Sex Education නැතිකම නිසා වෙන දේවල්
කුඩා දැරියන් අපචාරයට ලක්වීම පිලිබදව පුවත් දිනෙන් දින අසන්නට වන අතර එවැනි අති සංවේදී පුවතක් හලාවතින්ද වාර්තා උනා.
13 හැවිරිදි පාසැල් සිසුවියක් මෙලෙස දීර්ඝ කාලයක් තිස්සේ තම සොහොයුරා අතින් අතවරයට පත්ව ඇති අතර ඒ නිසා ඇය ගැබ් ගැනීමටද ලක්ව තිබුනා.
පසුව සිද්ධිය සම්බන්ධව දැරිය ප්‍රකාශයක් ලබා දී තිබුනේ මෙලෙසයි.
“මම හලාවත පාසලක ඉගන ගන්නවා. මට අවුරුදු 12යි. ගිය අවුරුද්දේ දවසක් මම පාසල ඇරිලා සවස ගෙදර ආවා. මම පාසල් ඇඳුම් මාරු කරලා කෑම කාලා ටීවී බැලුවා. එතකොටම ලොකු අයියත් පාසල් ඇරිලා ගෙදර ආවා. ගෙදර කවුරුත් සිටියේ නැ. එයා මට ඇඳට කතා කළා. මම අකැමැති වුණා. ඒත් මට අයියගෙන් බේරෙන්න හම්බ වුණේ නෑ. එදා ඉඳලා මේ වෙනකන් අපි ගෙදර අයට හොරෙන් වරින් වර එකතු වුණා. අම්මට මේ සිද්ධිය කියන්න බය හිතුණා. මගේ බඩ දවසක් හොඳටම කොරවෙන්න ගත්තා. හොඳටම අමාරු වුණ නිසා අම්මලා මාව හලාවත ඉස්පිරිතාලෙට එක්කගෙන ආවා. මට දොස්තර මහත්වරු බේත් කළත් මම මොනවත් දැක්කේ නෑ.”
සිද්ධිය පිලිබදව දැරියගේ මව පවසා තිබුනේ මෙවැන්නක්.
‘‘ දරුවන් පිළිබඳව අපට කිසිම සැකයක් හිතුණේ නෑ. අපිට ජීවත් වෙන්න ක්‍රමයක් තිබුණේ නැති නිසා කුලී වැඩට ගියා. මෙයාලා සහෝදරයෝ නිසා දාලා ගියේ. ඒත් මෙවැනි අපරාධයක් ගැන හීනයකින්වත් හිතුවේ නෑ. අපට සමාජයට මුහුණ දෙන්න බෑ. දැන් අපිටත් වහ ටිකක් කන්න හිතිලා තියෙන්නේ ”
දැරිය බිහිකල දරුවා බපදෙනවිටත් මියගොස් සිට ඇති අතර වෛද්‍ය වාර්තාව සහ සාක්ෂි සැලකිල්ලට ගත් හලාවත හදිසි මරණ පරීක්ෂකවරයා මෙම සිදු වී ඇති මරණය බාලවයස්කාර දැරියකගේ කුස තුළ කලලයක් අසම්පූර්ණව වැඩීමත් ආරක්ෂා නොවීමත් හේතුවෙන් සිදුවී ඇති මරණයක් බවට තීරණය කළා.
සමාජය තුල අනුමත කළ නොහැකි මෙවන් අපරාධවලට මවුපියන් වැඩිහිටියන් හා ගුරුවරුනුත් නව අධ්‍යාපන ක්‍රමයත් වගකිය යුතු බවත් විශේෂයෙන් නවීන තාක්ෂණික මෙවලම් පරිහරණයේදී තවමත් අපේ රටේ ක්‍රමවේදයක් හෝ නීති පද්ධතියක් නොමැති වීමත් මෙවැනි අපරාධවලට ප්‍රධාන හේතු කාරක වන බව පැවසු මරණ පරීක්ෂකවරයා අනිවාර්යයෙන් දරුවන්ගේ විෂය නිර්දේශයට ලිංගික අධ්‍යාපනය ඇතුළත් කිරීමේ කාලය පැමින ඇති බව ප්‍රකාශ කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධව අදාල බාලවයස්කාර සිසුවා පොලසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුනා.