SEX KILLERS

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    අපේ රටේ අපරාධ ප්‍රවණතාවය විමසා බලන අයෙකුට පෙනෙන පැහැදිලි සාධකයක් වන්නේ කාම අපරාධ (SEX CRIME) ලංකාවේ අපරාධ දිශානතියෙහි සැළකිය යුතු ප්‍රමාණයකින් දිනපතා ඉහළ යමින් තිබෙන වගය.
    කාම අපරාධ පිළිබඳව ලොව කුමන රටක වුවත් දැකගත හැකිවන්නේ ඉහළ අගයකි. මෙලෙස කාම අපරාධකරුවන්ගේ වර්ධනයට හේතු කවරේද? ඔවුන් සමාජය තුළ බිහිවන්නේ කිනම් හේතුසාධක නිසාද යන්න ගැඹුරින් විමසිය යුතු පැනයකි.
    ලෝක අපරාධ ඉතිහාසයේ නම් දැරූ තැනත්තන්ගේ පැටිකිරිය විමසා බලන්නෙකුට පැහැදිලිවම පෙනෙන කරුණක් වන්නේ ලිංගික වැරැදි සම්බන්ධයෙන් නම් දරාපු තැනත්තන් ද ඒ අතර සිටින වගය. ලිංගික අතවරකොට තරුණියන්, කාන්තාවන් හා දරුවන් මරා දැමූ මිනීමරුවන් (SEX KILLERS) ඒ අතරින් ද බහුතරයක් දැකගත හැකිය.
    JACK THE RIPPER, NEVILLE HEATH , ඇමෙරිකාව ම එක්තරා කාලයක භීතියෙන් මුසපත් කළ Francis Peter Manual ඒ අතරින් මුල්පෙලේ සිටිති. එහෙත් යුරෝපා මාධ්‍ය ලෝකයම භීතියට පත්කළ Peter Kurtz ඒ අතරින් ද කැපීපෙනේ. තමන්ට ගොදුරුවන අහිංසක තරුණියන්, කාන්තාවන් ගේ උදරයට පිහියෙන් ඇණ මරා දැමීම හෝ ඔවුන්ගේ ගෙල සිඳ මරණයට පත්කිරීම ඔහුගේ සන්තෘප්තියේ උපරිමය විය.
    මෙබඳු සාහසිකයකු සිවිල් සමාජයක ජනිතවන්නේ ඇයි? ඒ සඳහා බලපෑම් කරන්නාවූ තත්ත්වයන් පිළිබඳව අදටත් කතාබහ පවතී. යමෙකුට තමන්ගේ ලිංගික රුචිකත්වය ලබාගැනීම සඳහා ස්ත්‍රියක මරාදැමීමට හැකිනම් ඔහු අසාමාන්‍ය චර්යාවක් සහිත තැනැත්තෙකු බවට (ABNORMAL) හඳුනාගැනීම පොදු මතයයි. එහෙත් බොහෝ මනෝවිද්‍යාඥයින් පිළිගන්නා පොදු මතය වී ඇත්තේ මෙබඳු තැනැත්තන් අධි ලිංගික ක්‍රියාකාරීත්වයකට (OVER SEXED) තම ලිංගික සහජාශයන් කැඳවාගත් අය බවය. එසේම ඔවුන්ට සමාජයේ සාමාන්‍ය තැනැත්තන් ලිංගික සතුට ලබාගන්නා ආකාරයට තෘප්තිමත් වීමට නොහැකියාවක් ද පවතී.
    ඇමෙරිකා එක්සත් ජනපදයේ කාන්තාවන් 100,000ක් පමණ වර්ෂයකට ස්ත්‍රී දුෂණයට ගොදුරුවන බව ඇස්තමේන්තු ගතවන අතර කාන්තාවන් දහසකට එක් කාන්තාවක් මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරුවෙයි. බොහෝ සමාජ විද්‍යාඥයන් එකඟ වන පොදු මතයක් වන්නේ ස්ත්‍රී දූෂකයන් ස්වභාවයෙන්ම ප්‍රචණ්ඩකාරීන් නොවන වගත්, ඔවුන් ප්‍රචණ්ඩකාරීත්වයට ගොදුරුවන්නේ උද්ගතවන සිද්ධිදාමයන් සමඟ බවය.
