කළුතර මූලික රෝහලට මාරු කර යවා තිබේ.

    දෙදෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගිය බව රෝහල් ප්‍රකාශිකාවක සඳහන් කළා ය.




    Aluthgama-town1.jpg