diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    150401-funny-cartoon.jpg

    කලිං වෘෂණ ගැන කිව්වනේ.දැං වෘෂණ ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාව දළ වශයෙන් කියන්ඩයි හදන්නේ.

    දන්නවනේ වෘෂණ ඇතුලේ ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ ශුක්‍රාණු ජනනය වෙන එකනේ.එයිට අමතරව ටෙස්ටොස්ටෙරොන් කියන පුරුෂ හෝමෝනය හදන්නත් ප්‍රධාන වශයෙන් වෘෂණ දායක වෙනවා.මේ කියන ටෙස්ටොස්ටෙරොන් හැදෙන්නේ වෘෂණවල තියෙන 'ලේඩිග් සෛල' කියන සෛල ඇතුලේ.කලිං කිව්වනේ වෘෂණ ඇතුලේ තියෙන්නේ නාල ගොඩක් එහෙම නැත්තං බට පද්ධතියක් කියලා.මේ බට අතරේ (ඇතුලේ නෙමෙයි ) තමයි ලේඩිග් සෛල තියෙන්නේ.එතකොට බට ඇතුලේ සෛල ජාති දෙකක් තියෙනවා.එක ජාතියක් බෙදිලා බෙදිලා තමයි ශුක්‍රාණු හැදෙන්නේ.අනිත් සෛල ජාතිය තමයි "ස'ටොලී සෛල" කියන්නේ.එයාලගේ කර්තව්‍යය තමයි ශුක්‍රාණු හදන එකට උදව් කරන එක.එයිට අමතරව මෙයාලා බට පද්ධතිය ඇතුලට දියරයක් ශ්‍රාවය කරනවා.ඒ දියරයත් එක්ක වෘෂණ ඇතුලේ හැදෙන ශුක්‍රාණු වෘෂණවලින් පිටතට එනවා.

    hd2fig3.jpg

    ටෙස්ටොස්ටෙරොන් හෝමෝනය පුරුෂයින්ගේ ලිංගික අවයව හදන්ඩ, පුරුෂ ගතිලක්ෂණ පවත්වගෙන යන්ඩ වගේම ලිංගික ආශාව ඇති කරන්ඩත් දායක වෙනවා.ඒක හින්දා එක එක අවශ්‍යතාවලදි සමහරුන්ගේ වෘෂණ ඉවත් කරනවා.සමහරු අධික ලිංගික ආශාව හින්දා ස්ත්‍රී දූෂකයෙක් උනොත් දඬුවමක් විදිහට වෘෂණවල ක්‍රියාකාරීත්වය නැති කරන්ඩ දකුණු කොරියාව වගේ සමහර රටවල් ක්‍රියා කරනවා.ඒ වගේම හරක්, බල්ලෝ වගේ සත්තුංගේ ප්‍රජනන හැකියාව නැති කරන්ඩත් මේ විදිහට වෘෂණ විනාශ කරලා දානවා.ඒ දවස්වල හරක්ව වඳ කරන මේ ක්‍රියාවට කිව්වේ 'කර අඹනවා' කියලා.ඒක කලේ පොලු දෙකක් අරගෙන හරකගෙ වෘෂණ දෙක මේ පොලු දෙක මැද්දට තියලා අඹරණ එකලු.හිතනකොටත් යටිබඩ කොර වෙලා යනවා.



