Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සෞරග්‍රහ මණ්‌ඩලයට අයත් ග්‍රහයන් අතර සෙනසුරු තරම් ප්‍රචලිත වෙනත් ග්‍රහයෙක්‌ නොමැති තරම්ය. සෙනසුරු කුසීත, කම්මැලි ග්‍රහ මණ්‌ඩලයේ යාචකයා ලෙස හැඳින්වේ. ඔහුට ඇත්තේ මහල්ලෙකුගේ ස්‌වරූපයකි. මහලු ගතිගුණවලට වඩාත් ප්‍රකට, හොඳ හෝ නරක දැනෙන්නට මෙන්ම පෙනෙන්නට දෙන ග්‍රහයා ශනිය.

    සෙනසුරු නිරාශාව කෙරේ වැඩි නැඹුරුවක්‌ ඇති ග්‍රහයෙකු බැවින් හත්වැන්නේ ප්‍රධාන නිවේදක කාරකයා වශයෙන් සැළකෙන විවාහය කෙරෙහි ධනාත්මක බලපෑමක්‌ ඇති නොකරයි. මේ නිසා සෙනසුරු 7 වැන්නේ පිහිටි ජන්මීන් විවාහය හා විවාහ ජීවිතය කෙරෙහි තදබල උනන්දුවක්‌ ඇල්මක්‌ නොපෙන්වති. එහෙත් ඔවුන්ගේ විවාහ ජීවිතය ඉතා සැලසුම් සහගත වෙයි. ඔවුන් දැඩි අධිෂ්ඨානයකින් යුතුව විවාහයේ පැවැත්ම ආරක්‌ෂා කර ගනිමින් ජීවත් වන අතර අභියෝගයන්ට මුහුණ දීමේ ශක්‌තියක්‌ද පවතී.

    කෙසේ වෙතත් කිසියම් කේන්ද්‍රයක 7 වැන්නේ සෙනසුරු බලවත්ව සිටී නම් එකී ජන්මියාට පරිස්‌සම්කාර, උෙද්‍යාaගිමත්, සකසුරුවම් සහ නිසි පිළිවෙලක්‌ සහිත සහකරුවෙක්‌ හෝ සහකාරියක්‌ ලැබීමේ භාග්‍යය හිමිවෙයි.

    එහෙත් ඔහු හෝ ඇය ප්‍රදර්ශනකාමීත්වයෙන් සපුරා බැහැර වන අතර ප්‍රේමාලිංගනයේ දී සංවේදී හැඟීම් පළ කරන්නේ ඉතා මඳ වශයෙනි. එමෙන්ම ඔවුනට විවාහය රාජකාරීමය වගකීමක්‌ වැනි වේ.

    එමෙන්ම හත්වැන්නේ සිsටින ශනි ශුභයන්ගෙන් බලවත් වේ නම් සහකරු හෝ සහකාරිය ජීවිතය ක්‍රමානුකූලව සැලසුම් කරන බුද්ධිමත් අයෙකු වනු ඇත. ගුරුගෙන් බලවත් වූ ශනි සහකරුට ධනය හා වත්කම් ලබාදෙයි. ස්‌ත්‍රී කේන්ද්‍රයක හත්වැන්නේ ශනි, රවි දෘෂ්ටිමය වශයෙන් සංයෝග වූ විට බලවත් පුරුෂයෙකු හා විවාහ වීමේ භාග්‍යය ලබයි. පුරුෂ කේන්ද්‍රයක ශනි සඳුගේ දෘෂ්ටිය සහිතව යෙදෙන සෑම අතින්ම යහපත් යෑයි සැලකෙන කාන්තාවක්‌ හා විවාහ වනු ඇත.

    සෙනසුරු හත්වැන්නේ පාප ග්‍රහයන් සමඟ සංයෝග වීමෙන් විවාහය විඳීමට නොව විඳවීමට සලස්‌වයි. ආගමික හෝ සදාචාරමය බැඳීම් ඔහු හෝ ඇය විසින් පෙරටු කරගනු ලබයි. ස්‌ත්‍රියකට වයසින් වැඩි හෝ වැන්දඹු පුරුෂයෙකු හා විවාහ වීමට සිදු වේ. පුරුෂ කේන්ද්‍රයක ශනි 7 වැන්නේ පාප පීඩිත වීමෙන් චරිත ශුද්ධියකින් යුත් සහකාරියක්‌ නොලැබෙන අතර නිතර ඒ පිළිබඳ කණස්‌සල්ලෙන් සිටීමට සිදුවනු ඇත. එමෙන්ම කාලත්‍රයා උදාසීනය. කාමාවේෂයෙන් හීනය. ධන තෘෂ්ණාවෙන් හිත භරිතය. මෙවන් අඹුසැමි යුවළකට විවාහ සතුට හා සමගිය භුක්‌ති විඳීමේ අවස්‌ථාවද විරලය. විවාහ ජීවිතය තුළ ප්‍රසන්න පිබිදුණු මානසිකත්වයක්‌ නැතත් ඔවුන් වෙන්වීම හෝ දික්‌කසාදය අපේක්‍ෂා නොකරනු ඇත.

