ඒ නිසයි මා සරත් ෆොන්සේකා මහතා දේශපාලන සිරකරුවෙක් වශයෙන් හදුන්වන්නේ. මක්නිසාද යත් අපේ නීති පද්ධතියට අනුව නෙවෙයි ඒ අත්අඩංගුවට ගැනීම සිදුවී තිබෙන්නේ. මේ නීතිය අපේ ව්‍යවස්ථාවට සීමා වූවක් නොවෙයි. ඒකයි මම මේවගේ ජාත්‍යන්රව අත්සන් තබන අන්තර්ජාල පෙත්සමකට එකඟ වුනේ. මේක ජාත්‍යන්තර නීතියේ උතුම් දෙයක්. අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 1948 දෙවන ලෝක යුද්දය අවසන් වීමෙන් පසුව මුලින්ම අනුමත කර ගත්තේ මානව හිමිකම් විශ්ව ප්රකාශනය. ඒ විශ්වා ප්‍රකාශයේ මුලින්ම සදහන් වෙලා තිබෙනවා සෑම පුද්ගලයෙකුටම පුද්ගල ආරක්ෂාව ලැබිය යුතුය කියලා. ඒ විශ්ව ප්‍රකාශයේ 09 වෙනි වගන්තියේ සදහන් වෙනවා රටක ව්‍යවස්ථාවේ තිබෙන විධිවිධානවලට නීතියේ විධිවිධාන වලට අනුව අත්අඩංගුව ගත යුතුයි කියලා. ඒ මානව හිමිකම්විශ්ව ප්රකාශනයේ මුල් අත්සන් කරුවවෙක් තමයි ශ්‍රී ලංකාව. ආණ්ඩුවට ජාත්‍යන්තරව යුතුකමක් තියෙනවා ඒ විධිවිධානවලට අනුව කටයුතු කිරීමට.
ඉන් පසුව 1978 ශ්‍රී ලංකාව සහභාගී වූනා මානව හිමිකම් ප්‍රඥප්තියකට. දේශපාලන සහ සිවිල් ප්රඥප්තියට එහිත් 09 වෙනි වගන්තයේ මේ කරුණම සටහන් වී තිබෙනවා. ඒ නිසා මෙය ජාත්‍යන්තර නීතියයි ඒ නිසයි අපි ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරන්නේ. මෙතන උල්ලංඝණය වෙලා තියෙන්නේ ව්‍යවස්ථාවේ විධිවිධානයක් පමණක් නොවේ ජාත්‍යන්තර නීතියේ විධිවිධානයි.
මිත්‍රවරුනි , ජාත්‍යන්තර නීතිය 1948න් පටන් ගත්තක් නොවේ. බි්රතාන්යයේ මේ අයිතිවාසිකම් ආරක්ෂා වුනේ මැක්නා කර්ටා කියන ලියවිල්ලකින්. ඒ ලියවිල්ලේ උත්පත්තිය තමයි 1215. නීති පොතට ආවේ යම්තැනැත්තෙකු අත්අඩංගුව ගන්නාව නම් අයිතිවාසිකම් අහිමිකරනවා නම් එය රටේ නීතිය අනුව කළයුතුය කියලා. එබැවින් මෙය සුළු පටු දෙයක් නොවේ. මේ වෙලාවේ අපි ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ මෙතන උල්ලංඝණය වී තිබෙන්නේ රටේ නීතිය පමණක් නොවේ ජාත්‍යන්තර නීතියත් උල්ලංඝණයකර තිබෙන බව පැහැදිලිව සදහන් කළ යුතුයි.