    වෘෂණ කෝෂය

    වෘෂණ කෝෂය කියන්නේ ශරීරයෙන් පිටතට එල්ලී ඇති සමෙන් සෑදුනු මල්ලක් වගේ ව්‍යුහයක්.මේකේ එක එක වෘෂණය සඳහා වෙන වෙනම කොටස් දෙකක් තියෙනවා.ඒ කියන්නේ එළියෙන් පේන්නේ එකක් වගේ උනාට ඇතුලෙන් වෘෂණ දෙක වෙන් කරමින් බිත්තියක් තියෙනවා.ඒක හින්දා වෘෂණ දෙක පැත්ත මාරුවෙයි කියලාවත් දෙක පැටලෙයි කියලාවත් බය වෙන්ඩ ඕනෙ නෑ.වෘෂණ කෝෂයේ කාර්යය වෙන්නේ ශුක්‍රාණු ජනනය සඳහා අවශ්‍ය කරන නියම උෂ්ණත්වය වෘෂණවලට ලබා දෙන එක.මේ සඳහා එහි ඇති දහදිය ග්‍රන්ථිත් දායක වෙනවා.

    අපිවෘෂණ

    අපිවෘෂණ කියන්නේ එක එක වෘෂණයක ඒවා මත පිහිටලා තියෙන පුංචි පණුවෙක් වගේ ව්‍යුහයක්.මෙයත් නාළ පද්ධතියක්ම තමයි.ඒත් මෙයා වෘෂණයෙන් පිට වෙන නාළ ටික එකට එකතු කරලා තනි බටයක් බවට (ශුක්‍ර නාළය බවට ) පත් කරන්ඩ දායක වෙනවා.ඒ වගේම වෘෂණයෙන් පිට වෙන ශුක්‍රාණු පරිණත වෙන්නෙත් අපිවෘෂණයේදි තමයි.

    ශුක්‍ර නාළ

    එක එක වෘෂණයේ හැදෙන ශුක්‍රාණු ශිෂ්ණය කරා ගේන්ඩ දෙපැත්තේ තියෙන බට දෙක තමයි ශුක්‍ර නාළ කියන්නේ.වෘෂණ තියෙන්නේ ඇඟෙන් එළියෙනේ.ඒත් හැදුනේ ඇඟ ඇතුලේ හින්දා වෘෂණ එළියට ආවට ශුක්‍රානු ගෙනියන බට ලයින් එක යන්නේ වෘෂණවල ඉඳං ආයෙත් ඇඟ ඇතුලට.ශ්‍රෝණිය ඇතුලේ මුත්‍රාශයට දෙපැත්තෙන් ගිහිල්ලා මේ ශුක්‍ර නාළ දෙක පුරස්ථිති ග්‍රන්ථිය ඇතුලෙදි මුත්‍ර මාර්ගයට එකතු වෙනවා.

    Untitled-1.jpg

    පුරස්ථිති ග්‍රන්ථිය

    පුරස්ථිති ග්‍රන්ථිය කියන්නේ ලෙල්ල ඉවත් කරපු පුවක් ගෙඩියක් වගේ ව්‍යුහයක්.මේක මැද්දෙං තමයි මුත්‍රාශයේ ඉඳං 'මුත්‍ර මාර්ගය' ඒ කියන්නේ 'මුත්‍ර වාහිනිය' ගමන් කරන්නේ.ඒ යන අතර මැදදි මුත්‍ර මාර්ගයට ශුක්‍ර නාළ වගේම ශුක්‍ර ආශයිකා දෙකත් විවෘත වෙනවා.මේ පුරස්ථිති ග්‍රන්ථිය ටිකක් දැඩි ව්‍යුහයක්.ඒ හින්දා මිනිහෙක් මැරිලා අඳුණ ගන්ඩ බැරි වෙන තරමට කුණු උනත් මේ පුරස්ථිති ග්‍රන්ථිය ටිකක් කල් යනකං නරක් නොවී තියෙනවලු.ඒක හින්දා ඔය නරක් වෙච්ච මිනී එහෙම හම්බ උනාම ගෑනුද පිරිමිද කියලා අඳුර ගන්ඩ මේ පුරස්ථිති ග්‍රන්ථිය උදව් වෙනවා.

