මගෙ දනිස්ස dislocate උනා 2022 අප්‍රේල් 9 ලිස්සල වැටිලා ඊට පස්සෙ සිංහල/ආයුර්වේද වෙදකම් තමා කරේ ඊටපස්සෙ අව්ලක් තිබ්බෙ නෑ හැබැයි නැත්තෙමත් නෑ සැරෙන් සැරේ පනින්න යනවා යනවා වගේ ඒවා තිබ්බා, 2024 ඔක්තෝබර් 25 ආයෙ පැන්නා පැන්න විදිහ හිතාගන්න බෑ ඉබේම උනේ කාමරෙන් එලියට එද්දි ඊටපස්සෙ රාගම මෙල්ස්ටා එකේ ඇඩ්මිට් වෙන්න ගියා දනිස්ස හිල් කරලා පිරිලා තිබ්බ joint fluid අයින් කරා එදාම නැගිටින්න පුලුවන් කම තිබ්බා,නොවැම්බර් 1 වෙනිදා තනියම බස් එකේ නැගලා ගෙදරත් ආවා, doctorsලා කීවෙම කැමති නම් විතරක් ඔපරේශන් කරගන්න කියලා කරන්නම කීවේ නෑ, psychotherapy කරන්න කීවා(තාම කරනවා). එහෙම කර කර ඉන්නකන් හොදයි නොකර හිටියොත් පොඩි ඉගියක් හරි දැනෙනවා,
පැන්නම වෙන්නෙ ඉතින් ligaments ඇදෙන හෝ කැඩෙන එක මගෙ නම් ඇදිලා තියෙන්නෙ සමහරුන්ගෙ ඉතින් මහන්න පුලුවන් සමහරුන්ගෙ වෙන තැනකින් කපලා අරන් බද්ද කරන්න වෙනවා මට නම් කීවා ඔපරේශන් එක කරනවා නම් මාසයක් ඇදේ ඉන්නත් මාස දෙකක් psycho කරන්න බලාගෙන ඔපරේශන් කරන්න කියලා