Shotokan Karate 🥋

Boole

Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    jorge.jpg
    oya master kenekta mu wage ekek ekka gahaganna puluwanda ? winadiyawath yanna kalin marladma dai ban
     
    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    mama district champion gahala inne ban

    karumeta atha panna natnam itin black belt gahala :(

    Machan mata me thread1 adagena yanna support1 diyanko
    Umba shotokan gana danna ewath me thread1 danna
    Umbala wage prawinayangen apita igena ganna godak dewal thiyenawa
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    na ban

    mama hichchi eka nisa ehema... :(

    mannam hithanne uba athal ekak ganne ban hamotama chootiyi kiyala

    mannam hithanne uba 6.4 *yiyath 8-9inch dial ekak kiyala

    uba apita athala denna enawa neda

    uba coment balala hinawenwa athi munge kayiwaru kiyla neh ?:P
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    Dan umba mokakda kiyanna hadanne? :confused:
    uba oya kiyna masterlata mu wage ekek ekka cage ekaka dammoth gu gihin marenne. experience kiyanne thiyennama one ekak. kochchara technic thibbath real fight ekaka use karanna practically puuwan pramanasayk thiynewa. masvidal wage ekek real fight 50k withara experince thiyeddi oya karate masterla kiyna nikan demo witharak dena unta harennwath bahe

    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    uba oya kiyna masterlata mu wage ekek ekka cage ekaka dammoth gu gihin marenne. experience kiyanne thiyennama one ekak. kochchara technic thibbath real fight ekaka use karanna practically puuwan pramanasayk thiynewa. masvidal wage ekek real fight 50k withara experince thiyeddi oya karate masterla kiyna nikan demo witharak dena unta harennwath bahe

    dan mama me thread1 dapu eke aramuna karate anith marshal arts walata wada hondai kiyanna kiyalada umba hithan inne? :P

    mata moko ban karate master la gu gihin bari nan kohoma malath. :P

    thread1 dapu hethuwa ayeth kiyawala balapan therune nattan :angry:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    dan mama me thread1 dapu eke aramuna karate anith marshal arts walata wada hondai kiyanna kiyalada umba hithan inne? :P

    mata moko ban karate master la gu gihin bari nan kohoma malath. :P

    thread1 dapu hethuwa ayeth kiyawala balapan therune nattan :angry:
    Tharaha giya neda ? :P
    eka style ekakata karnawata wada MMA karana eka hodai kiyla kiwwe
     
    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    Tharaha giya neda ? :P
    eka style ekakata karnawata wada MMA karana eka hodai kiyla kiwwe

    mata mokatada ban tharaha yanne?
    umbane walige pagan inne.
    mama me thread1 damme gedara indan igena ganna puluwan lesima marshal art1 shotokan kiyanna misak loke tiyena hondama eka shotokan kiyanna neme
    Marshalart1 igena ganna amarui & sankiranai kiyanne eka lesiyen igena ganna puluwan sarala shots tiyena ekakata wada hondai kiyana eka one gonekuta therenawane
    umbe oya MMA karaya gu gihin marenne krav maga master karapu ekekgen kawoth. ekata hethuwa krav maga kiyanne sport1 neme nisa
    hondai kiyana okkoma marshal art gedara indan thaniyen purudu wenna puluwan ewa nemei.
    e hinda mukuthma danne nathi ekekta igena ganna lesima karate kiyannai mama me thread1 damme
    eka umbalata therum ganna bari nan ithin mata karanna deyak na
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,842
    35,728
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ithin mona hari dapanko ban

    හරි බන්,

    මෙන්න අපිට ඒ කාලෙ මාස්ටර් කියල දීපු ට්‍රික් එකක්

    පන්ච් කරද්දි උබ දන්නවනෙ අත මිට මොලවන විදිය සහ පන්ච් එක ඉන ගාව ඉදල ටාගට් එකට යද්දි තියෙන්න ඕන විදිය
    ඒ කියන්නෙ ප්‍රදාන නක්ල්ස් දෙක තමය් ගොඩක් යූස් වෙන්නෙ ඒ වගෙම ස්ට්‍රොන්ග් වෙන්නත් ඕන..
    ඩිප්ස් ගහද්දිත් එහෙමනෙ...
    නකල්ස් හදා ගන්න පොඩි පන්චින් බැග් එකක් හදන හැටි කියන්නම්