    ලිංගික වැරැදි සඳහා බන්ධනාගාරගත වූ අපරාධකරුවන් පිළිබඳ අපූරු කෘතියක් සම්පාදනය කළ ටෝනි පාර්කර් එම කෘතිය THE Twisting Lane නමින් සිය රසිකයන්ට ඉදිරිපත් කළේය.
    ඔහු මේ කෘතියේ දී තමන් විශ්ලේෂණය කළ සිද්ධිවල අපූරු ස්ත්‍රී දූෂකයෙකු පිළිබඳ විස්තර කරයි. මේ දූෂකයා වන්නේ Andrew Brown නම් කසළ ශෝධකයෙකි.
    ඔහු මීට පෙරාතුව කිසිම වරදකට දඬුවම් ලබා නොතිබූ අයෙකු විය. එහෙත් 1960 වසරේ ඔහු ස්ත්‍රී දූෂණ 10 කට වරදකරු වන්නේ කිසිවෙකුට හෝ සිතාගන්නට නොහැකි වන ලෙසටය. මේ සියල්ලම සිදු වන්නේ 1960 මාර්තු මාසයේ ය. ඔහුට ගොදුරු වූ තැනැත්තියන් සියලුදෙනාම ඔහුගේ නිවසේ සිට සැතපුම් දොළහක වපසරියක් තුළ ජීවත් වූ අයවීම අනෙක් විශේෂත්වයයි. ටෝනි පාර්කර් ඔහුට ගොදුරුවූ යුවතියක් පිළිබඳව අපූරු කතාවක් විස්තර කර තිබේ.
    එක් උදෑසනක ඔහු එක් සුවිසල් නිවහනක කසළ එකතුකරන්නට ගියේය. ඉදිරිපස ගේට්ටුව වසා තිබු ණු නිසා සීනුව නාද කළ විට ගේට්ටුව විවර කළේ රූමත් කාන්තාවකි. ඔහු ඇගෙන් ප්‍රශ්න කිහිපයක් විමසුවේය. මේ ආගන්තුකයාගේ ප්‍රශ්නවලින් බොහෝ තැති ගැනුණු ඇය ඉක්මනින් ම ගේ තුළට ඇතුළු වී දොර වසා ගත්තාය. එහෙත් ඔහු ඇයට හොරා නිවසේ පිටුපසින් ඇය හුන් කාමරයට ඇතුළුවිය.
    “අනේ මට හිරිහැරයක් කරන්නට එපා. මං උඹට ඕනතරම් රත්තරන්, මාල දියමන්ති දෙන්නම්” ඇය ඔහු ඉදිරියේ හඬා වැටුණාය. මේ හැඩි දැඩියා යමකට සැරසෙනු දුටු ඇය “උඹ මාව විනාශකරන්නද හදන්නේ” ඔහුගෙන් විමසුවාය.
    “මට මොනව වෙලාද කියල මටම හිතාගන්න බැහැ. මටම තේරෙන්නෙත් නැහැ...” ඔහු කීවේය. හරියටම විනාඩි දහයකට පසුව මේ කාන්තාවට අතවර කළ ඔහු නිවසේ පෑළ දොරින්ම යළිත් දිවගියේය.
    දින කිහිපයකට පසුව තම මිතුරන් සමඟ මධුවිත තොලගාමින් හුන් ඔහු තමන්ගේ කියුම් කෙරුම් ගැන පුරසාරම් දොඩමින් සිටියදී ඔහුගේම මිතුරෙකු ඔහු පිළිබඳව පොලිසියට ඔත්තුව දුන් නිසා ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසියට වැඩි අපහසුවක් වූයේ නැත.
    මෙබඳු සාහසික ලිංගික අපරාධකරුවන් පිළිබඳව ලොව ඉතාම සම්භාව්‍ය කෘතියක් ලෙස පිළිගැනෙන THE SEXUALL CRIMINAL කෘතිය රචනා කළ Paul DE RIVER තමන්ගේ කෘතියේ එක්තරා ලිංගික අපරාධකරුවකුගේ චර්යාව විස්තර කරයි.
