ඔබේ නිර්මානයේ පසුබිමින් පෙනෙන පේරාදෙනිය සරසවිය මගේ සිතට ලොකු සතුටක් ගෙන ආවා..
සුවහසක් ආදර අන්දරයන් ගැන ඔය සරසවිය අවට ගස් කොලන් වලට තියෙන අත්දැකීම් ජීවමාන මිනිස් වර්ගයාටත් ලබන්න බැරිවූ ඊටත් එහා ගිය එකක්..
ඒ ගොල්ලෝ අවුරුදු ගානක් තිස්සේ හැදෙන්නේ වැඩෙන්නේ... හුස්ම ඉහල පහල ගන්නේ විවිධාකාර වු පෙම්වතුන් මැද්දේ හින්දා..
දෙන්නෙක් හැරෙනකොට ඔය ගස් වැල් වලට කියන්න පුළුවන් කම තියෙනවා මේ දෙන්නා සැබෑ පෙම්වතුන්ද නැත්නම් කාලය හා පොරබදන විහිලුකාරයින්ද කියල...
එම පසුබිමට කදිමට ගැලපෙන සුන්දර ගීතයක් (කවියකට වඩා) ඔබ මෙහි සනිටුහන් කොට ඇති බව නොකියාම බැහැ....
ඔබේ කවීත්වය අන්තර්ගතය හා බැඳී මනා සංයමයකින් ඉදිරිපත් කරන්න ඔබ වග බලා ගන්නා බවක් ඔබේ නිර්මාන හොඳින් පරිශීලනය කරන්නෙකුට වැටහෙන කරුනක්..
පොඩි දෙයක් කියන්න හිතුනා. මල්ලිගේ නිර්මානය සිංහලෙන් ලියවිලා තියෙන හින්දා ඉංග්රීසියෙන් මාතෘකාව යොදනවාට වඩා සිංහලෙන් යෙදුවොත් හෝ අඩුම තරමේ ඉංග්රීසියට අමතරව සිංහල ශීර්ෂ පාඨයක් හෝ යෙදුවොත් තවත් මෙය බලන පාඨක පිරිස බොහෝ වැඩි විය හැකි බවයි මගේ පුද්ගලික මතය...
දිගටම ලියන්න..ඔබට ජය!!