    ගොයම් කපන කාලෙට වෙලෙ ඉතුරු වෙන්නෙ මචන් අර ගොයම් ගස්
    ඒවන්ගෙන් ලොකු මිටියක් හදා ගන්න ඒක ලනු වලින් වෙලා ගන්න (ලන්කාවෙ හොද ලනු ගන්න )
    ඒක කනුවක සෙට් කරන්න මම නම් ගත්තෙ කිතුල් ලැල්ලක් ලොකු
    ඒක පොලවෙ හිටවන්න තද කරන්න එපා පස්
    වල ගැබුරට කපන්න එක පන්ච් එකක් කරාම කනුව පස්සට යන්න තියෙන්න ඕන
    ඉස්සෙල්ල හිමින් හිමින් පට ගන්න හය්යෙන් පන්ච් කරන්න එපා
    හැමදාම ප්‍රැක්ටිස් කරන්න මාසයක් දෙකක් යද්දි නකල්ස් හැදෙනව
    වටේ කලු වෙනව රෆ් වෙනව ගනන් ගන්න එපා

    ඩිප්ස් ගහද්දි බ්‍රෙකින් කරද්දි කිසි ගේමක් නැ

    හොදට ප්‍රැක්ටිස් කරපන් වලි වලට යන්න එපා
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,478
    16,701

    man hithuwe wali walin thama hadanne kiyala. thawa wisthara danna machan :D

    me thread1 hondama marshal art1 mokakda kiyala argue karagena guti kela ganna mattamata wateida danne na :baffled:
     
    Last edited:

    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    හරි බන්,

    මෙන්න අපිට ඒ කාලෙ මාස්ටර් කියල දීපු ට්‍රික් එකක්

    පන්ච් කරද්දි උබ දන්නවනෙ අත මිට මොලවන විදිය සහ පන්ච් එක ඉන ගාව ඉදල ටාගට් එකට යද්දි තියෙන්න ඕන විදිය
    ඒ කියන්නෙ ප්‍රදාන නක්ල්ස් දෙක තමය් ගොඩක් යූස් වෙන්නෙ ඒ වගෙම ස්ට්‍රොන්ග් වෙන්නත් ඕන..
    ඩිප්ස් ගහද්දිත් එහෙමනෙ...
    නකල්ස් හදා ගන්න පොඩි පන්චින් බැග් එකක් හදන හැටි කියන්නම්

    ගොයම් කපන කාලෙට වෙලෙ ඉතුරු වෙන්නෙ මචන් අර ගොයම් ගස්
    ඒවන්ගෙන් ලොකු මිටියක් හදා ගන්න ඒක ලනු වලින් වෙලා ගන්න (ලන්කාවෙ හොද ලනු ගන්න )
    ඒක කනුවක සෙට් කරන්න මම නම් ගත්තෙ කිතුල් ලැල්ලක් ලොකු
    ඒක පොලවෙ හිටවන්න තද කරන්න එපා පස්
    වල ගැබුරට කපන්න එක පන්ච් එකක් කරාම කනුව පස්සට යන්න තියෙන්න ඕන
    ඉස්සෙල්ල හිමින් හිමින් පට ගන්න හය්යෙන් පන්ච් කරන්න එපා
    හැමදාම ප්‍රැක්ටිස් කරන්න මාසයක් දෙකක් යද්දි නකල්ස් හැදෙනව
    වටේ කලු වෙනව රෆ් වෙනව ගනන් ගන්න එපා

    ඩිප්ස් ගහද්දි බ්‍රෙකින් කරද්දි කිසි ගේමක් නැ

    හොදට ප්‍රැක්ටිස් කරපන් වලි වලට යන්න එපා

    hamotama goyan nane hoya ganna :rolleyes:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    mata mokatada ban tharaha yanne?
    umbane walige pagan inne.
    mama me thread1 damme gedara indan igena ganna puluwan lesima marshal art1 shotokan kiyanna misak loke tiyena hondama eka shotokan kiyanna neme
    Marshalart1 igena ganna amarui & sankiranai kiyanne eka lesiyen igena ganna puluwan sarala shots tiyena ekakata wada hondai kiyana eka one gonekuta therenawane
    umbe oya MMA karaya gu gihin marenne krav maga master karapu ekekgen kawoth. ekata hethuwa krav maga kiyanne sport1 neme nisa
    hondai kiyana okkoma marshal art gedara indan thaniyen purudu wenna puluwan ewa nemei.
    e hinda mukuthma danne nathi ekekta igena ganna lesima karate kiyannai mama me thread1 damme
    eka umbalata therum ganna bari nan ithin mata karanna deyak na

    karva marga karapu ekekda MMA fighter kenektada aththa fights wala wadima experince thiyenne ?
     