සමහර අය කියනවා මේ යුද හමුදා නීතිය අනුව මෙය සිදුකළැයි කියා. යුද හමුදා නීතිය ජාත්‍යන්තර නීතිය ව්‍යවස්ථාව අභිබවා යන නීතියක් නෙවෙයි. එය පැහැදිලිව මතක තබා ගත යුතුයි. යුද හමුදා නීතියත් මේ ව්‍යවස්ථාවට යටත්. ජාත්‍යන්තර නීතියට යටත්. යුද හමුදා නීතිය තියෙන්නේ හමුදාවේ විනය ආරක්ෂ කර ගන්න. නොයෙක් අය අනොයෙක් දේ ගැන කියනවා නමුත් මම හිටපු අග්රවිනිශ්චකාරයවරයා ලෙස කියනවා මේ මූලික වගන්ති ලියවිලා තියෙන13 වෙනි වගන්තියේ යම් තැනැත්තෙක් නීතියට පටහැනිව අත්අඩංගුවට ගැනීම නොකළ යුතුය කියා සදහන් කර තිබෙනවා. 15 වෙනි වගන්තියේ සදහන් වෙලා තියෙනවා, මේ මූලික අයිතිවාසිකම් යුද හමුදාවේ විනය ආරක්ෂා කිරීමට සීමා කළ හැකියි කියලා. ඒක බොහොම ලස්සනට ලියලා තිබෙනවා. එහි කරුණු 03 ක් සදහන් වෙනවා. ඉන් එකක් ලෙස යුද හමුදාවේ නිලධාරීන් ඔවුන්ගේ කටයුතු යථා පරිදි ඉටුකරවා ගැනීමට හා ඔවුන් අතර විනයක් පවත්වාගෙන යාම සදහා නීතියෙන් නියම කරන ලද සීමාවන්ට යටත් විය හැකියි කියා. එතකොට යුද හමුදාවේ ඉන්න නිලධාරියෙක් ඒ තැනැත්තාගේ කටයුතු යථාපරිදි ඉටුකරවා ගැනීමට සහ ඒ තැනැත්තා යුද හමුදාවේ අනෙත් නිලධාරීන් අතර විනය පවත්වාගෙන යාම සදහා මේවා සීමා කරන්න පුළුවන් නීතියි. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මේ වන විට තරු හතේ ජෙනරාල්වරයෙක් එයා යුද හමුදාවෙන් ඉවත්වෙලා හිටියේ. ඒ නිසා මේ සීමා කිරීමට එයා යටත් වන්නේ නැහැ. එයා යුදහමුදාවේ නිලධාරීයෙක් නෙවෙයි. එයා විශ්‍රාම ගිය කෙනෙක්. ඒ නිසා මේ 15 වෙනි වගන්තිය සම්පූර්ණයෙන්ම පටලවාගෙන වටහාගෙන තිබෙන්නේ. කොන්දේසි තුනක් තිබෙනවා එතුමා යුද හමුදාවේ නිලධාරියෙක් විය යුතුයි ඒ වෙලාවේ, අනෙත් එක ඔහුගේ කාර්යය යථා පරිදි ඉටුකරවා ගැනීමට, මේ සීමා කිරීම කළ යුතුයි. වෙනත් විදියකින් කියනවා නම් යුද හමුදා නිලධාරියෙක් යුද්දයට යන්න කියා නොයා ඉන්නවා නම් ඔහු අත්අඩංගුවට ගත යුතුයි ඒ වෙලාවේ. අනෙත් එක තමයි එයාගේ විනය පවත්වාගැනීමට අවශ්‍ය නම්, මේ කොන්දේසි තුනම සපිරුණොත් තමයි ව්‍යවස්ථාවෙන් කියන්නේ මූලික අයිතිවාසිකම සීමා කළ හැකියි කියා.
ඒ නිසා මේ නීතිය බලන අය මෙය හරියට බලන්නෙ නෑ ඒක කනගාටුවක්. අපි ෆොන්සේකා මහතා වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා. ඒ පෙත්සම විභාග කිරීම දැන් කල්දාලා තිබෙනවා. මේ ඡන්දෙත් අවසන් වන තෙක් අපේ‍්‍රල් මාසේ 26 වෙනි දින දක්වා අපි කවුරුත් තර්ක කරන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය පුළුවන් මේවා කල්දාන්න. හැබැයි ව්‍යවස්ථාවේ 126 වෙනි වගන්තියේ සදහන් වෙලා තියෙනවා පැහැදිලිව මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීම පිළිබද නඩුවක් ඉදිරිපත් කළොත් ඉදිරිපත් කළ දින සිට මාස 02ක් ඇතුලත ඒක විභාග කර අවසන් කළ යුතුයි කියා. ඒවා අපි අතිනුත් කඩවෙන අවස්ථාත් තියෙනවා. නමුත් අපි වෑයමක් ගත්තා මේක අවසන් කරන්නා. නිකම්ම මාසදෙකකට එහා කල්දැම්මාම යම් කිසි තැනැත්තෙකුට ආවේගයක් ඇති වෙනවා සිතුවිල්ලක් ඇති වෙනවා, අපිට මේ රටේ යුක්තියක් තිබෙනවාද කියා. එවැනි ඛේදවාචක තත්වයක් තිබෙනවා.
අපේ රටේ දේශපාලන ඉතිහාසයේ ප්‍රථමවතාවට දේශපාන සන්ධානයක නායකයෙකු, හිටපු මන්ත්රීවරුව30 දෙනෙකකු පමණ වන සන්ධානයක නායකයෙකු තම මැතිරවරණ ව්යාපරයගෙන යන්නේ සිරමැදිරියක සිටයි. එය ප්‍රථම වතාවටයි සිදුවන්නේ. ඒ නිසා ෆොන්සේකා මැතිණියට මේ බර කරට ගැනීමට සිදුවෙනවා. එයට අප සුබ පතනවා. එසේම මීට වඩා දෙයක් අප කළ යුතු වෙනවා. අපේ මනසේ සහ හදවතේ ආලෝකයක් දල්වා ගන්න. මානව දයාව අපි පතුරවාලිය යුතුයි. අපි කරන ක්රියාවේ යම් සත්‍යයක් වේද අපි ප්‍රාර්ථනා කළ යුතුයි. අපි සියලූ දෙනාට ඔහු ලබාදුන් නිදහස එතුමන්ට ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු. ස්තුතියි