    “මම යන්නේ ආසවල්වලට ගැළපෙන තැනැත්තියන් සොයාගෙනයි. රාත්‍රියේ නිවාස අයිනේ ඉඳගෙන මම කාමරවල ඉන්නේ කවුද කියල හොඳට හොයලා බලනවා. ලයිට් එළියට ගෙවල් ඇතුළත් සමහර වෙලාවට හොඳට පේනවා.
    ඉන් පස්සෙ මම ඇය ඉන්න තැනට ළඟාවෙලා උල් පිහියක් ඇගේ ගෙලට තියලා කෑගැහුවොත් මරනවා කියල කියනවා. ඉන් පස්සේ ගොඩාක් වෙලාවට ඇය මට අවනත වෙනවා” යනුවෙනි.
    තවත් අපරාධකරුවෙකු තම අපරාධකාරිත්වය විග්‍රහ කරනුයේ මෙසේය.
    මට ගොදුරුවෙන තැනත්තියන්ට ආදරය කරන්නටත්, සෙනෙහස දක්වන්නටත් මම පුරුදු වුණා. මට හිතුණා ඒ
    ඒක කොයිතරම් සුන්දර දෙයක්ද කියලා.”
    මෙබදු වාර්තා ලොව ඕනෑම රටකින් සොයා ගතහැකි වුවද ලිංගික වැරැදි සහ බියජනක කාම අපරාධ පිළිබඳ බිහිසුණුම සිදුවීම වාර්තා වන්නේ අමුතුම තලයේ සිදුවීමක් ආශි‍්‍රතවය.
    ඔහුගේ නම DEAN CAORLL ය. ඔහු වඩාත්ම පි‍්‍රයකළේ තමන්ට වඩා බාල තරුණයන්, පිරිමින් සමඟින් ඇසුරක් පවත්වාගෙන යාමටය. යහමින් මිල මුදල් අතැතිව හුන් ඔහු මේ චර්යාවට ඇබ්බැහි වූ අයෙකු විය. ඒ නිසාම මෙබඳු චර්යාවකට යොමුවීමට ඔහුට එතරම් අසීරුවූවක් ද නොවීය. වයස 33ක් වූ මේ කාම අපරාධකරුගේ මනෝ විකාරය කොතරම් ද යත් ඔහු තමන්ගේ සහකරු සමඟ සබඳතා පවත්වා ඔහුව මරා දැමීම පුරුද්දක්කර ගත්තේය. මෙලෙස ඔහු විසින් මරා දමනු ලැබූ තම සහකරුවන්ගේ සංඛ්‍යාව 30 කට ආසන්න විය.
    ඔහු තම ගොදුරු ඩැහැගත්තේ අරුමපුදුම ආකාරයටය. තමන්ගේ ගොදුරු ලෙස තෝරාගන්නා සහකරුවන් සඳහා ඔහු තම නිවසේ අතපය දිගහැර වියදම් කොට සාදයක් පිළියෙළ කළේය.
    ඔවුන්ට කන්නට බොන්නට දී ඉන්පසුව මත්ද්‍රව්‍යවලින් ද ඔවුන්ව සන්තර්පණය කළ ඔහු තම නිත්‍ය ගොදුර බවට පත් වූ තැනැත්තාව තම නිවසේ රහසිගත කඳවුරකට රැගෙන ගොස් ඔහු සමඟ ල හැසිරී ඔහුව බොහෝ වධබන්ධනවලට ලක් කොට මරාදමන ලදී. මෙලෙස තෝරාගන්නා තැනැත්තන්ට වද දෙන්නට මැ සකස්කළ වද බන්ධන ලෑල්ලක් (TORTURE BOARD) ද ඔහුගේ රහසිගත කඳවුරු කාමරය තුළ තැන්පත් කොට තිබිණි.
    ඔහුගේ ඇමට හසුවූ තරුණයෙකුට වින කටින්නට ඔහු ගිය මොහොතේ ඔහුව තල්ලුකොට ඉවතට දිවගිය තරුණයා කෙලින්ම දිවගියේ පොලිසියටය. දීර්ඝ විමර්ශනයකින් පසුව කළ හෙළිදරව් කිරීම්වලින් හෙළිදරව් වූ මිනීමැරුම් 30කට වරදකරු වූ හෙතෙම ජීවිතාන්තය දක්වා සිරගත කෙරිණි.
    (CRIME & CRIMINALS කෘතිය ඇසුරෙනි)