    පුරස්ථිති ග්‍රන්ථියේ කාර්යය වෙන්නේ ශුක්‍ර තරලය හදන්ඩ දායක වෙන එක.වෘෂණවල හැදිච්ච ශුක්‍රාණු පිට වෙන්නේ තරලයක් විදිහටනේ ඉතිං මේ තරලයට ශ්ලේශ්මලය යම් ප්‍රමාණයක් එකතු කරන්නේ පුරස්ථිති ග්‍රන්ථිය.ශ්ලේශ්මලය කියන්නේ නිකං සෙම වගේ ජල්ලිමය තරලයකට.ඊට අමතරව ශුක්‍ර තරලය භාශ්මික කරන්ඩත් පුරස්ථිති ග්‍රන්ථියේ ශ්‍රාවයන් දායක වෙනවා.ශුක්‍රාණුවලට ආම්ලික මාධ්‍යවල පවතින්න බෑ.ස්ත්‍රී යෝනිය ආම්ලිකයිනේ (දන්නැති අයට- ආම්ලිකයි ඈ..). ඉතිං මේ ස්ත්‍රී යෝනියේ ආම්ලික බව උදාසීන කරන්ඩ ශුක්‍ර තරලයේ භාෂ්මික බව වැදගත් වෙනවා.

    ඒ වගේම කියන්ඩ ඕනේ මේ පුරස්ථිති ග්‍රන්ථිය ස්ත්‍රීන්ගේ යෝනි මාර්ගයේ ඇතුල් බිත්තියේ තියෙන 'G ස්පොට්' කියන අධි සංවේදී ස්ථානයට සමාන පුරුෂ ප්‍රථිරූපකයලු.ඒ කියන්නේ ඒ වෙනුවට පිරිමින්ට තියෙන එකලු.ඒ නිසා මේ පුරස්ථිති ග්‍රන්ථිය උත්තේජනය කිරීමෙනුත් ලිංගික තෘප්තිය ලබාගන්ඩ පුලුවං කියලයි කියන්නේ.ගුද මාර්ගයට ඇඟිල්ල දාලා එහි ඉදිරි බිත්තිය හරහා පුරස්ථිති ග්‍රන්ථිය තියෙනවා අල්ලලා බලන්ඩ පුළුවං.සමහර රෝගී තත්ත්වවලදී පුරස්ථිති ග්‍රන්ථිය ලොකු වෙලාද බලන්ඩ ගුද මාර්ගයට ඇඟිල්ල දාලා බලන්ඩ සිද්ද වෙනවා.සමලිංගිකයින් ගුද රමණය හෙවත් ශිෂ්ණය ගුද මාර්ගයට ඇතුළු කිරීමේ සංසර්ගීය ක්‍රියාව කරන්නේ මේ පුරස්ථිති ග්‍රන්ථිය උත්තේජනය කරන්ඩ කියලා තමයි කියන්නේ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    ඒ දවස්වල හරක්ව වඳ කරන මේ ක්‍රියාවට කිව්වේ 'කර අඹනවා' කියලා.ඒක කලේ පොලු දෙකක් අරගෙන හරකගෙ වෘෂණ දෙක මේ පොලු දෙක මැද්දට තියලා අඹරණ එකලු.හිතනකොටත් යටිබඩ කොර වෙලා යනවා

    මෙහෙම නෙමයි යකෝ ඒක කරන්නේ. දැකලා ඇති නේ හරක්ගේ ඕක පොඩි නූලක් වගේ හම් කෑල්ලකින් එල්ලිලා නේ තියෙන්නේ. අන්න ඒ නූල වගේ එක තමයි ලී දෙකක් අතරට තියලා තදකරන්නේ එතකොට ඒකේ තියන රුධිර නාල විනාශ කරන එක තමයි අරමුණ. (දැන් ඕකට ගිරයක් වගේ ඩිවයිස් එකක්ම තියනවා) අරක එහෙම තදකරොත් වෙන කම්පනේට හාට් එක නතරවෙන්න උනත් පුලුවන් (සතෙක්ගේ හෝ මිනිහෙක්ගේ)