    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art.
    · September 24, 2013 ·

    ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා අවක්ඥාවෙන් බලන "ශෝටෝකාන් කරාතේ"

    ජපානයේ ඔකිනාවා දූපත්වලින් බිහි වූ මාරාන්තික සටන් ක්‍රමයක් වන කරාතේ හි අර්ථය "හිස් අත" යන්නයි. සටනකදී ආයුධවලින් සන්නද්ධ පුද්ගලයකුව පවා කිසිඳු ආයුධයක්‌ භාවිතා නොකර බිම හෙලීම එවක කරාතේ සටන්කරුවකුට එතරම් අපහසු කාර්යයක් නොවීය. ඊට හේතුව නිරායුධ කරාතේ සටන්කරුවකු සිය ශරීරයම ආයුධයක්‌ ලෙස සකසා ගෙන තිබීමයි.

    එවක ජපානයේ පැවති යුධකාමී වාතාවරණය තුරන් වීමත් සමඟම ඔකිනාවා දූපත් වැසියන් අතර පැවති මෙම සටන් ක්‍රමයේ භාවිතය අවම විය. මේ හේතුවෙන් කරාතේ සටන් ක්‍රමයේ අනාගතය රඳවා ගැනීම උදෙසා "ගීචින් ෆුනාකෝෂි" නම් ජේෂ්ට කරාතේ ගුරුතුමා කරාතේ ක්‍රීඩාවක් ලෙස ලොවට හඳුන්වා දෙන ලදී. එම කරාතේ ක්‍රමය හැඳින්වූයේ "ශෝටෝකාන් කරාතේ" ලෙසයි.

    ශෝටෝකාන් හි ඇරඹුමට පෙර ඔකිනාවා හි නවක සිසුවකු කරාතේ සටන් කලාවට ඇතුලත් කරගැනීම බොහෝ දුරට ශාඕලින් ආරාමයට නවකයෙක් භික්ෂුවක් ලෙස බඳවාගැනීම හා සමාන විය. කොටින්ම කිවහොත් එදා කරාතේ හැදෑරීමට පැමිණෙන නවකයාට සිය ගුරුතුමා අත සේදූ ඉඳුල් වතුර පාරවල් කෑමට පවා සිදු විය. එවන් ඉවසීමක් ඇති විනීත සිසුවකුට පමණක් කරාතේ ඉගැන්වීම සිදු කරන ලද්දේ වැරදි පුද්ගලයකු මෙම මාරාන්තික සටන් ක්‍රමය උගත හොත් එයින් වන හානිය ගැන එවක කරාතේ ගුරුවරු හොඳින් දැනසිටි නිසාය.

    ෆුනාකෝෂිතුමාද මෙය හොඳින් වටහා ගෙන සිටි අයෙකි. එහෙත් වැළලෙමින් පැවති කරාතේ සුරැකීමටද අවැසි වූ නිසා මෙතුමා සාම්ප්‍රදායික කරාතේ හි පැවති දරුණු සටන් ශිල්පීය ක්‍රම, මරුනිල හා වෙද නිල ඉවත්කර ආත්මාරක්ෂාවට හා ක්‍රීඩාවට පමණක් සුදුසු වන අන්දමින් ශෝටෝකාන් සටන් ක්‍රමය සකසනු ලබයි.

    එය එසේවුවත් ලෝකයේ පවතින ඕනෑම සටන් ක්‍රමයකට නොදෙවැනි සටන් ක්‍රමයක් ලෙස ශෝටෝකාන් කරාතේ ක්‍රමය හැඳින්විය හැකිය. එනමුත් ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා ශෝටෝකාන් කරාතේ දෙස අවක්ඥාවෙන් බලන්නේ එය ඉතා දුර්වල සටන් ක්‍රමයක් යැයි සිතාය. සැබවින්ම ඊට සාධාරණ හේතූන්ද ඇත.

    ශ්‍රී ලංකාවේ ශෝටෝකාන් කරාතේහි ආරම්භය පවා මුලාවකි. ශ්‍රී ලංකාව තුල ශෝටෝකාන් කරාතේ ක්‍රීඩාව හුදු ලකුණු ලබාගැනීම අරඹයා පමණක් සිදු වූවත් අන්තර්ජාතික මට්ටමේ ප්‍රමිතිය එය නොවේ. එමෙන්ම අප රටේ බොහෝ ශෝටෝකාන් කරාතේ සංගම් තරම් දූෂිත සටන් සංගම් තවත් නොතිබිය හැකිය. ශ්‍රී ලංකාවේ ශූරතාවලියකදී සැ‍බෑ දක්ෂයාට තැනක් නැත. ඒ වෙනුවට වෙනත් පුද්ගලික සම්බන්ධතා හා මුදල් ඔස්සේ දිවයන අපේ කරාතේ ක්‍රීඩාව තුල ශෝටෝකාන් කරාතේ සටන්කරුවන් තුල පවා ඇත්තේ බලවත් පිළිකුලකි. එමෙන්ම බොහෝ කාලයක් ශ්‍රී ලංකාවේ කරාතේවල ආධිපත්‍යයක් පතුරුවාගැනීමට ඇතැම් සිංහයන් සමත් විය. එම කාලය තුලදී ශ්‍රී ලංකාවේ ශෝටෝකාන් කරාතේහි පමණක් නොව සමස්ත කරාතේ හි පවා මහත් පරිහානියක් ඇති විය.

    ලීවේරා ශෝටෝකාන් ආරම්භය පිළිනොගත්, සිංහයන් සමඟ නොපෑහුණු බොහෝ ශෝටෝකාන් කරාතේ ලෝලීන් විදෙස් රටවලට ගොස් නිසි ශිල්පය ඉගෙන ගෙන අවුත් නිසි ප්‍රමිතියකින් යුතුව ශෝටෝකාන් කරාතේ ක්‍රමය ශ්‍රී ලංකාව තුල ව්‍යාප්ත කරවීම මඳ සතුටකට හේතු වුවද, එය මහා මුහුදට පිරිසිදු ජලය බඳුනක් එක් කිරීමක් වැනිය.

    ශ්‍රී ලංකාවේ ශෝටෝකාන් කරාතේ හා සැබෑ ශෝටෝකාන් කරාතේ යනු දෙකක් ලෙස හැඳින්විය යුතුය. මන්ද ශ්‍රී ලංකාවේ ශෝටෝකාන් කරාතේ තුල දැකිය හැක්කේ හුදු බට්ටන් පැනීමක් පමණි. සැබෑ සටනකදී ශ්‍රී ලාංකික මහා ශෝටෝකාන් ශූර කළුපටිදාරීන් පොලෝ තලය සිපගන්නේද මේ නිසාය. පසුගිය දිනවල දිනමිණ "ගුස්ති" තීරුවේ "අම්බානෙකට ගුටිකන කලුපටිකාරයෝ" යන ලිපිය පලකල තැනැත්තාටද සිය ජීවිත කාලය මුළුල්ලේම හමු වී ඇත්තේ මෙවන් පුද්ගලයන්ය.

    එනමුත් සැබෑ ශෝටෝකාන් කරාතේ සටන් ක්‍රමය තුල ස්වරූපය මීට හාත්පසින්ම වෙනස්ය. ශෝටෝකාන් යන්නෙහි තේරුම වන්නේ "මහා දේවදාර වෘක්ෂය" යන්නයි. සැබවින්ම සැබෑ ශෝටෝකාන් කරාතේකරුවා මහා දේවදාර වෘක්ෂයක් සේ ශක්තිමත්ය. ප්‍රතාපවත්ය. ඒ ගැන වචනවලින් විස්තර කරලීමට වඩා මේ ඇසිදිසිය නැරඹීම උචිතය>>>http://www.youtube.com/watch?v=I_zmL6BRCOA

    වර්තමානයේ ලොව සීග්‍රයෙන්ම ජනප්‍රිය වන සටන් ක්‍රීඩාව වන්නේ "එම්.එම්.ඒ. (M.M.A.- Mixed Martial Arts ) නොහොත් මිශ්‍ර සටන් කලා වේ." එහිදී පවා ශෝටෝකාන් කරාතේ ක්‍රමය ප්‍රබල ලෙස භාවිතා කළහැකි බව සුප්‍රසිද්ධ එම්.එම්.ඒ. සටන් ශූර "ලියෝටෝ මචීඩා" මුළු ලොවටම ඔප්පු කර පෙන්වන ලදී.

    මෙයද නරඹන්න >>> http://www.youtube.com/watch?v=G35cKnVJv4s

    Sifu Marthos වන මා මෙම ලිපිය ලිවීමට උත්සුක වූයේ වැරදි දෘෂ්ටි මත එල්බුනු පිරිස් විසින් මෙම උත්තරීතර වූ ශෝටෝකාන් කරාතේ ක්‍රමය විවේචනය කරමින් සිටින නිසාය. අවසන මා හට කීමට ඇත්තේ ලොව පවතින කිනම් වූ සටන් ක්‍රමයක් හෝ විවේචනය කිරීම සටන් කළා ශිල්පියකුට නුසුදුසු බවයි. එමෙන්ම අය ඉතාමත් අමනෝඥ ක්‍රියාවක් බවයි!

    ~ යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art.