ඕක සාමන්‍ය තත්වයක් බන්. අපිටත් ඔය වැඩේ වුනා. වයිෆ්ගේ අක්ක කෙනෙක් ඉන්නවා ඩොක්ටර් කෙනෙක්. එයාගෙන් අහුවහම කියලා තිබ්බා ඕක සාමාන්‍ය තත්වයක් කියලා. හේතුව සමහර අයගේ කන්‍යා පටලය එක ලින්ගික එක්වීමකින් සම්පූර්නයෙන් කැඩිලා යන්නේ නෑ. කිහිප වාරයක් කරද්දී තමයි කැඩෙන්නේ. සමහර අයගේ කන්‍යා පටලය ටිකක් ඝනට පිහිටලා තියෙනවා. ඒකයි හේතුව. එතකොට ලිංගිකව එක්වෙන මුල් වාර කිහිපය තුලම ලේ පිට වෙනවා. ඒත් මහගොඩක් නෙමෙයි. කොහොමත් මුල් වාර කීපයෙන් පස්සේ ඕක හරියනවා. බය වෙන්න එපා.