Short Sleep, REM sleep ???

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අන්තර් ජන්ජාලය සැරි සරද්දි හම්බුන වැදගත් ඉන්ෆොග්‍රාෆ් එකක්. ඒක සිංහලෙන් විස්තර කරලා බෙදා ගන්න හිතුනා.

    nap.png

    මේ ගැන මම සරලව විස්තර කරන්නම්.

    අපි නිදාගෙන ඉන්නැද්දී ගොඩාක් දේවල් අපේ ශරීරයේ සිදු වෙනවා. අපේ නින්ද කොටස් 2ක බෙදෙනවා. ඒ REM සහ non-REM නින්ද කියලා.
    REM කියන්නේ ක්ෂණික ඇස් චලනයන්(rapid eye movement). REM නිදි අවදියේදී අපේ ඇස් ක්ෂණිකව එහේ මෙහේ චලනය වෙනවා. ඒක සාමාන්‍ය නින්දේ දී දක්නට ලැබෙන්නේ නෑ. මුලුන්ම සාමන්‍ය නින්ද අප වෙත ලගා වෙනවා. ඊට පස්සේ කෙටි වෙලාවකට REM නින්ද පැමිණෙනවා. ඔය හීන පේන්නේ මේ REM නිදි චක්‍රයේදී.

    මොකද වෙන්නේ මේ සාමාන්‍ය නිදි අවස්තාවේදී?

    මෙතනදී අපේ නින්ද අවස්තා තුනකට අනූව සිදු වෙනවා.
    Stage 1: අපේ ඇස් පිය වෙලා තියෙන්නේ, නමුත් අපිව ඇහැරීමේ අවස්තාව වැඩී. මේ අවදිය විනාඩි 5-10 අතර කාලයක් පවතිනවා.
    Stage 2: දැන් අපි ඉන්නේ ටිකක් සැප පහසු මද නින්දේ. අපේ හදවත් ස්පන්දන වේගය අඩු වෙලා, ශරීර උෂ්ණත්වයත් ටිකක් අඩු වෙලා යනවා. ටික ටික අපේ ශරීරය දිග නින්දට ලෑස්ති කරනවා.
    Stages 3: දැන් අපි ඉන්නේ දිග නින්දේ. ශරීරයට හරිම සනීපයි. ඒ නිසා කවුරුත් කතා කලාට නැගිට්ටවෙන්නේත් නෑ. හැබැයි නැගිට්ට උනොත් ටික වෙලාවක් යනකන් එලොව මෙලොව සිහියක් නැතුව ඉන්නවා වගේ අවස්තාවක් ටික වෙලාවක් යනකන් අපි ගත කරනවා.

    මේ ගැඹුරු/තද නිදි අවස්තාවේදී අපේ ශරීරයේ ශරීර පටක ප්‍රකෘතිමත් කරනවා, අලුතින් නිශ්පාදනය වෙනවා, මස්පිඩු අස්ථි ශක්තිමත් වෙනවා. ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කරනවා.
    කෙසේනමුත් අපි වයසට යන්න යන්න අපිට මේ තද නින්ද ලබා ගැනීමේ අවස්තාව අඩු වෙනවා. හරි හැටි නින්දක් නොලැබීමට වයසටයාමත් ප්‍රශ්නයක් වෙනවා. පරීක්ෂණ වාර්තා වලට අනූව හැකි තරම් හොද නින්දක් අපගේ තරුණ කාලයේදී ලබා ගන්න කියලා අනුමත කරනවා.

    මොකක්ද මේ REM අවදිය?

    සාමාන්‍යයෙන් REM නින්ද අපි නිදාගෙන විනාඩි 90ක් පමණ ගත වූ පසු ළගාවෙනවා. මෙහිදී පළමු රෙම් චක්‍රය විනාඩි 10ක් පමණ කාලයක් පවතිනවා. ඊට පසු එන හැම චක්‍රයක්ම ටික ටික කාලය වැඩි වෙමින් ගතවෙනවා. අන්ත්ම REM චක්‍රය පැයක පමණ කාලයක් පැවතීමට පුලුවන්. මෙහිදී අපේ හදවත් ස්පන්දන රිද්මය හා හුස්ම ගැනීමේ රිද්මය ටිකක් ඉක්මන් වෙනවා.

    අපිට තද/හොද/දරුණු හීන පේන්න ගන්නේ මේ අවස්තාවේදී. ඒ අපේ මනස ක්‍රියාකාරී අවදියක පවතින නිසා. කුඩා ළමුන් එයාලාගේ නින්දෙන් 50% පමණ කාලයක් මේ REM අවදියේ පසු වෙනවා ඒක වැඩිහිටියන්ගේ නම් 20% වගේ.


    ඔන්න ඊලග පාර බස් එකේ, කෝච්ච්යේ, කම්මැලි පාටි වලදී නින්දක් දානවානම් REM නින්දක් දාගන්න බලන්න. ශරීර සෞඛ්‍යටත් හොදයි. ;)

    Grogginess = නින්දෙන් එන මත් ගතිය.

    REM Article = http://www.webmd.com/sleep-disorders/guide/sleep-101


    thanks14.gif

    රෙප්, බම්ප්, තැන්ක්ස් බාරගනු ලැබේ.
     
    Last edited: