Short Skirts ගැලපෙන්නේ කාටද?

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    Short Skirts ගැලපෙන්නේ කාටද?

    1950 දශකයේ ලන්ඩන් නුවර ජීවත්වුනු මේරි ක්වාන්ට් කියන දක්ෂ විලාසිතා නිර්මාණ ශිල්පිණිය නිර්මාණය කරපු Short Skirt එක ප්‍රචලිත වුනෙත් ඇය ඒ කෙටි ඇඳුම ඇඳගෙන ලන්ඩන් නුවරට අලුත් අත්දැකීමක් එක්කිරීමට එක්කයි.

    ඇගේ සොඳුරු පෙනුමට හරි අගේට කැපුනු Short Skirt එක බොහොම ඉක්මණට එංගලන්තයේ විතරක් නෙවෙයි තදාසන්න යුරෝපානු රටවල්වලද පැතිරිලා ගියා. අද වෙනකොට ලෝකයේ බොහොමයක් රටවල්වල බොහොමයක් කාන්තාවන්ගේ ප්‍රියතම ඇඳුමක් තමයි Short Skirt එක කියන්නේ.

    ඒත් මේ Short Skirt එක ගැලපෙන අය වගේම නොගැලපෙන අයත් ඉන්නවා. සමහරවිට ඔබම දැකලා, ඔබටම හිතිලා ඇති ‘අපෝ මෙයාටනම් මේක ගැලපෙන්නේ නෑ කියලා‘ ඒ වගේම ඔබට සමහර තරුණියන් සහ කාන්තාවන් Short Skirt ඇඳලා ඉන්නවා දැක්කම ‘ෂා මාරයිනේ‘ කියන එක කියවිලා ඇති.

    කොහොම වුනත් Short Skirt එක කියන්නේ කාන්තාවකට බෙහොම පහසු වගේම ලස්සනට අඳින්න පුළුවන් ඇඳුමක්. ඒත් තමන්ගේ ශරීරයේ හැඩ හුරුකම් අනුව Short Skirt එක ගැලපෙනවද කියන එක වගේම ගැලපෙන්නේ මොන වගේ Short Skirt එකක්ද කියන එකත් ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක්.

    සාමාන්‍යය පිළිගැනීම තමයි ටිකක් උසින් වැඩි කාන්තාවන්ට Short Skirt එක ලස්සනයි කියලා. ඒ කතාවේ ඇත්තක් තියනවා කියලා ඔබ අත්විඳලා ඇති. ඒ වගේම උරහිස් ටිකක් පළල් සහ උකුළ පළලින් අඩු කාන්තාවන්ට වඩාත් ගැලපෙන්නේ දණහිස දක්වා විතර දිග Paired මාදිලියේ Short Skirt එකක්. මොකද සායේ පළල නිසා උකුලේ පළල අඩුබම මැකීයනවා.

    ඒ වගේම උකුළ පළලින් වැඩි, ඇඟේ හැඩය හොඳින් පවතින කාන්තාවන්ට ටිකක් හිරට අඳින්න පුළුවන් Short Skirt එකක් වඩාත් ගැලපෙනවා. උසින් වැඩි සහ උකුළ සාමාන්‍ය පළලකින් සහ උදරය දෙපස පළල් කාන්තාවන්ට High-waist Short Skirts ඉතා හොඳින් ගැලපෙනවා. ඒ Short Skirt එකේ සාක්කු එහෙම තියන එකක්නම් තවත් ලස්සනයි.

    කාන්තාවකගේ ශරීරයේ හැඩක වැලි හෝරාමානයක හැඩය ගන්නවනම් වඩාත් උචිත වෙන්නේ ශරීරයට ටිකක් හිර කලවා මැද දක්වා දිග Short Skirt ඒකක්. උසින් වැඩි සහ පෘෂ්ටිමත් දෙපා ඇති කාන්තාවකට හිරට අඳින සහ ලිහිල් Short Skirts දෙවර්ගයම ගැලපෙනවා. ඩෙනිම් Short Skirt එකක් වුනත් මේ වගේ ශරීර තියන අයට ලස්සනයි. විශේෂයෙන්ම දෙපා හොඳ හැඩයකට තිබෙනවනම් බොහොම ආකර්ශණීයයි.

    ඒ නිසා ඔබ දන්නවා දැන් Short Skirt එකක් වුනත් අඳින විදිහ සහ ශරීරයට ගැලපෙන විදිහට ඇඳීමෙන් බොහොම ආකර්ශණීය පෙනුමක් ලැබෙනවා කියලා. Short Skirt අඳින කාන්තාවන්ගේ ශරීරයට එක් පැත්තකින් මනා හැඩයක් වගේම පහසුවක් ලැබෙන නිසා මේ කියපු කාරණා බොහොම වැදගත් වේවි.

    මූලාශ්‍රය - https://www.her.lk/life-style/622-short-skirts