    කෙසේ වෙතත් මකර ලග්න හිමියාගේ 7 වැන්න කටක රාශියයි. කටක රාශිය සෙනසුරුට අයහපත්ම රාශියයි. කටක රාශිගත සෙනසුරුට අඟහරුගේ දෘෂ්ටිය ලැබුණහොත් බොහෝ දුරට විවාහ ජීවිතය අසාර්ථක වෙයි.

    හත අධිපති ශනි සමඟ සංයෝග වීම ප්‍රබල ලෙස විවාහය ප්‍රමාද කරන ග්‍රහ පිහිටීමකි. කටක හා සිංහ ලග්න හැර ඉහත ග්‍රහ පිහිටීම අනෙක්‌ සෑම ලග්න හිමියෙකුටම අදාළ වේ. ශනි 7 සිටීමත්, 7 අධිපති ශනි හා සම්බන්ධ වීමත් හත්වැන්නට දෘෂ්ටි හෙළීමත් යන අවස්‌ථා තුනම විවාහය ප්‍රමාද කරන ග්‍රහ යෙදුම් වේ.

    ශනි සිකුරු සංයෝගයද විවාහය ප්‍රමාද වීමට හේතුවක්‌ වේ. ලෞකික සැප සම්පත් නිවේදනය කරන සිකුරු, දුක හා නිරාශාව නියෝජනය කරන ශනි සමඟ සංයෝග වීම හෝ දෘෂ්ටි ගත වීම විවාහයට ශුභදායක නොවේ. උදාසීන ග්‍රහයෙකු වශයෙන් ශනි හත්වැන්නේ නිවේදනය වූ විට අන්‍ය ග්‍රහයන්ගේ බලපෑම් අභිබවා විවාහ සතුට නැති කිරීමට මෙන්ම විවාහ කටයුතු පමා කිරීමට ක්‍රියා කරයි. මීන ලග්න හිමියෙකුට ශනි 7 වැන්නේ වීම සහ හත අධිපති ශනිට පෙනීම විවාහය පිළිබඳ උනන්දුව අඩු කරවන ග්‍රහ බලවේගයක්‌ ලෙස ක්‍රියාත්මක වනු ඇත.

    සෙනසුරු හත්වැන්නේ උච්ඡ, නීච, සතුරු හෝ මිතුරු ආදී වශයෙන් පවතින රාශිගත බලය අනුව විපාක දෙනු ඇත. සෙනසුරු 7 වැන්නාව දිග්බල ග්‍රහයෙකු බැවින් උච්ච වූ අවස්‌ථාවන්වලදී 7 වැන්නේ නිවේදන කාරකත්වයට ඉතා අහිතකර බලපෑමක්‌ ඇති කරනු යෑයි සිතිය නොහැක.

    මේෂ ලග්නයට 7 වැන්න තුලා රාශියයි. ශනි තුලාවෙහි උච්ච වෙයි. මෙහිදී 7 වැන්නේ වූ ශනිට ගුරුගේ දෘෂ්ටියක්‌ද ඇති වුවහොත් විවාහය කෙරේ. ඉතා ශුභ බලපෑමක්‌ ඇති විය හැක. කටක ලග්නයට වුවද 7 වැන්නේ ශනි ස්‌වක්‌ෂේත්‍ර වන බැවින් ශුභදායක තත්ත්වයක්‌ නිර්මාණය විය හැක.

    ශනි හත්වැන්නේ වීම විවාහයට අශුභ පිහිටීමක්‌ ලෙස බොහෝ දෙනා උපකල්පනය කළද ඒ ඒ ලග්නයට සහ අනෙකුත් ග්‍රහ බල තත්ත්වයන්ද සැලකිල්ලට ගෙන ශුභ අශුභ විපාක තීරණය කළ යුතුය.
     
    • Like
    Reactions: hichchiputha

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    shani abeysekera ge News ekak balanna hithagena awe...:lol::lol:

    Mona horoscope da bn, oluwa kalpana karala weda karapan,,,

    owa harinam, Sajith den janapathi..:lol::lol:
     
    Last edited:

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    kauda yaluwe e

    mewange podi attak nattet na yaluwe 30% wage


    aththak neththe nehe mchn.... mekath vidyawakne,, eththak thiyanwa,, but ada lankawe e sathya abuse karanwa,, e mathama depend wenawa minissu...
    kendarayak balala prashnayak thiyanwa kiwwoth e mathama nahenne nethuwa eken goda enna balanne nehene ada kaale aya,, ekane wela thiyenne mchn...

    mage ayya kenek innawa mchn, a doctor, me langadi kendare beluwa,, u ahuwa ah me lamayata rassawak nethi hinda neda awe?? kisima wibagayak karagaththe nehe neda kiyala?? E ayyage amma e welema putuwen negitala "Mahaththayo mage putha den Consultant Doctor kenek " kiyala aawa enna...

    Onna oya wage wikara ewwo hinda epawenawa bn
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Shani-Perera-8.jpg
     

    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    දැක්ක ගමන් හිතුවෙ ශානි 7 කියල
    කෙල්ලෙක්ගෙ ෆොටෝ ඇති කියල...නොදෝමකින් :angry::dull:


    ඔය කේන්දර පස්සෙ යන්න එපා බං :no:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,372
    16,216
    113
    shaani ehe mehe yana ewa track kara kara inne nathuwa uba rata maru karala goda yanna balapan. Oke idala shani kohe hitiyath sinhalunta hamadama aba sarana thamai.